BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

T

The Leader

September 22, 2023 • 2:27 AM

පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31 දෙනකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියෝගයෙන් හදිසියේ මාරු කර යැවීම සහ එහි
  •  සහරාන්ට ඉහළින් අනිවාර්යයෙන්ම මහ මොළ කාරයෙක් හිටියා.
  • සාරා ජස්මින් පිළිබඳවත් වහාම විමර්ශනයක් පවත්වන්න ඕන.    ගෝඨාභය 18 ජනාධිපති වෙනවා.
  • නොවැම්බර් 22 අගමැති පත් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලධාරීන් 700 දෙනකුට පිටරට ගමන් තහනම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කරුණක් හෙයින් ඒ ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය ප්‍රහාරයේ සත්‍ය සොයන දේශීය යාන්ත්‍රණය දූෂිත හෙයින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධානියාවූ මොහොමඩ් සහරාන් නමැත්තා වැඩියෙන්ම ඇසුරු කර ඇත්තේ බුද්ධි අංශ නිලධාරියකු බවත් ජාතික ආරක්ෂාවට ගැටලුවක් හෙයින් මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න නොකරන ලෙස ඉහළ බලධාරීන් දන්වා තිබීම ගැනද විමර්ශනයක් කළ යුතු බවත් විපක්ෂනායකවරයා කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේදීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.

මේ සිද්ධියේ සත්‍ය හෙළි කර ගැනීම අපගේ අරමුණයි. චැනල් ෆෝ කියන්න අවශ්‍ය නැහැ. අපි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන අවධානයෙන් සිටියා. සමහරුනම් නිදාගෙන ඇති. නයින් ලෙවන් ප්‍රහාරය ගැන වාර්තා ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව මේ රටේ විපක්ෂ නායකට ගන්න බෑ. සත්‍යය යථාර්ථය හංගන්නේ ඇයි. කොමිෂන් සභා වාර්තා නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා. මේ උත්සාහය මඩ ගහන්න නොවේ. සත්‍ය සොයන්න.

 

සත්‍ය තවම හෙළිදරව් වී නැහැ. බුද්ධි අංශ නිලධාරියෙක් තමයි සහරාන් එක්ක වැඩිපුරම ගනුදෙනු කරලා තියෙන්නේ. ජාතික ආරක්ෂාවට බලපාන නිසා මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා සමහරුන් කියලා තිබුණා. මේ කාරණය ගැන විමර්ශන කළ යුතුයි. එස්අයි එස් නිලධාරියකු මේ ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය භාර ගන්නෙ නැත්තෙ ඇයි කියල අහල තියෙනවා. ඔහුට මෙහෙම අහන්න තියෙන අයිතිය කුමක්ද. සොනික් සොනික් ප්‍රශ්නයත් වහාම විමර්ශනය කළ යුතුයි. ඇත්ත හෙළිදරව් වෙන්න ඕන. ජමීල් ටාජ් සමුද්‍ර  බෝම්බය පුපුරවා ගන්න කලින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඔහුගේ ගෙදරට ගියේ ඇයි. මේ ගැනත් විමර්ශන කළ යුතුයි. මේ ප්‍රහාරය ඉක්මන් කරන්න කියලා සහරාන්ට ඉහළින් පණිවිඩ ආවා. කවුද අබුහින් කියන්නේ.  සහරාන්ට ඉහළින් අනිවාර්යයෙන්ම මහ මොළ කාරයෙක් හිටියා. ඒ අබුහින්. ඔහු කවුද කියලා හොයන්න විමර්ශනයක් අවශ්‍යයි. සාරා ජස්මින් පිළිබඳවත් වහාම විමර්ශනයක් පවත්වන්න ඕන. 

 

ගෝඨාභය 18 ජනාධිපති වෙනවා. නොවැම්බර් 22 අගමැති පත් කරනවා. ඒ ඔක්කොටම කලින් ශානි අබේසේකර මාරු කරල යවනවා. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වපු 31 දෙනකු ගෝඨාභයගේ නියෝග මත මාරු කර යැව්වා. රහස් පොලිසියේ නිලධාරීන් හත්සියයකට පිටරට යෑම තහනම් කළා.(මාරු කළ  නිලධාරි ලැයිස්තුව කියවයි) මේක බරපතළ සැකයට තුඩුදෙන කාරණයක්. මේ ගැනත් සොයා බලන්න ඕන. අප්‍රේල් 4  ගැලනිගම පිවිසුමට ලොරියක් එනවා. පිටිපස්සෙන් වී එයිට් එකක් එනවා. පස්සෙං තවත් වාහනයක් එනවා. බස්නාහිර ඩීඅයිජී  කෙනෙක් කියනවා මේ ලොරිය නිදහස් කරන්න කියලා. මේ ගැනත් විමර්ශන කළ යුතුයි. නීතිපතිතුමා මේ ගැන කතා කරනකොට බුද්ධි අංශයත් එනවලු. ඒ ගැනත් සොයන්න.

තිත්ත වුණත් ඇත්ත දැනගන්න ඕන.

මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් ඒ ප්‍රහාරය දැන ගෙන හිටියා කියලා මෙතන මන්ත්‍රීවරයෙක් කිව්වා. කාදිනල් හිමියන්ට ආරක්ෂාව දුන්නේ කවදාද. රදගුරු හිමියන්ට මඩ ගහන්න එපා. ශානි අබේසේකර අවංක පොලිස් නිලධාරියා දඩයම් කරන්නේ ඇයි. ඒ දඩයම පටන් ගත්තෙ ගෝඨාභය. පාස්කු ඉරුදින ප්‍රහාරයට කවුරුත් වගකියන්න ඕන. අපිත් වගකියන්න ඕන. සත්‍ය සෙවීමට අදූෂිත යාන්ත්‍රණයක් අවශ්‍යයි. දේශීය යාන්ත්‍රණය දුෂිතයි. ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ මේ නිසයි. එහෙම නොකළොත් අපේ රජයක් යටතේ ඇත්ත සොයනවා. අපි ඒ යුතුකම කරනවා. ප්‍රතිඥාව දෙනවා.




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...