BREAKING
Top Ad
ආරක්ෂක

සාරා ජස්මින්ගේ 'කුමන්ත්‍රණයට' පැටලු නිසා තැඹිලි කපන ‍රස්සාවට ඇද වැටුණු පොලිසියේ අබුබකර්!

T

The Leader

September 23, 2023 • 7:32 AM

 සාරා ජස්මින්ගේ 'කුමන්ත්‍රණයට' පැටලු නිසා තැඹිලි කපන ‍රස්සාවට ඇද වැටුණු පොලිසියේ අබුබකර්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහරාන් හසීම්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිස සැඟවී සිටි සයින්දමරුදු හි බොලිවෙරියන් ගමේ පිහිටි නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු සාරා ජසමින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් නමැති අය නගුරු තම්බි අබුබකර්
  • එහිදී අමාතයවරයා වැඩි දුරටත් සඳහන් කළේ, මෙම පොලිස් නිළධාරියා (CI ) නොකළ වරදකට අවුරුදු තුනකට වැඩි කාලයක් තිස්සේ සිරගත කොට තබා කිසිම වරදක් ඔප්පු කිරීමට නොහැකිව දැන් ඇප මත නිදහස ලබා සිටින බවයි.
  •   සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් පසු එහි සාක්‍ෂි වසන් කළ බවට චෝදනා කරමින් ඒ වන විට අක්කරපත්තුව පොලිසියේ ගරාජය භාරව සිටි නිලධාරියා වූ  නාගුරු තම්බි අබුබකර් 2020 ජූලී මාසයේදී අත්අඩංගුවට පත්විය.
  • එහෙත් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවට අදාළ එම ඩබල් කැබ් රථය වසර ගණනාවක් තිස්සේ අලුත්වැඩියා කිරීම සඳහා යොමුකොට තිබු රථයක් බවත් එය එම දිනවලදී ධාවනයට කිසිසේත්ම නොහැකි මට්ටමේ තිබුණු බවත් පසුව සිදුකළ විමර්ශන වලදී හෙළිදරව් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් ඩබල් කැබ් රථයක දමා පැහැරගෙන ගියබව චෝදනා කර තිබුණත් එය අමූලික අසත්‍යයක් බව ඔප්පු වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේදී (ඊයේ) ප්‍රකාශ කළේය.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදිනක් පුරා පැවති පාර්ලිමේන්තුවේ විවාදයේ අවසන් කතාව කරමිනි.

එහිදී අමාතයවරයා වැඩි දුරටත් සඳහන් කළේ, මෙම පොලිස් නිළධාරියා (CI ) නොකළ වරදකට අවුරුදු තුනකට වැඩි කාලයක් තිස්සේ සිරගත කොට තබා කිසිම වරදක් ඔප්පු කිරීමට නොහැකිව දැන් ඇප මත නිදහස ලබා සිටින බවයි.


 එහෙත් වඩාත් අනුවේදනීය කාරණය නම් ඔහු කිසිඳු වරදක් නොකළ බවට මෙතරම් කරුණු ඔප්පු වී තිබියදීත් ඔහුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින්  අධිචෝදනා ගොනුකොට ඇති බැවින් ඔහු යළි සේවයේ පිහිටවීමට නොහැකි වේ ඇති බවත් ඔහු ජීවත් වීම සඳහා හන්දියක තැඹිලි කපන බවත්, අමාත්‍යවරයා  සිය කතාවේදී හෙළිදරව් කළේය.

 
සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් පසු එහි සාක්‍ෂි වසන් කළ බවට චෝදනා කරමින් ඒ වන විට අක්කරපත්තුව පොලිසියේ ගරාජය භාරව සිටි නිලධාරියා වූ  නාගුරු තම්බි අබුබකර් 2020 ජූලී මාසයේදී අත්අඩංගුවට පත්විය. එහෙත් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවට අදාළ එම ඩබල් කැබ් රථය වසර ගණනාවක් තිස්සේ අලුත්වැඩියා කිරීම සඳහා යොමුකොට තිබු රථයක් බවත් එය එම දිනවලදී ධාවනයට කිසිසේත්ම නොහැකි මට්ටමේ තිබුණු බවත් පසුව සිදුකළ විමර්ශන වලදී හෙළිදරව් විය.


 පාස්කු ප්‍රහාරය විමර්ෂණය කිරීමේ කමිටුවක ප්‍රධාන විමර්ෂණ නිළධාරියා වශයෙන් සේවය කොට කලින් විශ්‍රාම ගෙන මේවන විට විදේශ රටක ජීවත් වන අර්ජුන මාහින්කන්ද විසින් සාරා ජස්මින් පලාගිය බව ඔප්පු කිරීම සඳහා මෙම අබුබකර් නමැති නිළධාරියාට එරෙහිව චෝදනා ගොනු කළේය. ඒ 2019 මැයි 02 වැනි දින සහ 2019 ජුනි  07 වැනි දින තෝරාගත් නියැදි වලින් ලබාගත් ජෛව සාම්පල 26 ක් ඔස්සේ සිදුකළ DNA  පරීක්ෂණයෙන් සරා ජස්මින් මියගිය බව ඔප්පු කර ගැනීමට අසමත් වූ පසුවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ පළමු DNA පරීක්ෂණ දෙකම ඉතා දුර්වල මට්ටමින් සිදුකළ බව මහජන ආරක්‍ෂක ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.


නාගුරු තම්බි අබුබකර් 1988 ජනවාරි 18 වැනි දින උප පොලිස් පරීක්‍ෂක වරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇත. පුහුණුවෙන් පසු ත්‍රිකුණාමලය, උප්පුවේලි, යාපනය ඇතුළු ප්‍රදේශ වල සේවය කර ඇති ඔහු 1990 දී අනු ඛණ්ඩයක් භාරගෙන කිලිනොච්චි පොලිස් ස්ථානයේ සේවය කර ඇත. මේ වන විට 59 වැනි වියේ පසුවන ඔහු ජීවත් වීම සඳහා කුලීවැඩ කරමින් තැඹිලි විකුණන බව වාර්තා වේ.

සබැඳි ලිපියක් :
පාස්කු ඉරුදින ප්‍රහාරය :සාරා ජෙස්මින්ගේ DNA ගැන මෙතෙක් නොදැන සිටි කතාව


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...