BREAKING
Top Ad
ආරක්ෂක

සහරාන්ගේ සැලැස්ම නිලන්ත කලින්ම දැනුම් දීලා

T

The Leader

December 8, 2023 • 10:22 AM

සහරාන්ගේ සැලැස්ම නිලන්ත කලින්ම දැනුම් දීලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කර ඉස්ලාමය වෙනුවෙන්
  • ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇමැති ටිරාන් අලස් වෙනුවෙන් පිළිතුරු දෙමිනි.
  • තවද එම වසරේ අප්‍රියෙල් මස 7 වැනිදාතමින් යුතුව බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂවරයා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලිපියක් යවමින් විදේශ බුද්ධි ආයතනයක් වෙතින් ලබා දුන් බුද්ධි තොරතුරක් දන්වා ඒ සම්බන්ධයෙන් උපදෙස් ද පතා ඇති බවත් එහි සඳහන්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්වර්ගයට යෑම සඳහා ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමක් පවතින බවට රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, 2019 වසරේ අප්‍රේල් මස 20 දා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වෙත වට්ස්ඇප් පණිවුඩයකින් දැනුවත් කර ඇතැයි සභානායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 වැනිදා) පැවසීය.

එම මස 21 වැනිදා හෝ ඊට පෙර ඕනෑම වෙලාවක දී එම ප්‍රහාරය එල්ල කිරීමේ සූදානම පවතින බවත් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා එම මස 16 වැනිදා තාලංකුඩාහිදී අත්හදා බැලීමක් කර තිබෙන බවත් එම පණිවුඩයේ සඳහන් වූ බවත් ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇමැති ටිරාන් අලස් වෙනුවෙන් පිළිතුරු දෙමිනි.


එමෙන්ම අප්‍රියෙල් මස 16 වැනිදා තාලංකුඩා යතුරු පැදිය පුපුරවා හැරීම සහරාන්ගේ ජාලයට සම්බන්ධ තැනැත්තන් යම් පිපිරීමක් සිදු කිරීමට පෙර කළ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමක් බවට හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රියෙල් මස 18 වැනිදා පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලිඛිතව දැනුවත් කර තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.


එමෙන්ම එම යතුරුපැදිය පුපුරවා හැරීම සම්බන්ධ වැඩිදුර වාර්තාව සහ සහරාන් ජාලය සමග සම්බන්ධතා පවත්වන විදේශීය දුරකථන අංක සහිතව වැඩිදුර වාර්තාවක් ද බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රියෙල් මස 19 වැනිදා එම නිලධාරීන් දෙදෙනා ලිඛිතව දැනුවත් කර තිබෙන බවත් එම පිළිතුරේ සඳහන් වෙයි.

තවද එම වසරේ අප්‍රියෙල් මස 7 වැනිදාතමින් යුතුව බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂවරයා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලිපියක් යවමින් විදේශ බුද්ධි ආයතනයක් වෙතින් ලබා දුන් බුද්ධි තොරතුරක් දන්වා ඒ සම්බන්ධයෙන් උපදෙස් ද පතා ඇති බවත් එහි සඳහන්ව තිබේ.

මීට අමතරව විදේශ බුද්ධි ආයතනයකින් ලද තොරතුර විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රහාරය පිළිබඳ තොරතුරු අප්‍රියෙල් මස 9 වැනිදාතමින් යුතු ලිපියකින් හිටපු අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.

 


(divaina.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...