BREAKING
Top Ad
ආරක්ෂක

'පොලිසිය හා බුද්ධි අංශ වහාම ස්වාධීන කරන්න'- චම්පික ඉල්ලයි

T

The Leader

April 26, 2024 • 10:47 PM

 'පොලිසිය හා බුද්ධි අංශ වහාම ස්වාධීන කරන්න'- චම්පික ඉල්ලයි   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ මර්ධනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා
  • වර්තමානයේදී රටේ බුද්ධි අංශ, විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම්වලට යටත්ව ඇතැයි කී මන්ත්‍රීවරයා පොලිස් ඇමැතිගේ සහ රජයේ අතකොළු බවට එවැනි ආයතන පත්වීම රටට අහිතකර යැයි පැවසීය.
  • ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද හෙතෙම පවසයි.
  • දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක බවත් මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රිය වන බව කී මන්ත්‍රීවරයා එවැනි තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතු බව සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
අවධාරණය කරයි.

ඒ සඳහා පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කර දේශපාලන බලපෑම්වලින් ඒවා මුදා ගැනීම අත්‍යවශ්‍ය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

වර්තමානයේදී රටේ බුද්ධි අංශ, විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම්වලට යටත්ව ඇතැයි කී මන්ත්‍රීවරයා පොලිස් ඇමැතිගේ සහ රජයේ අතකොළු බවට එවැනි ආයතන පත්වීම රටට අහිතකර යැයි පැවසීය.

ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද හෙතෙම පවසයි.

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක බවත් මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රිය වන බව කී මන්ත්‍රීවරයා එවැනි තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතු බව සඳහන් කළේය.

ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ රටේ අපරාධයක් මර්දනය සඳහා සෘජුව වගකීම් දැරිය යුතු බවත් හිදී ස්වාධීනත්වය වැදගත් බව චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

පාස්කු ප්‍රහාරයට ආරක්ෂක සහ බුද්ධි අංශවල ගැටළු ද සාධකයක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ, ලද තොරතුරු හෙළි නොකිරීම ද ගැටළුවක් බවයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳ ගැටලු රැසක් මතුවන එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...