BREAKING
Top Ad
ආරක්ෂක

'පාස්කු ප්‍රහාරය' සම්බන්ධයෙන් චෝදනා ඇති නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලයි

T

The Leader

October 5, 2024 • 1:00 AM

'පාස්කු ප්‍රහාරය' සම්බන්ධයෙන් චෝදනා ඇති නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පස් වසරකට ඉහත දී එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සියලුම
  • මීට අදාල සාක්කි රැසක් සහිත රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස 2019 ආණ්ඩු මාරුවෙන් පසු සුරේෂ් සලේ නැමැත්තා පත් කරන ලදී.
  • එල්ටීටීඊයෙන් (LTTE) බිඳී ගිය අතුරු සන්නද්ධ කල්ලියක් වන තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල්  (TMVP) හ හිටපු ප්‍රකාශකයා යැයි හදුන්වා ගන්නා හන්සීර් අසාද් මවුලානාගේ ප්‍රකාශය මෙම වාර්තා චිත්‍රපටයේ පදනම වෙයි.
  •  ගෝඨාභය  රාජපක්ෂගේ නියෝගයකට අනුව රාජ්‍ය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂක තුවාන් සුරේෂ් සලේ හරහා මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම සැලසුම් කළ බවට සාක්ෂි ඇති බව වාර්තා චිත්‍රපටයේ වැඩිදුරටත් සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරක්ෂක නිලධාරීන් පිළිබඳව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නැයි 'සමාජය හා සාමයික කේන්ද්‍රය' ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. 

චැනල් ෆෝ නාලිකාවෙන් චෝදනාවට ලක් වූ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ එම තනතුරෙන් පහ කරන ලෙස ද 'සමාජය හා සාමයික කේන්ද්‍රය' ජනාධිපතිවරයාට දැනුම්දී සිටියි.

 "2019 පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට යුක්තිය ඉෂ්‍ට කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග" මැයෙන් ඔක්තෝබර් 4 වැනි සිකුරාදා සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායකට බාර දුන් ලිපියක් මගින් අවධාරණය කර ඇත්තේ පාස්කු  ප්‍රහාරයට අදාල සාක්කි රැසක් සහිත රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ වහාම එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

 

paskuදේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පස් වසරකට ඉහත දී එල්ල වූ පාස්කු ප්‍රහාරය

 පාස්කු ප්‍රහාර විමර්ශන වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා බලයට පත් කිරීමට වෙහෙසුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කිරීමෙන් අනතුරුවත් රාජ්‍ය බුද්ධි ප්‍රධානියා තවමත් තනතුරේ සිටීම ගැන සමාජය හා සාමයික කේන්ද්‍රයේ කනස්සල්ල පලවී ඇත.

 "චැනල් ෆෝ නාලිකාව අසාත් මවුලානා නම් පුද්ගලයකුගේ අනාවරණයක් පාදක කරගෙන වාර්තා කළේ මෙම ප්‍රහාරය පිටුපස සුරේෂ් සලේ නම් පුද්ගයා සිටින බවයි. එසේම ප්‍රහාරයට සහ/හෝ ප්‍රහාරය වල්කවා ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ අසමත්කම ගැන ද චෝදනා එල්ල විය. මීට අදාල සාක්කි රැසක් සහිත රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස 2019 ආණ්ඩු මාරුවෙන් පසු සුරේෂ් සලේ නැමැත්තා පත් කරන ලදී. චැනල් ෆෝ නාලිකාවේ අනාවරණයට ලක්වී සිටින සුරේෂ් සලේ මහතා වහාම මෙම ප්‍රහාරයට අදාල සාක්කි රැසක් සහිත රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය."

 

Raviඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කිරීම

 ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පසු ගිය වසරේ විකාශනය කෙරුණු සිය විමර්ශන වාර්තා චිත්‍රපටයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තව්හීද් ජමාත් (NTJ) විසින් මෙම මාරාන්තික ප්‍රහාර මාලාව එල්ල කළ බවයි. එල්ටීටීඊයෙන් (LTTE) බිඳී ගිය අතුරු සන්නද්ධ කල්ලියක් වන තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල්  (TMVP) හ හිටපු ප්‍රකාශකයා යැයි හදුන්වා ගන්නා හන්සීර් අසාද් මවුලානාගේ ප්‍රකාශය මෙම වාර්තා චිත්‍රපටයේ පදනම වෙයි.

 ගෝඨාභය  රාජපක්ෂගේ නියෝගයකට අනුව රාජ්‍ය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂක තුවාන් සුරේෂ් සලේ හරහා මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම සැලසුම් කළ බවට සාක්ෂි ඇති බව වාර්තා චිත්‍රපටයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

712205b0 4d33 11ee bfb3 2b99ff4eb153.pngහන්සීර් අසාද් මවුලානා

මේජර් ජෙනරාල් සලේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

කෙසේ වෙතත්, මේජර් ජෙනරාල් සලේ විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

 සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාගේ අත්සනින් යුතුව ජනපතිට බාර දුන් එම ලිපි මගින් ප්‍රධාන අංශ හතරක් ඔස්සේ කරුණු ගොනු කර තිබේ. ඒ සත්‍ය හෙළිදරව් කිරීම, හානි පූර්ණය, අපරාධ හා විනය පරීක්ෂණ සහ අදාල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම යන මාතෘකා යටතේය.

 

Sri Lanka commentary 23April19පාස්කු ප්‍රහාරයේ මෙතෙක් සොයාගැනීම්වලට අනුව අදාළ පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින සමාජය හා සාමයික කේන්ද්‍රය

 පාස්කු ප්‍රහාරයේ මෙතෙක් සොයාගැනීම්වලට අනුව අදාළ පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින සමාජය හා සාමයික කේන්ද්‍රය පාස්කු ඉරිදා ප්‍රහාරය නීතිපතිවරයාගේ උපදෙස් මත එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් පොලිසියේ රාජකාරි පැහැර හැරීම ගැන මූලික විමර්ශනයක් කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දුන් නම් ලැයිස්තුවක් ජනාධිපති අනුර කුමාර දිසානායකට සිහිපත් කර දී තිබේ.

 එම ඒකකය මගින් කළ මූලික පරීක්ෂණය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ කේ සී අතුකෝරල, පොලිස් අධිකාරී එල් එම් සංජීව බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරී කේ එම් ආර් එස් බී කුමාරසේන සහ සහකාර පොලිස් අධිකාරී (දැන් පොලිස් අධිකාරී) එච් බී එස් එස් සිසිර කුමාර යන උසස් පොලිස් නිලධාරීන් පිරිස ඇතුළු සියලුම නිලධාරීට අදාලව චෝදනාපත්‍ර නිකුත් කර විනය ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවට නිර්දේශ කර තිබු අතර  ඒ අනුව එම මූලික විමර්ශනය පාදක කරගෙන අදාල විනය පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් සමාජය හා සාමයික කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඔවුන් සිය ලිපිය මගින් තව දුරටත් ඉල්ලා ඇත්තේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර ඇති පොලිසියේ උසස් නිල දරන පහත නම් සදහන් පොලිස් නිලධාරීන්ට මෙන්ම විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇති උසස් නිලධාරින්ට එරෙහිව චෝදනා පත්‍ර නිකුත් කර විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවයි.


"ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල, පොලිස් අධිකාරී බී ඊ අයි ප්‍රසන්න, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් සරත් කුමාරසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර විලේගොඩ ලියනගේ, ඇතුළු නිලධාරීන්ට සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර, පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න."

 

zion church batticaloa 2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක වී තිබුනි.

 දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක වී තිබුනි.

 2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියේය.

 කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල පස් වසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

 

cq5dam.thumbnail.cropped.1500.8442019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියේය.

 සමාජය හා සාමයික කේන්ද්‍රය ඊයේ (04) බාර දුන් ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් සම්බන්ධීකරණ ලේකම්වරයා බාර ගත් අතර එහි පිටපතක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී එහි ලේකම් රවී සෙනවිරත්න විසින් බාර ගන්නා ලද බව සමාජය හා සාමයික කේන්ද්‍රය සදහන් කරයි.


සබැඳි පුවත් :

පාර්ලිමේන්තුවේත්, එළියේත් පාස්කු ප්‍රහාරය ගැන කතාවලට පොලිස් ඇමැති දුන්න උත්තර ඇහුවද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...