BREAKING
Top Ad
ආරක්ෂක

කුඩු සලිඳු - පොඩි ලැසී පැන ගිය පාරේම හරක් කටාත් යන බවට සැක !

T

The Leader

December 28, 2024 • 10:54 PM

කුඩු සලිඳු - පොඩි ලැසී පැන ගිය පාරේම හරක් කටාත් යන බවට සැක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතකදී ඇප ලබා අතුරුදන් වූ කුඩු සලිඳු හා පොඩි ලැසී පැනගිය ආකාරයටම සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාත් ඇප ලබා පැන යාමේ අවදානමක් ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.
  • ඉන්පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන වසර එකහමාරක් පමණ කාලයක් විමර්ශන කළද මෙතෙක් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
  • හරක් කටාට එරෙහිව මෙතෙක් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට 2017දී වැලිගම පොලිස් වසමේදී හරක් කටා සහ මිදිගම ලසන්ත අත්අඩංගුවට ගෙන පැවරූ නඩුව පමණක් බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
  • එහිදී හරක් කටා සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් හතක් සම්බන්ධව නීතිපතිවරයාට යොමුකර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් හරක් කටා සහ කුඩු සලිඳු 2023 මාර්තු 14දා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන එනු ලැබීය. ඉන්පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන වසර එකහමාරක් පමණ කාලයක් විමර්ශන කළද මෙතෙක් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටාට එරෙහිව මෙතෙක් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට 2017දී වැලිගම පොලිස් වසමේදී හරක් කටා සහ මිදිගම ලසන්ත අත්අඩංගුවට ගෙන පැවරූ නඩුව පමණක් බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. එහිදී හරක් කටා සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් හතක් සම්බන්ධව නීතිපතිවරයාට යොමුකර තිබිණි.

මේ අනුව එම නඩුවෙන් ඇප ලබා පැමිණියහොත් හරක් කටාත් රටින් අතුරුදන්වීමේ වැඩි ඉඩක් ඇති බව බුද්ධි අංශ අනතුරු අඟවයි.

දැනට ඇති තොරතුරු අනුව පොඩි ලැසී හා කුඩු සලිඳු දෙදෙනාත්, අධිකරණයෙන් ඇප ලබා නිදහස්ව රටින් පැන ගත් කංජිපානි ඉම්රාන්, රොටුඹ අමිල, කරන්දෙණිය රාජු, කරන්දෙණිය සුද්දා මෙන් රටින් පැන ගොස් ඇතැයි ආරක්ෂක අංශ සැක කරයි.

| aruna


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...