BREAKING
Top Ad
ආරක්ෂක

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ ' මහමොළකරු' හෙළිකරයි !

T

The Leader

April 11, 2025 • 10:28 PM

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ ' මහමොළකරු' හෙළිකරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව සහරාන් හාෂිම් බව පැහැදිලිව නම් කර ඇත.
  • Goodwin විසින් 2020 දෙසැම්බර් 11 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු එෆ්බී.අයි.
  • ආයතනය සිදුකළ මහා පරිමාණ විමර්ශනයක් පදනම් කරගෙන ඉදිරිපත් කරඇත.
  • ඒ තුළ වෝහාරික විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා, සහ අනෙකුත් සාක්ෂි සවිස්තරාත්මකව විග්‍රහ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම දිවුරුම් ප්‍රකාශය, FBI විශේෂ නියෝජිතවරියක වන Merrilee R. Goodwin විසින් 2020 දෙසැම්බර් 11 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු එෆ්බී.අයි. ආයතනය සිදුකළ මහා පරිමාණ විමර්ශනයක් පදනම් කරගෙන ඉදිරිපත් කරඇත.

ඒ තුළ වෝහාරික විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා, සහ අනෙකුත් සාක්ෂි සවිස්තරාත්මකව විග්‍රහ කර ඇත. සුවිශේෂී කාරණය වන්නේ මෙම දිවුරුම් ප්‍රකාශය ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහ  පාස්කු ප්‍රහාරය ගැන කතා කරන සමාජ කණ්ඩායම් වලට මගහැරී ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන පරිදි, සහරාන් හෂිම් ශ්‍රී ලංකාව තුළ ISIS විසින් පිළිගත් ස්ථාන පිහිටුවා ඇත. ඔහු ISIS නායකත්වයට අදාලව අනුමැතියක් ලබාගෙන ක්‍රියාත්මක වී ඇති අතර, බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම, පුහුණු කිරීම, සහ ක්‍රියාත්මක කිරීම සඳහා සෘජුවම මූලික භූමිකාවක් ඉටු කර ඇත.


මෙම ත්‍රස්ත ප්‍රහාර, 2019 අප්‍රේල් 21 වැනිදා, කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගර තුළ පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් හතරක් ඉලක්ක කරමින් සිදු කරන ලදී. මියගිය පිරිස 268 දෙනෙකු වන අතර, ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ද ඒ අතර සිටී. තවත් පුද්ගලයින් 500කට වඩා තුවාල ලැබුහ.

මෙම දිවුරුම් ප්‍රකාශයේ තවත් වැදගත් කාරණයක් වන්නේ, අදාළ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ තුන් දෙනෙකුගේ නම් සපයා තිබීමයි. එනම්, මොහමඩ් නෞෆාර්, මොහමඩ් අන්වර් මොහමඩ් රිසකාන්, සහ ආහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් ය.


ඔවුන්ට මෙම ත්‍රස්තවාදී සංවිධානයකට සහාය ලබාදීම, සහ ත්‍රස්ත පුහුණු ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ලකර ඇත. නෞෆාර්, "දෙවැනි නායකයා" ලෙස සැලකෙමින්, බඳවා ගැනීම්, ප්‍රචාරණය සහ විධිමත් පුහුණු සැසි සංවිධානය කළ බව එෆ්.බී. අයි. පෙන්වා දී ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශයේ විස්තර වලට අනුව, බෝම්බ නිපදවීම සඳහා පුපුරන ද්‍රව්‍ය, යූරියා නයිට්‍රේට්, බැටරි, සහ සාමාන්‍ය ස්විච් යනාදිය භාවිතා කර ඇත. පීඩනය වැඩිකොට හානිය උපරිම කිරීමට බෝම්බ වලට යකඩ කෑලි ඇතුළත් කර තිබේ. ඒ සඳහා අවශ්‍යය උපකරණ භාවිතා කළ ආකාරය ත්‍රස්තවාදීන් රැඳී සිටි ආරක්ෂිත නිවාස  ඇතුළු අනෙකුත් ස්ථාන වලින් ලබාගත් CCTV දර්ශන මගින් තහවුරු කර ඇත.  

වසරක කාලයක් තිස්සේ සිදුකරන ලද වෝහාරික විමර්ෂණයකින් පසු එෆ්.බී.අයි. සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව වෙනුවෙන් මෙම දිවුරුම් ප්‍රකාශය ලබාදී තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු අප්‍රේල් 21ට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පැවති ජනහමුවකදී ප්‍රකාශ කළේය.


ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශය මෙන්න


මුලාශ්‍ර පුවත් :

Exclusive: US Government Declared Mastermind of Easter Sunday Attack

As the Easter Sunday breakthrough deadline approaches, Ravi and Shani face make-or-break situation

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...