BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීම අද හෙටම !

T

The Leader

April 16, 2025 • 3:01 AM

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීම අද හෙටම !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑත ඉතිහාසයේ එල්ල වූ බිහිසුණුම සමූහ ඝාතනයක් වූ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කිහිප දෙනෙකු එළැඹෙන මෙම අප්‍රේල් 21 දා වන විට හෙළිදරව් කරන බව ජනාධිපති අනුර දිසානායක පසුගිය මාර්තු තිස් වැනිදා මාතර දෙයියන්දර ප්‍රදේශයේදී පැවැති ජන හමුවක දී ය.
  • ඒ අතර කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ද මාධ්‍ය වෙත පවසා ඇත්තේ අප්‍රේල් විසි එක්වෙන දින තෙක්තෙක් ඉතා ඕනෑකමන් බලා සිටින බවත් නව රජයේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තුවක් තබා සිටින බව ය.
  • නමුත් ඒ සම්බන්ධයෙන් විද්වත් අංශ පෙන්වා දී ඇත්තේ සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් විනිශ්චයකට එළඹීම මුළුමනින්ම අධිකරණය සතු ක්‍රියා මාර්ගයක් වන අතර ඒ සම්බන්ධ පූර්ව විනිශ්චයකට එළඹීමට විධායකයට වුව හිමිකමක් නොමැති බවකි.
  • වාර්තාවට අනුව 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව සහරාන් හාෂිම් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනපතිවරයා පවසනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරන තොරතුරු මත එලෙස අප්‍රේල් 21වනදා පෙර පාස්කු ප්‍රහාරය සඳහා වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන බව ය.

ඒ අතර කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ද මාධ්‍ය වෙත පවසා ඇත්තේ අප්‍රේල් විසි එක්වෙන දින තෙක්තෙක් ඉතා ඕනෑකමන් බලා සිටින බවත් නව රජයේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තුවක් තබා සිටින බව ය.

නමුත් ඒ සම්බන්ධයෙන් විද්වත් අංශ පෙන්වා දී ඇත්තේ සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් විනිශ්චයකට එළඹීම මුළුමනින්ම අධිකරණය සතු ක්‍රියා මාර්ගයක් වන අතර ඒ සම්බන්ධ පූර්ව විනිශ්චයකට එළඹීමට විධායකයට වුව හිමිකමක් නොමැති බවකි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කල දිනය අසන්න වෙමින් තිබියදී ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයක් 'sunday Times ' පුවත්පත විසින් පසුගියදා ප්‍රකාශයට පත් තිබිණ.

As the Easter Sunday breakthrough deadline approaches, Ravi and Shani face make-or-break situation යන ශීර්ෂයෙන් යුතු එම ලිපියේ දැක්වෙන එෆ්.බී.අයි. වාර්තාවට අනුව 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව සහරාන් හාෂිම් වේ. මේවනවිට මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයක් මතුව ඇති අතර එම හෙළිදරව්ව සම්බන්ධයෙන් වූ අතුරු කාරනා ද ඉස්මතුවෙමින් තිබේ.

(මුලාශ්‍රය | vinivida.lk)

ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මෙන්න

'මමයි දෙවන එමීර්වරයා' - පාස්කු සංහාරය ගැන නවුෆර් FBI යට කියල !

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ ' මහමොළකරු' හෙළිකරයි !


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...