BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ප්‍රහාරය : 'නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නම් ප්‍රමාණවත් සාක්කි තිබිය යුතුයි'

T

The Leader

June 12, 2025 • 6:07 AM

පාස්කු ප්‍රහාරය : 'නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නම් ප්‍රමාණවත් සාක්කි තිබිය යුතුයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ නොතකා හැරීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම හා ඔහුට එරෙහිව යන විනය පරීක්ෂණය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සම කඩිනමින් විභාග කරන ලෙස නීතිඥ අර්මිසා ටීගල් අද (12) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
  • මෙම නඩුව අද මූලික ඇගයීමට ලක්කිරීමට නියමිතව තිබුණු අතර නඩුවේ කරුණු දැක්වීමට තමා සූදානම් බව අර්මිසා ටීගල් අද දැනුම් දුන්නාය.
  • කෙසේ වෙතත් අනිවාර්ය නිවාඩු ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර සඳහන් කළේ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් මෙම නඩුව කල් තැබිය යුතු බවයි.
  • නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ නිලන්ත ජයවර්ධන සම්බන්ධ විනය පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


නීතිඥවරිය එම ඉල්ලීම කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදු කර නඩු පවරන ලෙස ඉල්ලමින් පොලිස්පතිටත්, නීතිපතිටත් කළ පැමිණිලි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ගොනු කර රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූ තරුණයකුගේ පියකු වන සුරාජ් නිලංග මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙම රිට් පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම නඩුව අද මූලික ඇගයීමට ලක්කිරීමට නියමිතව තිබුණු අතර නඩුවේ කරුණු දැක්වීමට තමා සූදානම් බව අර්මිසා ටීගල් අද දැනුම් දුන්නාය.

කෙසේ වෙතත් අනිවාර්ය නිවාඩු ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර සඳහන් කළේ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් මෙම නඩුව කල් තැබිය යුතු බවයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ නිලන්ත ජයවර්ධන සම්බන්ධ විනය පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබෙන බවයි.

 

විනය පරීක්ෂණය සහ අපරාධ පරීක්ෂණය අතර සම්බන්ධතාවක් නැති බවත්, විනය පරීක්ෂණය ආරම්භ කළේ ද අභියාචනාධිකරණයේ පැවරූ මෙම රිට් පෙත්සමේ ප්‍රතිඵලයක් ලෙස බවත්, රිට් පෙත්සමෙන් ඉල්ලීම් කිහිපයක් කර ඇති බවත්, විනය පරීක්ෂණයක් පවත්වා විනයානුකූලව ක්‍රියා කරීම එක් ඉල්ලීමක් පමණක් බවත් නීතිඥ අර්මිසා ටීගල් සඳහන් කළාය.

 

‘ඇයි හදිස්සි වෙන්නේ? විනය පරීක්ෂණයේ නියෝගය එනකං බලමු.’ යැයි අභියාචනාධිකරණය එම අවස්ථාවේ සඳහන් කළ අතර ඊට පිළිතුරු දෙමින් නීතිඥ ටීගල් සඳහන් කළේ, මෙය 2019 සිදුවූ සිදුවීමක් බවත්, මේ වන තෙක් අපරාධ නොතකා හැරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු සිදුවී නැති බවත්ය.

නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩු කටයුතු සිදු නොකරන බවට තීන්දුවක් ගෙන ඇත්නම් එම තීන්දුව අහෝසි කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් ගෙන නැතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

එසේම නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුක් ගෙන නැති බව සටහන් කරන ලෙසත්, ඉන්පසු පෙත්සමේ සඳහන් එම අයැදීම ඉවත් කර ගත හැකි බවත් වින්දතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්මිසා ටීගල් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් එය වාර්තා ගත කිරීම අවශ්‍ය නොවන බව අධිකරණය සඳහන් කළේය.

 

නිලන්ත ජයවර්ධන මීට පෙර පාස්කු නඩුවක සාක්කිකරුවකු වූ බවත්, ඔහු සාක්කිකරුවකු කරන්නේද, සැකකරුවකු කරන්නේද යන්න ගැන නීතිපති දෙපාර්තමේන්තුවට තවම අදහසක් නැති බවත්, පුද්ගලයකුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නම් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවට නඩු මෙහෙයවන්නා සෑහීමකට පත්වියයුතු බවත්, නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් සලකා බැලීමට අලුතෙන් සාක්කි අවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීවේය.

 

ඊට ප්‍රතිචාර දක්වමින නීතිඥ අර්මිසා ටීගල් සඳහන් කළේ ඊට අදාලව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවයි. මෙම පෙත්සමේ එක් පෙත්සම්කරුවකු වන්නේ ප්‍රහාරයෙන් මරණයට පත්වූවකුගේ පියකු බවත්, ඔවුන් යුක්ති ඉටුවනතුරු බලා සිටින බවත්, නිලන්ත ජයවර්ධනට එරෙහි විනය පරීක්ෂණය අවසන් වන තුරු සිටීමකින් තොරව මෙම නඩුව විභාග කළ හැකි බවත් නීතිඥවරිය අවධාරණය කළාය.

කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය අවසන් වූ පසු මෙම රිට් පෙත්සම සලකා බැලීමට තීන්දු කළ අභියාචනාධිකරණය පෙත්සම මූලික ඇගයීමට ලක්කිරීම සඳහා ඔක්තෝබර 14 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

නඩු විභාගය දැක බලා ගැනීම සඳහා මෙම නඩුවේ පෙත්සම්කරුවන් වන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාත්, ශැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනය වූ තරුණයකුගේ පියකු වන සුරාජ් නිලංගත් අධිකරණ ශාලාව වෙත පැමිණ සිටියහ.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ ගේ උපදෙස් මත නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ ලිනුරි මුණසිංහ ඇතුළු නීතිඥවරු පිරිසක් සමග නීතිඥ අර්මිසා ටීගල් පෙනී සිටියාය. පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙනී සිටි අතර නිලන්ත ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර පෙනී සිටියේය.

(මුලාශ්‍රය | thetime.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...