BREAKING
Top Ad
ආරක්ෂක

රනිල්ලා - සජිත්ලා ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයෝ

T

The Leader

July 9, 2025 • 4:00 PM

රනිල්ලා - සජිත්ලා ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල්ලා සජිත්ලා කියන්නේ ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයන් බව සභානායක, ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  • ජාතිවාදී සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් රාජපක්ෂලා විසින් 2013 සිට නිර්මාණය කර තිබුණා.
  •   මුජිබුර් පාස්කු වාර්තා සභාගත කරයි මෙම විවාදයට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසුයේ, සැමට උවමනා වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළිකර ගැනීම බවයි.
  • ඔහු එබව කියා සිටියේ,  පාස්කු විමර්ශන වාර්තා කිහිපයක් සභාගත කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී අද (09) පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් පැවසීය.

''පාස්කු ප්‍රහාරය යනු ලංකාවේ හෘද සාක්ෂියේ සිදුරක්. මෙහි සැබෑ මෙහෙයුම්කරුවන් කවුදැයි අධිකරණය ක්‍රියාවලියක් හරහා ඔප්පු කළ යුතුයි. පාස්කු ප්‍රහාරය හරහා රාජපක්ෂලාට නැවත බලයට එන්න තත්ත්වයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වී තිබුණා. රනිල් සහ මෛත්‍රී අතර දේශපාලන ප්‍රතිවිරෝධයක් නිර්මාණය කර එක පැත්තකින් ඒ තත්ත්වය නිර්මාණය කළා. ජාතිවාදී සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් රාජපක්ෂලා විසින් 2013 සිට නිර්මාණය කර තිබුණා. මුස්ලිම් විරෝධයක් මුලින් ගොඩනැගුවා. ඒ දේශපාලන අපරාධ කරුවන් සමග අත්පුඩි ගහන විට අපේ හෘද සාක්ෂිය පත්තු වෙනවා. මෙවැනි ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරු කොතෙකුත් ලැබී තිබුණා. ඒවා ගණන් ගත්තේ නෑ ''යැයි සභානායකවරයා කීය.

 

මුජිබුර් පාස්කු වාර්තා සභාගත කරයි

මෙම විවාදයට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසුයේ, සැමට උවමනා වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළිකර ගැනීම බවයි.

ඔහු එබව කියා සිටියේ,  පාස්කු විමර්ශන වාර්තා කිහිපයක් සභාගත කරමිනි.

අදාළ වාර්තා ඉදිරි පරීක්ෂණ සඳහා ඉවහල් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"පාස්කු බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ වලට අදාල මලල්ගොඩ වාර්තාව මා සභාගත කරනවා. එමෙන්ම චැනල් ෆෝ සම්බන්ධයෙන් පත් කරන ලද විනිසුරු ඉමාම්ගේ වාර්තාවත් මා සභාගත කරනවා. ජනාධිපති කොමිෂන් සභාවට හිටපු එස්.අයි.එස් ප්‍රධානී චූලා කොඩිතුවක්කු ලබාදුන් කට උත්තරයත් සභාගත කරනවා. ඒ කට උත්තරයේ පරීක්ෂණ නිලධාරීන්ට වැදගත් වන බොහෝ කරුණු තියෙනවා. අප සැමට උවමනා වී තිබෙන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මොලකරු අල්ලා ගැනීමටයි. මේ බෝම්බ ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට අප දෙගොල්ලෝම එක මතයක සිටිනවා. ඒ සම්බන්ධයෙන් අප අතර ප්‍රතිවිරුද්ධ මත නැහැ '' යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 
පාස්කු ගැන මේ ආණ්ඩුව මෙලෝ දෙයක් හොයාගත්තේ නෑ - රංජිත් මද්දුම බණ්ඩාර

පාස්කු ප්‍රහාරය ගැන මේ ආණ්ඩුවේ අය අලුතින් හොයාගත් කිසිම දෙයක් නැතැයි පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මෙම විවාදයේදී පැවසීය.

"පාස්කු ප්‍රහාරයෙන් පසු ඡන්ද ගන්න මැතිවරණ දෙකක් යොදා ගත්තා. නමුත් තවමත් ඔවුන්ට යුක්තිය ඉටුවී නැහැ. ඒ අතරම පාස්කු ප්‍රහාරයෙන් පසු සියලු මුස්ලිම් ජනතාවත් පීඩාවට පත්වුණා. එදා අපේ ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් පවා තනතුරු වලින් ඉල්ලා අස් වුණා. මේ ආණ්ඩුවේ උදවිය අලුතින් හොයාගත්තේ මොනවද?එක නිලධාරියෙක් කොමිසමට ගිහින් මහ මොලකාරයා කවුද කියලා කොළ කෑල්ලක ලියලා දුන්නා. මෙන්න මේ කාරණා හෙළි කරන්න. අලුතින් යමක් කළා නම් ඒ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පමණයි. ඉකුත් පාස්කු දිනයට පෙර පාස්කු රහස් හෙළි කරන බව ජනාධිපති කිව්වත් එහෙම කළාද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

 
සබැඳි පුවත් :
මොන තරාතිරමේ හිටියත් පාස්කු සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා - මහජන ආරක්ෂක අමාත්‍ය
'පාස්කු ප්‍රහාරය පිළිබඳව රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා' - ජනාධිපති

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...