BREAKING
Top Ad
ආරක්ෂක

පද්මෙලා කොටු වුණ සන්තෑසියේ පාතාල ගේම ! - (ගින්දර වීඩියෝවක්)

T

The Leader

August 30, 2025 • 4:57 AM

පද්මෙලා කොටු වුණ සන්තෑසියේ පාතාල ගේම ! - (ගින්දර වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනක ඉන්දුනිසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගත් පාතාල නායකයින් යැයි හඳුන්වන පිරිස ඒ ආකාරයෙන් අත්අඩංගුවට පත්වීම පිටුපස එරට සහ මෙරට ආරක්ෂක අංශ පමණක් නොව මෙරට තවත් විවිධ පාතාල කල්ලි සම්බන්ධ යැයි Gindara youtube නාලිකාව ඉදිරිපත් කළ වැඩසටහනකින් වාර්තාව වේ.
  • පද්මේලා ගේන්න විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට මේ අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් බව පැවසෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනා හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
  • ඔවුන් රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) දිවයිනෙන් පිටව ගිය බව වාර්තා වෙයි.
  • ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පසුගියදා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සම්බන්ධයෙන් තව දුරටත් තොරතුරු හෙළිකරණ එම වැඩසටහට අනුව මෙම මෙහෙයුම පිටුපස ස්ත්‍රී පුරුෂ සබඳතාවක සෙවණැලි ද වැටී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු දැනගැනීමට මතු පළ වන සම්පූර්ණ වීඩියෝව නරඹන්න.





පද්මේලා ගේන්න විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට

මේ අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් බව පැවසෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනා හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඔවුන් රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) දිවයිනෙන් පිටව ගිය බව වාර්තා වෙයි.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පසුගියදා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙරටින් ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු වන රොහාන් ඕලුගල හා මහින්ද ජයසුන්දර එරට පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකදී එම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එහිදී කෙහෙල්බද්දර පද්මේ,  කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අත්අඩංගුවට පත්විය.

 



එම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වූ බැකෝ සමන් නැමැත්තාගේ බිරිය හා දරුවාව අනතුරුව නිදහස් කෙරුණු අතර ඔවුන්ව නැවත මෙරටට එවීමට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබුණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවාව කටුනායක ගුවන්තොටුපොළෙහු පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකය මගින් සියභාරයට ගෙන මූලික ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

අනතුරුව ඊයේ රාත්‍රී 10ට පමණ ඇය සහ දරුවා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

 

saman CID 250830

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කාන්තාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජූ සබඳතා පැවැත්වීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගත් බවය.

ඇයගෙන් අදාළ ජාවාරම්කරුවන් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණ කරගැනිම සඳහා මේවන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, තමන් 2023 වසරේදී ඩුබායි රාජ්‍යය බලා ගිය බවය.

එහි කළක් රැඳීසිටීමෙන් පසුව පසුගිය ජූලි මාසයේදී ඉන්දුනීසියාවට පැමිණි බවත් ඇය ප්‍රකාශ කර තිබුණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...