ලංකාවෙ වර්තමාන ජනගහනය මිලියන 22යි. ඒක අනාගතයේ දවසක මිලියන දහයට බහියි කිව්වොත් විශ්වාස කරනවද?



මේ තොරතුර සඳහන් වෙන්නෙ The Lancet Medical Journal හි පසුගිය වර්ශයේ ප්‍රකාශයට පත්වූ ලෝකයේ රටවල් 195ක ජනගහන ප්‍රවනතා පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක් ඇසුරින් සකස්කල වාර්තාවක.

මේ වාර්තාවට අනුව ලංකාවෙ ජනගහනය 2030 වගේ කාලෙදි මිලියන 23ක උපරිමයට ලඟා වෙනව. එයින් පසුව වසරකට ලක්ශයකින් දෙකකින් පමණ ලෙස ක්‍රමික ජනගහනය අඩුවීමකටයි අපි යන්නෙ.

"Fertility, mortality, migration, and population scenarios for 195 countries and territories from 2017 to 2100: a forecasting analysis for the Global Burden of Disease Study" නමින් ලොව වටා විද්‍යාර්ථීන් 24 දෙනෙක් එක් වෙලා සකස් කල මේ සංකීර්ණ වාර්තාව ලංකාව ගැන පමණක් සකස් කල වාර්තාවක් නෙවෙයි. එය ලෝක සෞඛ්‍ය සහ සංක්‍රමණික ප්‍රවනතා ජනගහනයට, ආයු අපේක්ෂාවට සහ ආර්ථික සංවර්ධනට කරන බලපෑම පිලිඹද ගැඹුරු විශ්ලේෂණයක්. ලංකාව ඒ වාර්තාවට ඇතුලත් තවත් එක් රටක් පමණයි.

11p

How is the population forecasted to change?

 

මේ වාර්තාව ප්‍රකාශයට පත්කල Lancet Medical Journalය විශ්වාසදායී කීර්තිමත් ප්‍රකාශණයක් වුවත් එයට විවේචන නැත්තෙ නෑ. ඒ නිසාම ලංකාවේ නිදහසින් පසු ජනගහන වෙනස්වීම පිලිඹද අති සරල විශ්ලේෂණයක් කරන්න වෙනව Lancet වාර්තාව විද්‍යාත්මක සාධක මත කරන ප්‍රවනතාව හඳුනාගත ගැනීමට.


1948 නිදහස ලැබෙනවිට අපේ රටේ ජනගහනය මිලියන 7යි

1960 දි ජනගහනය මිලියන 10 වෙනව

1980 දි ජනගහනය මිලියන 15 යි

2000 දි ජනගහනය මිලියන 19 යි

2020 දි ජනගහනය මිලියන 21.5

2030 දි ජනගහනය මිලියන 23 වන බවට අනුමාන කරනව,..ඒක තමයි උපරිමය Lancet වාර්තාවට අනුව.


1960 - 1980 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 5

1980 - 2000 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 4

2000 - 2020 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 2.5

1980න් පසු අපි කොහොමත් ඉන්නෙ ක්‍රමිකව අඩුවන වර්ධනයක.. පුංචි පවුල රත්තරංනෙ.

 2020 - 2030 වසර දහයෙ ජනගහන වර්ධනය මිලියන 0.5ක් ලෙසයි අනුමාන කරන්නෙ.

එතනින් පස්සෙ පටන් ගන්නෙ ගෙවෙන හැම දශකයකටම මිලියන 2-3 අතර ප්‍රමාණයකින් රටේ ජනගහනය අඩුවීම.

එහෙම අඩුවෙමින් ගිහින් 2100 දි ජනගහනය මිලියන 10ට බහිනව. ඒක 1960දි අපේ රටේ සිටි ජනගහනය. එවක රටේ වනගහනය 40%ට වැඩියි. ඒ නිසාම පරිසරයට ආදරය කරන මිනිස්සු මේ ජනගහනය අඩුවීමේ ප්‍රවනතාවයේ යම් සාධනීයතාවක් දකියි.

නමුත්;

 

රටක ජනගහනය කියන්නෙ නිකම්ම නිකං හිස් ඔලුගෙඩි ටිකක් නෙවෙයි. ඒක රටේ ශ්‍රම බලකාය. එය රටකට තියෙන වටිනාම සම්පත. එනිසා රටක් ලෙස අපට අනාගත ජනගහන ප්‍රවනතා පිලිඹද ගණන් හැදීමක් තිබිය යුතුයි. අපේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව මේ කරුණු සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේශණ්‍යක් කල යුතුයි. අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙ තීරණවලට මේ අනාගත ජනගහන ප්‍රවනතා බලපෑමක් විය යුතුයි.

 

මෙම The Lancet Medical Journal වාර්තාවට අදාල ජනගහනය ප්‍රවණතා අධ්‍යයනය කොරෝනා වසංගතයට පෙර කල එකක්.

කොරෝනා වසංගතය හේතුවෙන් සමාජයට එල්ලවූ බලපෑම් සහ වර්තමාන ආර්ථික සහ දේශපාලනික අර්බුදය හමුවේ අපේ සමාජය මුහුණදෙන දරුණු කඩාවැටීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ ජනගහන අඩුවීම තවත් වේගවත් වෙනව මිසක් හොඳ වෙන්න නම් හේතුවක් නෑ.


ලංකාවෙ ජනගහනයේ අඩුවීමට විවිධ හේතුන්ගේ බලපෑම මේ වාර්තාව පෙන්වා දෙනව. එයින් වැඩිම බලපෑමක් එල්ල කරන්නෙ පවුලක සිටින දරුවන් ප්‍රමාණය අඩුවීම. රටක ජනගහනය වර්ධනය වෙන්න නම් එක් පවුලක් දරුවන් දෙදෙනෙකුට වඩා හදන්න වෙනව. ඒත් ලංකාවෙ බොහෝ දෙමාපියන් එක දරුවෙක් හදාගන්නෙත් බොහොම අමාරුවෙන් දහදුක් විඳල. ඒ එක දරුවත් කොහේ හරි රටකට පිටත් කිරීමයි ඔවුන්ගේ එකම සිහිනය.

p22

Where is child mortality the highest?

 

ඕස්ට්‍රේලියාවෙ හිටපු මුදල් අමාත්‍ය පීටර් කොස්ටෙලෝ තුන්වන දරුවෙක් හදන දෙමාපියන්ට දිරි දීමනාවක්(baby bonus) ප්‍රකාශ කරල කිව්වෙ රට වෙනුවෙනු තුන්වන දරුවෙක් හදන්න (have one for mum, one for dad and one for the country)කියල.

ලංකාව වගේ රටක දරුවන්ට කිරිපිටි ටික දෙන්න බැරිව, පාසල් පද්ධතිය පනගන්වගන්න බැරිව, විභාග ප්‍රශ්ණපත්‍ර ටික පෙලපොත් ටික අච්චු ගහගන්න බැරිව කොහොමද ජනගහන වර්ධනයක් ගැන හිතන්නෙවත්.

 

අවාසනාවකට ‍රටක් ලෙස අපි ගමන්කරමින් ඉන්න වැඩිහිටි ජනගහනය විශාල වන සමස්ත ජනගහනය කුඩාවන අනාගතයක් දෙසටයි. ඒත් ඒ ගැන කතා කරනව, සංවාද කරනව, විවාද කරනව හැර පිලියමක් අපට මේ මොහොතේ නම් නෑ.

 

asana d(අසංක දොඩන්තැන්නේ)
ටෙලිනාට්‍ය නිෂ්පාදක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(Asanka Dodantenne ගේ ෆේස් බුක් පිටුවෙන්. )

294555507 10166766456060051 4418696092614133233 n

Digital Art ; Pradeep Premalal

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්