‘‘මා හිස ගෙන ලොව ජය ලද හැකිනම්, දෑතින් ගලවා හිස දන් දෙන්නම්‘‘

 

මම අවුරුදු 12 ක් ‘පොදු ජන යහපත‘ උදෙසා වන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත්තෙමි.  

එක්කෝ නඩුවේ තීන්දුව ඇහුවේ උසාවියේ දී ය.

නැතිනම්, පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ මුවෙනි.

 නැතිනම්, ජනාධිපතිවරයාගේ නිල නිවේදනයකිනි.  

මම පැවරු නඩුවේ, තීන්දුව ‘වට්ස් අප්‘ මගින් මට ලැබී ඇත.  

මට නම් මේ හුවමාරුවන ලියවිල්ල ආනන්දයෙන් ප්‍රඥාව වඩවන්නේ ය.

මේ ලියන්නේ, ඒ ආතල් එක බෙදා ගැනීමටය.  

ද්විත්ව පුරවැසි භාවය - ජනතාවගේ පරමාධිපත්‍ය බලයට ද්විත්ව පුරවැසි භාවය අභියෝගයක් වන්නේ නැති බව මේ ලියවිල්ල කියයි.

මා සිතා සිටියේ තමන්ගේ අධිකරණ බලය කැපීම ගැන හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය යැයි කියනු ඇති කියා ය.  

අනේ නැත.  

//මගේ ඇසින් මට වඩා දකින්නට
නැණ බල ඇතිනම් ඇස් දන් දෙන්නම්
මා හිස ගෙන ලොව ජය ලද හැකිනම්
දෑතින් ගලවා හිස දන් දෙන්නම්//

යැයි සුනිල් එදිරිසිංහ ගැයූ ලෙස, සුනිල් ආරියරත්නයන් ලියූ ලෙස අධිකරණයේ ස්වාධීනත්වය, විධායකයට දීම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව මේ ලියවිල්ල කියයි.

අගවිනිසුරුගේ පත්වීම ද ඇතුළුව, සියළු තනතුරු ‘‘පාර්ලිමේන්තු කවුන්සිලයේ මතය නොවිමසා පත් කිරීම‘‘ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්නයක් නොවන බවත්,

විගණකාධිපති ගේ ස්වාධීනත්වය අධිකරණයට ප්‍රශණයක් නොවන බවත්,

ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරිම ද අවුලක් නැති බවත්, ලියවිල්ල කියයි.

මිත්‍රවරුණි,   චොකා මල්ලි පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් දා, මාගේ නොදැනුවත්කම හා අල්ප දැනුමට කමත්වා! යැයි මම ඔබගෙන් ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කළෙමි.  

නූගත් මගේ දැනුම නිවැරදි කර දුන් අධිකරණයට මාගේ ප්‍රණාමය ලබා දුනිමි.  

රටේ නීතියේ බලය අධිකරණය අරුත් ගන්වන අයුරින්ම රැකීමට මම එදා සිට ශපත කර ගෙන සිටිනා බව ද, ඔබ දන්නෙහිය.  

රටේ නීතියේ බලයට ජයවේවා! ජයවේවා!!

 

හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි/මන්ත්‍රීවරියනි,  

අධිකරණයට තම ආධිපත්‍යය බලය, සුනිල් එදිරිසිංහ ගැයූ ලෙස ජනතාව විසින් ඔබ වෙත මනාප ඡන්දයෙන් ලබා දුන් පරමාධිපත්‍ය බලය ද,  

‘‘ඇස් ඉස් මස් ලේ ඔබට පුදන්නම් මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන් ඔබ හට කළ හැකි නම් .... //‘‘

දෙවරක්ම නොසිතාම, ‘විධායක වෙත දන් දීමට‘ ඔබ ද ඉදිරිපත් වන්නේ නම්, මම පුදුම නොවන්නේමි.    

පිංවතුනි,

සියල්ල අනිත්‍යය ය.  අධිකරණයේ බලය හා ව්‍යවස්ථාදායකයේ බලය ද එසේම ය.

‘‘මිහිමඬලේ මා සැතපෙන්නට පෙර - මිනිසත් භවයේ ඵල මට දුන මැන‘‘ යැයි කියා තපසට යා යුතු කාලය යි! දීපය යි!  දේශය යි!

(රජිත් කීර්ති තෙන්නකෝන්)

Song

සබැඳි පුවත්

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස් තීන්දුව එයි - 'කොපියක්' අන්තර්ජාලයේ ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්