The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
පුවත්

බාල ළමා අපචාරයකට 12 අවුරුදු සිර දඬුවමක්

T

The Leader Desk

March 4, 2021 • 3:57 AM

බාල ළමා අපචාරයකට 12 අවුරුදු සිර දඬුවමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට
  •    පෞද්ගලික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිටි වයස අවුරුදු 16 ක  බාලවයස්කාර දැරියක් එම ළමා නිවාසයේ සිටි පුද්ගලයකු විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇත.
  •    ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.
  •   ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මාර්තු 3 බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ විමර්ශන වලින් අනතුරුව, නීතිපති විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ  නඩුවක් ගොනු කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ලක් කිරීමකට වරදකරු වු අයකුට අධිකරණය විසින් වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම්  නියම කර තිබේ.
 
 පෞද්ගලික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිටි වයස අවුරුදු 16 ක  බාලවයස්කාර දැරියක් එම ළමා නිවාසයේ සිටි පුද්ගලයකු විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇත.
 
 ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.
 

Muditha Widana

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මාර්තු 3 බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ විමර්ශන වලින් අනතුරුව, නීතිපති විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ  නඩුවක් ගොනු කළ බවයි.
 
 "ගරු මහාධිකරණය විසින් නඩුව විභාග කොට සැකකරු වරදකරු කොට ඇත."
 
 එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතයාට අධිකරණය විසින් වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබෙන අතර ඊට අමතරව රුපියල් 10,000 ක දඩ මුදලක් ද නියම කර තිබේ.
 
 මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර දැරියට රුපියල් 250,000 ක වන්දි මුදලක් ගෙවීමට ද වරදකරුට නියම කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ වැඩි දුරටත් සදහන් කරයි.
 
 තවද, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වරදකරුට තවදුරටත් වසර 4 ක  බරපතල සිර දඬුවම් ලබා දීමට ද අධිකරණය නියම කර තිබේ.
 
 
 ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීම සදහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය 1929 කෙටි දුරකථන ඇමතුම් අංකයක්ද හදුන්වා දී ඇත.
 
 
 අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පසුගියදා හෙළි කර තිබුනේ ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තා වන බවයි.
 

 

 


 

 

වී ගොවින්ට තර්ජනය කරලා ආණ්ඩුවේ බැරිකම වහගන්න බෑ

 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බාල ළමා අපචාරයකට 12 අවුරුදු සිර දඬුවමක් | The Leader