The Leader News
BREAKING
Top Ad
පුවත්

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර : අගෝස්තු 18 ප්‍රකාශයට!

T

The Leader Desk

July 30, 2019 • 3:09 PM

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර : අගෝස්තු 18 ප්‍රකාශයට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුරක් වන ජාතික ජන බලවේගයේ මහ සමුළුව පසුගිය 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර අද එහි පළමු මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
  • මීට අමතරව සලාමා සංවිධානය, එතෙර අපි සංවිධානය, අලුත් පියාපත්, 71 සහෝදරත්ව සංසදය, අලුත් පරපුර, ප්‍රගතිශීලි සම සංක්‍රාන්ති සාමූහිකය යන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වී සිටියහ.
  • මාධ්‍ය හමුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් පිටියේදී පවත්වනු ලබන ජන රැලියේදී ප්‍රකාශයට පත් කරන බවය.
  • සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ආදී සියළු පැතිවලින් අර්බුධකාරී තත්වයක් ගොඩනැගී ඇති බවත් එය වෙනස් කරන ප්‍රතිපත්ති ඇතුළත් දැවැන්ත මහජන බලවේගයක් ලෙස ජාතික ජන බලවේගය ගොඩනගා ඇති බවත් එය මැතිවරණවලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ දිශාවට ගමන් කරන්නක් බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුරක් වන ජාතික ජන බලවේගයේ මහ සමුළුව පසුගිය 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර අද එහි පළමු මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මෙම මාධ්‍ය හමුවේ දී විප්ලවීය සමාජවාදී කේන්ද්‍රෙය් වසන්ත දිසානායක, වමේ කේන්ද්‍රයේ මහින්ද රත්නායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජන නියමු කලාකාරැවෝ සංවිධානයේ කමල් පෙරේරා ජාතික විද්වත් සංවිධානයේ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු අදහස් දැක්වූහ.

මීට අමතරව සලාමා සංවිධානය, එතෙර අපි සංවිධානය, අලුත් පියාපත්, 71 සහෝදරත්ව සංසදය, අලුත් පරපුර, ප්‍රගතිශීලි සම සංක්‍රාන්ති සාමූහිකය යන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වී සිටියහ.

මාධ්‍ය හමුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් පිටියේදී පවත්වනු ලබන ජන රැලියේදී ප්‍රකාශයට පත් කරන බවය.  

සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ආදී සියළු පැතිවලින් අර්බුධකාරී තත්වයක් ගොඩනැගී ඇති බවත් එය වෙනස් කරන ප්‍රතිපත්ති ඇතුළත් දැවැන්ත මහජන බලවේගයක් ලෙස ජාතික ජන බලවේගය ගොඩනගා ඇති බවත් එය මැතිවරණවලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ දිශාවට ගමන් කරන්නක් බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

කෙසේවුවද ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරනු ඇතැයි 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

සබැඳි පුවත් :
ජනාධිපතිවරණය : ජවිපෙන් අපේක්ෂකයෙක් ස්ථිරයි- අනුර ද? බිමල් ද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර : අගෝස්තු 18 ප්‍රකාශයට! | The Leader