The Leader News
BREAKING
Top Ad
පුවත්

ආචාර්ය සංජය හෙළිකරන තිත්ත ඇත්ත : 'ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 20කට වැඩියි'

T

The Leader Desk

November 7, 2020 • 10:31 AM

ආචාර්ය සංජය හෙළිකරන තිත්ත ඇත්ත : 'ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 20කට වැඩියි' 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට තුල සිටින බව සෞඛ්‍ය ආරක්ෂණ සහ ඖෂධ පිළිබඳව පශ්චාත් උපාධිධාරී ආචාර්ය සංජය පෙරේරා සඳහන් කරයි.
  • කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට දැනට සිදුකරන පරීක්ෂණ වලින් 50%කට එහා ප්‍රමාණයක ප්‍රතිඵල වැරදි බව ද ඔහු කියා සිටියි.
  • දැනටමත් මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වී අවසන් බවද ඔහු අවධාරණය කර සිටියි.
  • මේ අතර 'අරුණ' පුවත්පත වාර්තා කර ඇත්තේ, බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට තුල සිටින බව සෞඛ්‍ය ආරක්ෂණ සහ ඖෂධ පිළිබඳව පශ්චාත් උපාධිධාරී ආචාර්ය සංජය පෙරේරා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට දැනට සිදුකරන පරීක්ෂණ වලින් 50%කට එහා ප්‍රමාණයක ප්‍රතිඵල වැරදි බව ද ඔහු කියා සිටියි.

දැනටමත් මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වී අවසන් බවද ඔහු අවධාරණය කර සිටියි.

ඔහු මෙම කරුණු හෙළිදරව් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය.

 

කොරෝනාවෙන් බොරැල්ලට රතු එළියක් !

මේ අතර 'අරුණ' පුවත්පත වාර්තා කර ඇත්තේ, බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත්තේ, ජන ඝනත්වය ඉතා අධික වූ මෙම ප්‍රදේශවල සෙසු ජනතාවට රෝගය පැතිරී ඇති ආකාරය සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ මඟින් මෙම අහඹු පි.සි.ආර් පරීක්ෂණ සිදු කර ඇති බවයි.

මෙසේ හඳුනා ගැනෙන අසාදිතයන් අදාළ රෝහල්වලට යැවීමට අදාළ කටයුතු සංවිධානය කරමින් පවතින අතර එම රෝගින් සිටින ප්‍රදේශ සම්බන්ධයෙන් බලධාරීන් තීන්දුවක් ගන්නා බවද වාර්තා වේ.

මේ අතර අදාළ ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් තම නිවාස තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

කොරෝනා දෙවැනි රැල්ලේ මේ වන විට වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර වැඩිම රෝගීන් පිරිසක් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක් වේ.

මෙම දෙවන රැල්ල සමඟ සිදුවූ මරණවලින් වැඩි ප්‍රමාණයක් ද වාර්තා වූයේ කොළඹ නගර සභා සීමාව තුළින්ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආචාර්ය සංජය හෙළිකරන තිත්ත ඇත්ත : 'ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 20කට වැඩියි' | The Leader