leader s

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘ සභාපතිනිය වූ ග්වේන් හේරත් මහත්මිය සිහිවීම පිණිස ‘ප්‍රධාන සමාජ කාන්තා ඕවර 50

තරගාවලිය (Major Club Women’s 50-Over Tournament) වෙන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සංගමයක් පිහිටුවීම සඳහා හේරත් මහත්මිය විසින් කරන ලද විශිෂ්ට සේවය අගය කිරීම පිණිස මේ තීරණය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය 1997 වසරේ පිහිටුවනු ලැබුවේ ඒ මහත්මියගේ නායකත්වය යටතේ වූ අතර එහිදී ඇය එම සංගමයේ නිර්මාතෘ සභාපතිනිය ලෙස කටයුතු කළා.

මේ අනුව, 2026 වසරේ සිට ඉදිරියට ඇය සිහිවීම පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජ කාන්තා ඔ්වර 50 ක්‍රිකට් තරගාවලිය ‘ග්වේන් හේරත් අනුස්මරණ කුසලානය’ (Gwen Herat Memorial Trophy) ලෙස නම් කිරීමට නියමිතයි.

මේ වැදගත් අවස්ථාව සනිටුහන් කරමින් ග්වේන් හේරත් මහත්මියගේ පවුලේ සාමාජිකයන් විසින් කුසලානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිරිනමා තිබෙන අතර තරගාවලියේ අනාගත අදියරයන්හි ජයග්‍රාහී කණ්ඩායම්වලට ප්‍රදානය කෙරෙනු ඇත්තේ එම කුසලානය යි.

කුසලානය බාර දීම හේරත් මහත්මියගේ දියණියන් වන ශමාරා හේරත්, පාවීන් හේරත් සහ පුතු අවන්ඛ හේරත් ඇතුළු පවුලේ අය විසින් සිදුකරනු ලැබුවා.

‘ග්වේන් හේරත් අනුස්මරණ කුසලානය’ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක මහතා වෙත නිල වශයෙන් බාර දුන් අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා සම්භාවනීය අමුත්තන් වූ චන්ද්‍රා ශාෆ්ටර් සහ හේමක අමරසූරිය යන මහත්වරු සහභාගි වුණා.

මෙහිදී කතා කළ දිසානායක මහතා, නැසීගිය ග්වේන් හේරත් මහත්මිය මෙරට කාන්තාවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්තිවාරමක් දැමීම සඳහා සිදු කළ වැදගත් කාර්යභාරය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ නියැළුණු අයට හොඳින් මතක තිබෙන බවත් ඇයට ගෞරව කිරීම පිණිස තරගාවලියක් නම් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණ වී තිබෙන්නේ අනාගත පරම්පාරවන් වෙනුවෙන් ඇගේ උරුමය ආරක්ෂා කිරීම බවත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පසුගිය සතියේ පැවති මේ උත්සවයට ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර යන මහත්වරු ද සහභාගි වුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්