The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සර්බියානු ටෙනිස් ක්‍රීඩකයාට වසර 24ක ක්‍රීඩා තහනමක්!

තරග පාවාදීමේ දූෂිත ජාලයක් අධීක්ෂණය කළ සර්බියාවේ ටෙනිස් ක්‍රීඩකයෙකුට වසර 24ක ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.

Pasan

Pasan

October 18, 2026 • 7:35 PM

සර්බියානු ටෙනිස් ක්‍රීඩකයාට වසර 24ක ක්‍රීඩා තහනමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තහවුරු කරගත් තරඟ පාවාදීම 29 හැවිරිදි ස්ටෙෆාන් මිලිසවිච් (Stefan Milicevic) ඔහු ක්‍රීඩා කළ තරග පහක් ඇතුළුව තරග හයක් පාවා දී තිබෙන්නේ වසර 2022 හා 2024 අතර කාලයේ තවත් තරග හයක් ද පාවා දීමට උත්සාහ කරමින් බවට ජාත්‍යන්තර ටෙනිස් අවංකත්වයේ ඒජන්සිය (ITIA) ප්‍රකාශ කරනවා.
  • දක්වා තරග තහනමක් සමග ඩොලර් 70000ක දඩයක්!
  • මිලිසවිච් ට වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමයේ (ATP) ඉහළම ශ්‍රේණිය ලෙස තිබුණේ 1,338 වැනි පහත් තත්ත්වයක්.
  • ඔහු පිළිබඳව කෙරුණු පරීක්ෂණයට ඔහුගේ සහභාගිත්වයක් හෝ සහයෝගයක් නොලැබුණු අතර ඔහුට ඩොලර් 70,000ක දඩයක් ද නියම කර ඇතැයි වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තහවුරු කරගත් තරඟ පාවාදීම

29 හැවිරිදි ස්ටෙෆාන් මිලිසවිච් (Stefan Milicevic) ඔහු ක්‍රීඩා කළ තරග පහක් ඇතුළුව තරග හයක් පාවා දී තිබෙන්නේ වසර 2022 හා 2024 අතර කාලයේ තවත් තරග හයක් ද පාවා දීමට උත්සාහ කරමින් බවට ජාත්‍යන්තර ටෙනිස් අවංකත්වයේ ඒජන්සිය (ITIA) ප්‍රකාශ කරනවා.

මීට අමතරව, මේ වකවානුවේදී ම දූෂිත ජාලයක කොටසක් වශයෙන් වෘත්තීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අලුතින් බඳවා ගැනීම හෝ බඳවා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද මිලිසවිච් ට චෝදනා කර තිබූ බවත් එම බඳවා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස තවත් ක්‍රීඩකයින් ගණනාවක් තරග පාවා දුන් බවත් ITIA නිවේදනයක් මගින් කියා තිබෙනවා.


2050 දක්වා තරග තහනමක් සමග ඩොලර් 70000ක දඩයක්!

මිලිසවිච් ට වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමයේ (ATP) ඉහළම ශ්‍රේණිය ලෙස තිබුණේ 1,338 වැනි පහත් තත්ත්වයක්. ඔහු පිළිබඳව කෙරුණු පරීක්ෂණයට ඔහුගේ සහභාගිත්වයක් හෝ සහයෝගයක් නොලැබුණු අතර ඔහුට ඩොලර් 70,000ක දඩයක් ද නියම කර ඇතැයි වාර්තා වනවා.

තහනමට ලක්ව සිටින කාලයේදී මිලිසවිච් ට ටෙනිස් ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හෝ ලෝක ටෙනිස් ආයතනය, ලෝක ටෙනිස් සංගමය, ATP, ග්‍රෑන්ඩ් ස්ලෑම්ස් හෝ වෙනත් ජාතික සංගම් විසින් සංවිධානය කරන කිසිම තරගාවලියකට සහභාගි වීමට ඉඩ නොදෙන බව ITIA පවසනවා.

ඔහුගේ තහනම නිල වශයෙන් අවසන් වන්නේ 2050 වසරේ ඔක්තෝබර් 8 වැනි දිනයේයි.

- වර්නන් ගුණසේකර (ක්‍රීඩා සංස්කාරක)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...