The Leader News
BREAKING
Top Ad
පුවත්

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල 85 වැනි සැමරුම මහ ඉහලින් පැවැත්වීමට යයි

T

The Leader Desk

January 26, 2025 • 5:25 PM

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල 85 වැනි සැමරුම මහ ඉහලින් පැවැත්වීමට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විද්‍යාලයේ 83 වැනි සංවත්සරික සැමරුම් උත්සවය සහ වසර 2024 ත්‍යාග ප්‍රදානෝත්සවය ඉකුත්දා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
  • සම්ප්‍රදායානුකූල උඩරට වෙස් නැටුම් කණ්ඩායම්වල අලංකාරවත් පෙරහරකින් සහ අභිමානවත් උත්සව සභාවක් ලෙස මෙවර උත්සවය පැවැත් වූ අතර, සහභාගි වූ සියලු දෙනා හට දිවා ආහාරය ඇතුළු ප්‍රජාසත්කාරක වැඩපිළිවෙළක් ද මෙහිදී පැවැත්විණි.
  • ඒ සඳහා ආදිශිෂ්‍ය සංගමය ඇතුළු සුබපතන්නෝ වෙහෙස මහන්සි වී කටයුතු කළහ.
  • වසර 1942දී ජනවාරි 20 වැනිදා කුඩාවට ආරම්භ කළ රජයේ අනුමත පෞද්ගලික විද්‍යාලයක් ලෙස කටයුතු කරන බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ අසූතුන් වසරක ඉතිහාසය තුළ රටට දැයට වැඩ ඇති විද්‍යාර්ථයින් දස දහස් ගණනක් බිහිවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නැණ ගුණ බෙලෙන් යුතු විශිෂ්ටතයින් බිහිකරන විදුහල් අතර ඉහළින්ම රැඳෙන බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහලේ 85 වැනි සැමරුම් මහෝත්සවය වසර 2027දී  අභිමානවත්ව පැවැත්වීමට අධිෂ්ඨානශීලිව කටයුතු කරමු යැයි විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් ආදි ශිෂ්‍ය නාරි සහ ප්‍රසවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ ප්‍රකාශ කළේය.

විද්‍යාලයේ 83 වැනි සංවත්සරික සැමරුම් උත්සවය සහ වසර 2024  ත්‍යාග ප්‍රදානෝත්සවය ඉකුත්දා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

සම්ප්‍රදායානුකූල උඩරට වෙස් නැටුම් කණ්ඩායම්වල අලංකාරවත් පෙරහරකින් සහ අභිමානවත් උත්සව සභාවක් ලෙස මෙවර උත්සවය පැවැත් වූ අතර, සහභාගි වූ සියලු දෙනා හට දිවා ආහාරය ඇතුළු ප්‍රජාසත්කාරක වැඩපිළිවෙළක් ද මෙහිදී පැවැත්විණි. ඒ සඳහා ආදිශිෂ්‍ය සංගමය ඇතුළු සුබපතන්නෝ වෙහෙස මහන්සි වී කටයුතු කළහ.

වසර 1942දී ජනවාරි 20 වැනිදා කුඩාවට ආරම්භ කළ රජයේ අනුමත පෞද්ගලික විද්‍යාලයක් ලෙස කටයුතු කරන බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ අසූතුන් වසරක ඉතිහාසය තුළ රටට දැයට වැඩ ඇති විද්‍යාර්ථයින් දස දහස් ගණනක් බිහිවී ඇත.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, යාපනය සාන්ත ජෝන් විද්‍යාලය ඇතුළු මෙරට කීර්තිමත් විද්‍යාල නවයක සාමාජිකයකු වන බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය අ‍ෙමරිකන් බිෂොප්වරයකු ප්‍රධාන පාලක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබයි.

මෙවර තෑගි ප්‍රදානෝත්සවයේදී විෂය සමගාමීව ක්‍රියාකාරකම්, විෂය පරිභාහිර ක්‍රීඩා, ශිෂ්‍යභට, පරිසර, කලා, විද්‍යා, ගණිත, තොරතුරු තාක්ෂණ, ආගමික සාමාජික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් විශිෂ්ටයන් වූවන්ට තෑගි ප්‍රදානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් උත්සව සභාව ඇමතූ විශේෂඥ වෛද්‍යවරයා '' ඕනෑම දූදරුවකුගේ ජීවිතය හැඩගස්වන වටිනාම කාලය පාසල් අධ්‍යාපනය ලබන කාලයයි,  මෙම කාලය ඉතා මහන්සියෙන්, උනන්දුවෙන් කටයුතු කොට මූලික අඩිතාලය යහපත් ලෙස, විනයගරුක අයුරින් දමා ගත්තෙකුගේ ජීවිතය රටට, දැයට වැඩදායක ජීවිත වනවා. අප පාසලෙන් බිහිවන්නේ එවන් අයයි. එය අපට සමාජයේ ඉදිරියට යාමට විශාල රුකුලක් වුණා. අභිමානයක් වුණා. '' යයි සඳහන් කළේය.

මෙම උත්සව අවස්ථාවට වින්සන් ඥාණදාස් පියතුමා, විද්‍යාලයේ විදුහල්පති පාලිත නවරත්න, නියෝජ්‍ය විදුහල්පතිවරු ඇතුළු ගුරු මණ්ඩලය, සුබපතන්නන්, දෙමාපියන් දරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. උත්සවයේ අවස්ථා කිහිපයක් මතු දැක්වේ.

(සටහන | ජේ. මුණසිංහ)

xfge46t43

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...