The Leader News
BREAKING
Top Ad
පුවත්

පාස්කු වින්දිතයන්ට ලැබුණු කෝටි 92 කෝ ? – විජේදස අසයි ; ජනාධිපති ලේකම් නිහඬයි!

T

The Leader Desk

December 26, 2020 • 5:23 AM

පාස්කු වින්දිතයන්ට ලැබුණු කෝටි 92 කෝ ? – විජේදස අසයි ; ජනාධිපති ලේකම් නිහඬයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදුවූයේ කුමක්ද යන්න විමසා මීට මාසයකට පමණ පෙර ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
  • දෙසැම්බර් 24 දින මන්ත්‍රිවරයා මේ බව පවසා ඇත.
  • නොවැම්බර් 27 වැනිදා ජනාධිපති, අගමැති සහ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන්ට පිටපත් සහිතව ජනාධිපති ලේකම්වරයාට යැවු ලිපියට පිළිතුරක් ලබා දෙන තෙක් තමන් බලා සිටින බව ඔහු පවසා සිටියි.
  • එහෙත් එම මුදල් කිසිවක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබසාධනයට ලැබී නැති බව ඔවුන් තමාට දැනුම් දුන් බව පවසන මන්ත්‍රීවරයා මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්න දන්වා එවන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
සිදුවූයේ කුමක්ද යන්න විමසා මීට මාසයකට පමණ පෙර ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
 
දෙසැම්බර් 24 දින මන්ත්‍රිවරයා මේ බව පවසා ඇත.
 
2020 නොවැම්බර් 27 වැනිදා ජනාධිපති, අගමැති සහ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන්ට පිටපත් සහිතව ජනාධිපති ලේකම්වරයාට යැවු ලිපියට පිළිතුරක් ලබා දෙන තෙක් තමන් බලා සිටින බව ඔහු පවසා සිටියි.
 
ලෝක මුස්ලිම් සංවිධානයේ සමුළුවක් 2019 ජූලි මස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ අතර ඊට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වර්තමාන අගමැති, මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගීවූ බවත් එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට සහ ආබාධිත තත්ත්වයේ පසුවූ අය වෙනුවෙන් ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඉසා විසින් ඩොලර් මිලියන පහක මුදලක් වන්දි ලෙස ලබා දුන් බවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව ඒ මහතා පවසයි.
 
එහෙත් එම මුදල් කිසිවක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබසාධනයට ලැබී නැති බව ඔවුන් තමාට දැනුම් දුන් බව පවසන මන්ත්‍රීවරයා මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්න දන්වා එවන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබිණි.
 
(news19.lk)
 

ncvm

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු වින්දිතයන්ට ලැබුණු කෝටි 92 කෝ ? – විජේදස අසයි ; ජනාධිපති ලේකම් නිහඬයි! | The Leader