The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
පුවත්

ජනපතිගේ UAE සංචාරය : එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අත්සන් කළ ගිවිසුම කුමක් ද?

T

The Leader Desk

February 13, 2025 • 2:40 PM

ජනපතිගේ UAE සංචාරය : එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අත්සන් කළ ගිවිසුම කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සහභාගි වූ සිය තෙවන විදෙස් නිල සංචාරය නිමවා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (පෙබරවාරි 13)
  • ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී මෙරට බලශක්ති ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා සිදුකෙරෙනු ඇති බවට පූර්ව ඉඟි පළවී තිබිණි.
  • ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයා එහිදී තමන් හමුවූ පිරිස් දැනුවත් කර තිබෙන අතර ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙසට ද ආරාධනා කර තිබේ.
  • ඩුබායි රාජ්‍යය සමග අත්සන් කළ ගිවිසුම කුමක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

යළිත් දිවයිනට පැමිණියේ ය.

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ පෙබරවාරි 10 වන දා ය.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී මෙරට බලශක්ති ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා සිදුකෙරෙනු ඇති බවට පූර්ව ඉඟි පළවී තිබිණි.

සංචාරයේදී හමුවූ සුවිශේෂි පුද්ගලයින් කවුද?

ජනාධිපති අනුර කුමාර දිසානායක ඩුබායි සංචාරයේදී රාජ්‍ය නායකයින් මෙන් ම සමාගම් කිහිපයක ප්‍රධානීන් ද හමුවිය.

එහිදී, කුවේට් අගමැති ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහ්මඩ් අල්-සබා, පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් සහ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සමග ජනාධිපතිවරයා ද්වි පාර්ශ්වීය සාකච්ජා පැවැත්වීය.

ඊට අමතරව, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිම් මෙන් ම ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් සහ ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා සමග ද ජනාධිපතිවරයා සාකච්ජා කර තිබිණි.

drte56v| ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් හමුවූ අවස්ථාවේදී


ශ්‍රී ලංකාවට ලැබෙන වාසි මොනවා ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක ඩුබායි සංචාරයේදී තමන් සමග සාකච්ජා කළ රාජ්‍ය නායකයින්ට මෙන් ම සමාගම් ප්‍රධානීන්ට ද ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයන්හි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයා එහිදී තමන් හමුවූ පිරිස් දැනුවත් කර තිබෙන අතර ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙසට ද ආරාධනා කර තිබේ.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් සැපයීම සඳහා එම සමාගම කැමැත්ත පළ කර තිබේ.

කලාපීය වශයෙන් වන ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා වූ ඔරකල් සමාගමේ දැක්මට අනුකූල වන හෙයින් දකුණු ආසියානු කෘත්‍රිම බුද්ධිය (AI) සහ Cloud Center ලෙස කොළඹ වරාය නගරයේ සිය කාර්යාලයක් පිහිටු වීමට ඔරකල් සමාගම දැඩි උනන්දුවකින් පසු වන බව එහි විධායක උප සභාපතිවරයා එහිදී පවසා තිබේ.

sdr564h| ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවී...


ඩුබායි රාජ්‍යය සමග අත්සන් කළ ගිවිසුම කුමක් ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹිණි.

මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් බින් හාඩි අල් හුසේනි සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් අත්සන් තබා ඇත.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ගෝලීය වෙළෙඳපොළවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, විදේශයන්හි ආයෝජන ආරක්ෂා කිරීමත් සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නා වූ ද, ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්නා වූ ද, පුළුල් ආයෝජන ආරක්ෂණ, ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ සහ ප්‍රතිපත්ති රාමු සම්පාදනයෙන් දෙරට අතර විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ගිවිසුමෙහි අරමුණ වේ. මෙම ගිවිසුම ගෝලීය ආර්ථික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පහසුකම් සලසනු ඇත.

ද්විපාර්ශ්වික ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි වන වැදගත්කම මෙයින් අවධාරණය කෙරෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටෙහි කැපවීම මෙමගින් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ හා ව්‍යාපාර ව්‍යාප්තිය දිරිමත් කරන අතර ම විනිවිද පෙනෙන සහ ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.

විදේශ සෘජු ආයෝජන (FDI) වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද මෙම ගිවිසුමෙන් අවධාරණය කර ඇති අතර මෙම ගිවිසුම ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමටත්, ආර්ථික ප්‍රගතියට හේතු වන නව ව්‍යාපාරික අවස්ථා ජනනය කිරීමටත් හේතු වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

| BBC සිංහල සේවය

සබැඳි පුවතක් :

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

https://www.theleader.lk/news/29964-2025-02-13-07-32-43
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපතිගේ UAE සංචාරය : එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අත්සන් කළ ගිවිසුම කුමක් ද? | The Leader