BREAKING
Top Ad
විශේෂාංග

සොරොස්ගේ ප්‍රත්‍යාවර්තකතා න්‍යාය ගැන (04) -අරවින්ද හෙට්ටිආරච්චි

T

The Leader

June 12, 2021 • 11:42 PM

සොරොස්ගේ ප්‍රත්‍යාවර්තකතා න්‍යාය ගැන (04) -අරවින්ද හෙට්ටිආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක්. - 04 වන කොටස
  • එතනින් එහාට  400 West 59th Street | New York, NY 10019, U.S.A.
  • | Tel 1-212-548-0600 | www.soros.org  කියන සොරොස්ගේ ලින්ක් එකට අනෙක් බොහෝ වෘත්තිකයින්ට වඩා හොඳින් ආර්ථිකය ගැන අනාවැකි හෙවත් පුරෝකථන කියන්න පුළුවන් වුණා.
  • යථාර්ථය ගැන මිනිසුංට තම අවබෝධය වැඩිකරන්න දායක වෙන විදිහට බැරෑරුම්ව සැලකිල්ලට ගන්න තරම් වටිනා දෙයක් බවට මගේ දර්ශනවාදය පත් වුණා, මේ දේශන මාලාව දෙන්නට මං පෙළඹුනෙත් අන්න ඒ හින්දයි,”සොරොස් පවසනව.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට පස්සෙ, ©2012 ලෙස සොරොස්ට ම කියල අයිතියක් තියෙන විවෘත සමාජ පදනම ස්ථාපනය කරගන්න එයාට හැකි වුණා. ඒ පදනමට සියළු හිමිකම් ඇවිරිණි යන සහතිකයත් ගන්න පුළුවන් වුණා. එතනින් එහාට 


400 West 59th Street | New York, NY 10019, U.S.A. | Tel 1-212-548-0600 | www.soros.org  කියන සොරොස්ගේ ලින්ක් එකට අනෙක් බොහෝ වෘත්තිකයින්ට වඩා හොඳින් ආර්ථිකය ගැන අනාවැකි හෙවත් පුරෝකථන කියන්න පුළුවන් වුණා.

  
 “මේකෙන් මගේ ඇගයීම විතරක් නෙවෙයි, තව බොහෝ උදවියගෙ ඇගයීම්  පවා වෙනස් වෙන්න පටන් ගත්ත. ඉතිං එතනින් එහාට මගේ දර්ශනවාදය මගේ ම පුද්ගලික කාරණාවක් විතරක් වුණේ නැහැ. යථාර්ථය ගැන මිනිසුංට තම අවබෝධය වැඩිකරන්න දායක වෙන විදිහට බැරෑරුම්ව සැලකිල්ලට ගන්න තරම් වටිනා දෙයක් බවට මගේ දර්ශනවාදය පත් වුණා, මේ දේශන මාලාව දෙන්නට මං පෙළඹුනෙත් අන්න ඒ හින්දයි,”සොරොස් පවසනව.
ඔන්න පේනව නේද වැඩේ?

අද වෙනකොට සොරොස්ට සාමාන්‍ය අර්ථයෙන් වැටීම පිළිබඳ න්‍යායය සහ ප්‍රත්‍යාවර්තකතා සංකල්පයි කියන දෙක ම පැහැදිලි කරන්න පුළුවන් වෙලා තියෙනව.01
  
“හෙට දවසේ දි මං මේ න්‍යායයි සංකල්පය යි මූල්‍ය වෙළඳපළවල් වලටත්, ඊට පස්සෙ දේශපාලනයටත් අදාළ කරල පෙන්වනව. ඒ හරහා විවෘත සමාජය කියන සංකල්පය තව තවත් සමාජගත වේවි.” කියා සොරොස් අපේක්ෂා සහගව කියා සිටියා.
  
සොරොස් එයාගෙ හතරවන දේශනයේ දී, වෙලඳපොල වටිනාකම් සහ සදාචාරාත්මක වටිනාකම් අතර තියෙන වෙනස ගවේශණය කරන්න බලාපොරොත්තු වෙනව. පස්වන දේශනයේ දී, ඉතිහාසයේ වර්තමාන මොහොතේ ඇති ආර්ථිකව ලෙඩ ගතිය සමනය කරන බෙහෙත් වට්ටෝරු කිහිපයක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනව.
  
“මට මේකෙ කේන්ද්‍රීය අදහස සරල යෝජනා දෙකකින් කියල දාන්න පුළුවන්.” කියල සොරොස් පවසනව.
සොරොස්ට අනුව එයින් එකක් තමයි, යම් යම් උදවිය සිතන්නෝ ලෙස සහභාගී වන අවස්ථාව. හොඳට බැලුවොත් සිතීමෙන් සහභාගි වන උදවිය බොහොමයකගෙ දැක්ම අර්ධ-විකෘතියි. 

ඉතිං වැටීමේ හැකියාව පිළිබඳ මූලධර්මය කියන්නෙ ම ඔය ටිකට තමා. 

සොරොස් කියන විදිහට, මේ විකෘති අදහස් නිදහසේ ඔහේ පා වෙවී තියෙන්නෙ නැහැ. ඒ විකෘති අදහස් වලින් පවතින වාතාවරණයට, අවස්ථාවට හෝ තත්වයට බලපෑම් කරනව. ඒ කියන්නේ මේ වැරදි දැක්මවල් වලින් අදාළ නැති අනවහ්‍ය ක්‍රියා සිද්ධ වෙනව. 

 ඉතිං මූලිකව “ප්‍රත්‍යාවර්තකතා මූලධර්මය” කියන්නනේ ඔන්න ඕකට ම තමා.

උදාහරණයක් විදිහට, අධිකව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැයි වෙච්ච කෙනෙකුව අපි අපරාධකරුවෙක් විදිහට භාර අරං ඒ විදිහට සැලකුවොත්, එකෙන් එයා ම අපරාධ කරන්න පටන් අරන්, ප්‍රතිඵලයක් විදිහටඑ අපරාධකාරී හැසිරීම් ඇතිවෙන්න පටන් ගන්නව.    

ඉතිං ඒකෙන් වෙන්නෙ ගැටළුව වැරදි විදිහට තේරුම් ගැනීම සහ භාර ගැනීම.
ඉතිං ඒකෙන් අර ඇබ්බැහි වූවන්ට නිවැරදිව සහ නිසි අයුරින් සලකන්න තියෙන අවකාශයට බාධා ඇති වෙනව. 
තවත් උදාහරණයක් කිව්වොත්, රජය නරකයි කියල දිගට ම කියන්න ගත්තහම, ඒකෙන් නරක ආණ්ඩුවක් ඇතිවන තැනට නැඹුරුවක් ඇති වෙනව. 03

ඉතිං මේ විදිහට ගත්තහම, හිතන විදි දෙකක් තියෙනව. 

1. වැරදි විදිහට සිතීම. 

2. ප්‍රත්‍යාවර්ථකතාව

හැබැයි ඉතිං මේ දෙකින් එකක් සාමාන්‍ය වෙලා අනික අසාමාන්‍ය වෙන්නෙ හැහැ. 

මේ දෙක ම එදිනෙදා අපිට හමුවෙන සාමාන්‍ය බුද්ධි වර්ග දෙකක්. 

මේ දෙකට ම සාමාන්‍ය දැනීම කියල කියන්නත් පුළුවන් . 

“ඉතිං මම පැහැදිලි ප්‍රකාශ ඔහේ කියල දානව කියල, මාව විවේචනය කරන උදවිය කියද්දි, ඒකේ ඇත්තකුත් තියෙනව. හැබැයි ඒත් ඒ විනිශ්චයන් ඇත්ත වෙන්නෙ එක්තරා සීමා ලක්ෂයක් දුරට යනකං විතරයි,” කියල සොරොස් කියනව.


සොරොස් කරන යෝජනාව හිතට වදින්නේ ඇයි?


ඒවායේ වැදගත්කම සමාන්‍ය ලෝකයේ දි අගය කෙරිල නැති හින්ද යි ඒ. 

බලන්න, සොරොස්ගෙ යෝජනාවල් සාමාන්‍ය ලෝකයේ ඉන්න පොදු උූදවිය අතින් නිතර ම අගය කෙරිල තියෙනව නම්, ඒකෙ ඒ හැටි වැදගත්කමක් කාගෙවත් හිතට වදින්නෙ නැහැ. 02

සොරොස් කියන විදිහට, විශේෂයෙන් මේ ප්‍රත්‍යාවර්තකතා සංකල්පය වෘත්තීය සමාජ විසින් හිතාමතාම මගහැරලයි ඉන්නෙ. පවතින ආර්ථික විද්‍යා න්‍යායත් මේක ප්‍රතික්ෂේප කරමිනුයි පවතින්නෙ.
සොරොස්ගේ සංකල්ප රාමුව බැරෑරුම් විදිහට භාර ගන්න ඕන, ඒක අලුත් සොයාගැනීමක් හින්ද ම නෙවෙයි. 
ප්‍රත්‍යාවර්තකතාව කියන්නේ පොදු දෙයක් හින්දයි ඒහෙම කරන්න ඕන. ප්‍රත්‍යාවර්කතාව කියන පොදු දේ එතරම් ම නොසලකාහැරලයි තියෙන්නේ.

ප්‍රථාවර්තකතා සංකල්පය හඳුනාගැනීම කියන ක්‍රියාවලිය සොරොස් කැපකරල තියෙන්නේ, මානව කටයුතුවලට සහ විශේයෙන් ආර්ථික කටයුතුවලට අයිති නියතභාවය දූහුබඳින්න අපට උදව් වෙන්න යි.

ඒත් මේ කොහොම උනත් මිනිස්සු කරන කියන දේවල් සහ  එයාලගෙ දෛනික නියූතුවීම් ගත්තොත්, ඒවායේ පවත’ින යතුරු ලක්ෂණය ම අනියතභාවයයි හෙවත්                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   අවිනි ෂ්චිතතාවය යි.  
 

“හොඳට බැලුවොත් මේ වෙනකොට පාවිච්චියට ගන්න ආර්ථික න්‍යාය ගොඩනගල තියෙන්නේ සමතුලිලතතාවය කියන සංකල්පය මත පිහිටල. මං ඔයාලට මේ කියමින් ඉන්න ප්‍රත්‍යාවර්තකතාව  පිළිබඳ සංකල්පය කියන්නෙ ඒකට කෙලින් ම පටහැනි යමක්,” කියල සොරොස් කියනව. 

මේ සංකල්ප දෙක මූදල් වෙළඳපලවල් ගැන දෙන්නේ සම්පූර්ණයෙන් ම එකටෙක වෙනස් අර්ථකතන දෙකක්.  මේ ජීවත් වෙන ලෝකයේ දී අපිට හමුවන සංකීර්ණකම විසින් එම සංකීණකම වටහා ගන්නට අපිට තියෙන හැකියාව පහුකරල යන බව තමයි අපි කාගෙත් සාමාන්‍ය පිළිගැනීම. 
“ඒ ගැන ඔයාලට කියල දෙන්න හරිම විශාල ඇතුළාන්ත අවබෝධයක් මට තියෙනව.”
 
බලන්න, මුහුණ දෙන්න දුෂ්කරතාවක් තියෙනව.  
ඒක තමයි, මේ දුෂ්කරතාවයේ ප්‍රධාන ප්‍රභවය.
ඒ ප්‍රභවය තමයි, විසඳීමට සහභාගි වෙන අයත්  ඔවුන්ට මුහුණ දී ගනු දෙනුකරන්න සිද්ධ වෙලා තියෙන තත්වයේ ම කොටසක් වීම.   
බලන්න අපි අතිශය සංකීර්ණ යථාර්ථයකට මුහුණ දෙමිනුයි ඉන්නෙ.
ඒත් ඒ මුහුණ දෙන ගමන් ම, සරල කිරීමේ සහ සාමාන්‍යකරණය කිරීමේ ක්‍රමවේද තුළ ද, ද්වී-භාෂාවන් තුළ ද, රූපක තුළ, තීරණ නීති තුළ ද, සදාචාරාත්මක ශික්ෂාවන් තුළ ද (මේ කිහිපයක් විතරයි) ලැගුම් ගැනීමට අපි බැඳී සිටිනව.  

 

ඊළඟ කොටස හෙට - ඊළඟ කොටසටත් ආසයි වගේ හිතෙනව නම් නම් හෙටත් අපේ මේ web බලන්න!)
 
 
THE LEADER TV 

 

 


මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි! 

   

 


සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...