BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 67 : ඔයා දැනට මං කියන දේ විතරක් කරන්න - (ජයසිරිගේ නවකතාවක්)

T

The Leader

April 21, 2023 • 3:14 AM

වජ්ජා’වජ්ජ 67 : ඔයා දැනට මං කියන දේ විතරක් කරන්න - (ජයසිරිගේ නවකතාවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිෂ්ඨ මඳක් වික්ෂිප්ත විය. ඒ, ඇය ඔහු සිටින්නේ කොතැනදැයි දැන සිටි බැවිනි.
  • ප්‍රතිෂ්ඨගේ දුරකතනයේ ආලෝකය දැල්විණ; එය ඇමතුමක් නොව කෙටි පණිවිඩයක් බවත්, එය එවා තිබෙන්නේ සචේතනී බවත් දුරකතනය දෙස බැලූ විගස ම ප්‍රතිෂ්ඨ වටහාගත්තේ ය.
  •   ‘‘Come to the bus halter near the Panaagoda camp at 06.45 tomorrow morning.’’ (හෙට උදේ 06.45ට පනාගෙඩ කෑම්ප් එක ගාව බස්හෝල්ට් එකට එන්න.) යනුවෙන් එම කෙටි පණිවිඩයේ ස‍ඳන්ව තිබිණ.
  • ඔහු පැමිණිය යුත්තේ කුමක් සඳහාද යන්න පිළිබඳ කුඩා ඉඟියක් හෝ එහි සඳහන්ව නොතිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):



‘‘ඔතනිං කියන්නෙ... කොතනිංද...?’’

ප්‍රතිෂ්ඨ විමසුවේ තව වදනක් දෙකක් හෝ ඇය සමග හුවමාරු කරගන්නට ඇති රුචිකත්වය හේතුවෙනි.

‘‘හරි හරි... මං හතරට කලිං පණිවිඩේ දෙන්නංකො...’’

ඒ පිළිතුරෙහි ඇගේ දැනුවත් භාවය කදිමට ගැබ්ව පැවතිණ.

ඇගේ කැමැත්තපරිදි සිදුවන යමක් සිදුවෙතැයි ඉටාගත් ප්‍රතිෂ්ඨ සිය රාජකාරියෙහි නියැළිණ.

වේලාව හරියට ම සවස තුන පසු වී මිනිත්තු පනහකි. ප්‍රතිෂ්ඨගේ දුරකතනයේ ආලෝකය දැල්විණ; එය ඇමතුමක් නොව කෙටි පණිවිඩයක් බවත්, එය එවා තිබෙන්නේ සචේතනී බවත් දුරකතනය දෙස බැලූ විගස ම ප්‍රතිෂ්ඨ වටහාගත්තේ ය.

 

sdfsffe

‘‘Come to the bus halter near the Panaagoda camp at 06.45 tomorrow morning.’’ (හෙට උදේ 06.45ට පනාගෙඩ කෑම්ප් එක ගාව බස්හෝල්ට් එකට එන්න.) යනුවෙන් එම කෙටි පණිවිඩයේ ස‍ඳන්ව තිබිණ. ඔහු පැමිණිය යුත්තේ කුමක් සඳහාද යන්න පිළිබඳ කුඩා ඉඟියක් හෝ එහි සඳහන්ව නොතිබිණ. නමුදු එම පණිවිඩය නොසලකා හැරීමට ප්‍රතිෂ්ඨට නොහැකි විය.

‘‘OK Sacheti... I will come.’’

 

කිසිදු වග විභාගයක් නොකළ ඔහු පෙරළා ඇයට ද කෙටි පණිවිඩයක් යැවී ය. ඇය පිළිතුරු පණිවිඩයක් වෙනවට ප්‍රතිෂ්ඨගේ දුරකතනය සැරසුවේ පූර්ණ ස්මිතයකින් පිරි මුහුණක ඉමෝජියකිනි.

*         *          *          *          *          *          *          *          *

image 413

 

කෑම්ප් එක ළඟ බස් හෝල්ට් එක යැයි ලියා තිබුණ ද ඒ, කොළඹ දිසාවට යන බස් නැවතුම් පොළ ද, එසේත් නොමැති නම් අවිස්සාවේල්ල දෙසට යන බස් නැවතුම් පොළ ද යන්න සචේති සඳන් කර නොතිබූ බවත්, ඒ පිළිබඳ තමන් නොවිමසූ බවත් ප්‍රතිෂ්ඨට සිහිපත් වූයේ මහරගම නගරය ද පසු කළ පසුව ය.

‘කමක් නෑ... ඉස්සරවෙලා යද්දි හම්බෙන්නෙ පිටිපන පාරට හැරෙන තැන හෝල්ට් එකනෙ. අනිත් එක මට මතක විදියට පන්සල පහු කරල ටිකක් ඉස්සරහට ගියාම වම් පැත්තෙ නෙ... ඔය දෙපළෙන් එකපළක ඉඳීවි නෙ...’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ දිගට ම තම යතුරුපැදිය ධාවනය කළේ ය.

පිටිපන පාර ආසන්න වන විට යතුරු පැදියේ වේගය මඳක් බාල කළ ප්‍රතිෂ්ඨ එම බස්නැවතුම දෙස අවධානයෙන් ඉදිරියට ඇදිණ. ඔහුගේ නිගමනය නිවැරැදි වී තිබේ; සචේතනී පිටිපන පාර අසල පිහිටි බස් නැවතුම් පොළට මඳක් ඔබ්බෙන් එම මාවතේ ම දකුණු පස ඇගේ ස්කූටර් වර්ගයේ යතුරු පැදිය මත අසුන්ගෙන හයිලෙවල් පාර දෙස නෙත් අලවාගෙන සිටිනු දක්නට ලැබිණ. අදාළ බස් නැවතුම පසු කර මීටර විස්සක් පමණ යතුරු පැදිය ධාවනය කළ ප්‍රතිෂ්ඨ එය ආපසු හරවාගෙන පිටිපන පාරට හරවා සචේතනි පසුකර ම‍ඳ දුරක් ගොස් ආපසු හරවාගෙන විත් ඇය අසල ම, ඇගේ වම්පසට වන්නට නතර කළේ ය.

 

බලාපොරොත්තු නොවූ සිද්ධියකට මුහුණ පැවා සේ තැති ගත් ස්වරූපයෙන් ප්‍රතිෂ්ඨ දෙස විමතියෙන් බැලු සචේතනී තමා අබියස සිටින පුද්ගලයා හඳුනාගත් බැවින් ක්ෂණයකින් තැතිගත් ස්රුපය පළවා හැර, පූර්ණ ස්මිතයක් අවනෙහි සිතුවම් කරගත්තා ය; ඒ සමග ම... ‘‘මං මේ හයිලෙවල් පාර බලාගෙන හිටිය ඔයා එනකං,’’ යැයි පැවසුවේ දිගු කලෙකින් නොදුටු ප්‍රේමවන්තයා මුණ ගැසුණු නිමේෂයේ පෙම්වතිය සිය ප්‍රහර්ෂය බෙදාගන්නා ආකාරයෙනි.

 

stood up elaine silverman sturm‘‘මං හයිලෙවල් පාරෙං තමයි ආවෙ. කොයි පැත්තට යන බස් නවත්තන හෝල්ට් එකේ ද කියල ඔයා ලියල තිබුණෙත් නෑ; මට අහන්නත් බැරි උණ නිසා මං කෝකටත් මේ හෝල්ට් එක බලාගෙන යද්දි මං දැක්ක ඔයා මෙතන ඉන්නව. ඊට පස්සෙ චුට්ටක් ඉස්සරහට ගිහිං, ආපහු හරවං ආව.’’

ප්‍රතිෂ්ඨ නොනවත්වා ම පැවසුවේ ආරක්ෂිත හිස්වැසුම ඉවත් කරන අතර ය.

‘‘ඒක නෙ... මං ඒත් කල්පනා කරා ඔයා කොහෙද මෙහෙන් එන්නෙ කියල.’’

ඇය එසේ පවන විට ‘කොහෙන් ආවත් කමක් නෑ ඔයා ආව නෙ...’ නමැති වදන් පෙළ ඇගේ දෙනෙත්වල ලියැවී ඇති බව පැහැදිලිව ම දක්නට ලැබිණ.

‘‘හරි... ඒකෙන් කමක් නෑ... මං කොහෙන් හරි ආව නෙ... දැං කියන්නකො ඇයි මට එන්න කිව්වෙ කියල.’’

මා එසේ විමසුවේ අවට කිහිප දෙනෙකුගේ ම නෙත් අප දෙදෙනා වෙත යොමු කරනු දුටු බැවිනි.

‘‘හ්ම්ම්ම්... එන්න කිව්වෙ ද...?’’ යැයි ඇයත් පෙරළා විමසුවේ සුවිසෙස් හේතුවක් මත බව ප්‍රතිෂ්ඨ වටහා ගත්තේ ය.

‘‘ඔයා මේ පාර දන්නව ද... මේ පාරෙ ගිහින් තියෙනව ද...?’’

ඇය, පිළිවදන් සපයනවා වෙනුවට පැනයක් විමසුවා ය.

‘‘ආ... ඔවු... අර මේ... දෙපැත්තෙම වෙල මැදින් පාර පටන්ගන්නෙ... අන්න එතනට එනකං ගිහිං තියෙනව. මොකද ඒ වෙල පටංගන්න තැනිං උඩට තියෙන පාරෙ ටික දුරක් ගියා ම මගේ යාළුවෙක් ඉන්නව. ආ... තව මේ... මේ පාරෙ මං හොඳට අඳුරන ප්‍රොෆෙසර් කෙනෙකුත් ඉන්නව. මං...’’

 

ww1426

‘‘ප්‍රොෆෙසර් ජයලත් වෙන්නැති...’’

මගේ අදහස පවසා අවසන් වන්නට පෙර ඇය මැදිහත් වී විමසුවා ය.

‘‘ඔවු... එයා තමයි... ඔයත් එයාව දන්නව ද...?’’

 

‘‘නෑ අනේ... එයා ඉන්න ගේ මං දන්නව... හරි... දැං මං වැඩේ කියන්නංකො,’’ යැයි පැවසු ඇය ස්කුටරයෙන් නැගිට මා අසලට පැමිණ, මගේ දකුණු පසින් සිටගෙන, මගේ යතුරු පැදියේ හැඬලය අල්ලාගෙන ‘‘මං දැං ඔයාට වැඩක් පවරනව... හැබැයි ඒ ගැන විස්තර මොනවත් ම දැං ම මගෙං අහන්නෙපා. මං හැම දෙයක් ම ඔයාට පස්සෙ කියන්නං. ඔයා දැනට මං කියන දේ විතරක් කරන්න... හා ද...?’’ යැයි විමසු ඇය මා වෙතින් ‘‘හා’’ යන වදන පමණක් ම බලාපොරොත්තු වන බව දෙනෙතින් කියා පෑවා ය.

 

beautiful bizarre alex garant 04‘ම්ම්ම්... මොකද්ද ඒ පාර මෙයා නටන්න හදන නැටුම...? බෑ කියන්නත් බෑ... ඒත්...’

‘‘මොනවද අනේ කල්පනා කරන්නෙ... හා ද... බෑ ද...’’

ඇය එවර විමසුවේ ‘‘ඉක්මනට කියන්න අප්පා’’ යන වදන් ඇගේ දෙනෙත් තුළින් විදහා පාමිනි.

‘‘නෑ මං මේ කල්පනා කරේ...’’

‘‘මේ අහන්නකො... කල්පනා කරන්න දෙයක් නෑ... තව ටික වෙලාවයි තියෙන්නෙ... මං ඔයාට සිද්ධිය ඔක්කොම පස්සෙ කියන්නං. මට මේ වැඩේ කරල දෙන්න පුළුවන් ද කියන්නකො...’’

එළඹ තිබෙන තත්ත්වය අනුව ඇයට මේ මොහොතේ ම මගේ උපකාර අවශ්‍යව ඇත. ඉදින් තවත් පමා වීමේ අරුතක් නොමැත.

‘‘හරි හරි... කියන්නකො... මං වැඩේ කරන්නං...’’

*         *          *          *          *          *          *          *          *

සචේතනී පැවසූ මං සලකුණ සොයමින් ප්‍රතිෂ්ඨ පිටිපන පාර ඔස්සේ යතුරුපැදිය ධාවනය කළේ ය. කිලෝ මීටරයකට ආසන්න දුරක් යතුරු පැදිය ධාවනය කළ විට ඇය පැවසූ එක් මං සලකුණක් දක්නට ලැබිණ; ප්‍රතිෂ්ඨ එම සලකුණ අසලට ළඟා වන විට ම ඇය පැවසූ අතුරු මාවත ද දක්නට ලැබිණ. එම මාවත පසු කර මීටර් දහයක් පහළොවක් පමණ යතුරු පැදිය ධාවනය කළ ඔහු එය ආපසු හරවාගෙන විත් සචේති පැවසු මාවතට අවතීර්ණ වී ඇය පැවසූ අංකය සඳහන් පවුර සහිත නිවස සොයන අටියෙන් තම දකුණත පස පිහිටි පවුරු කෙරෙහි අවධානය යොමු කරමින් යතුරු පැදිය ඉදිරියට ධාවනය කළේ ය.

 

‘ආ... මේ තියෙන්නෙ බඩු... හරි... අර පේන්නෙ වංඩිය... සචේති කිව්ව විදියට තවම පොර ගිහින් නෑ. මේ පාරෙ බයික් එක තියාන ඉන්න බෑ නෙ... ප්‍රධාන පාරට අරගෙන අයිනක නවත්තගෙන හිටියනං හරි...’

 

house in the field 1893.jpgLarge

සචේති පැවසූ ආකාරයට අදාළ නිවසේ ගේට්ටුව නිමවා තිබුණේ හතරැස් යකඩ පයිප්පවලිනි. ගේට්ටුවට තහඩු සවි නොකර ඇති බැවින් නිවසේ ඉදිරිපස කොටසෙන් අඩක් පමණ සහ ගරාජයේ තිබෙන වාහනය ද මාර්ගයේ යන එන පුද්ගලයන්ට දැකගත හැකි ය. එය: මොන්ටෙරෝ වර්ගයට අයත්, රතු පැහැති, නවතම සුඛෝපභෝගි ජිප් රථයකි.

ප්‍රතිෂ්ඨ එම නිවස පසුකර මඳ දුරක් ගොස් යතුරු පැදිය ආපසු හරවා ප්‍රධාන මාර්ගය (පිටිපන පාර) වෙතට ධාවනය කළේ ය. එම මාවතට පිවිසි පසු හයිලෙවල් මාර්ගය දෙසට ඉතා කෙටි දුරක් පැමිණ මාර්ගයෙන් පිටත ඉඩ ඇති ස්ථානයක යතුරු පැදිය නතර කරනවාත් සමග ම ඔහුගේ දුරකතනය නාද විය. යතුරු පැදිය නතර කළ හෙතෙම ඉන්ජිම අක්‍රීය නොකර ම කමිස සාක්කුවේ තිබූ දුරකතනය අතට ගත්තේ ය; ඒ සමග ම කුමක් හෝ උකුළ මතට වැටුණ ද එය නොතැකූ හෙතෙම දුරකතනය දෙස අවධානය යොමු කළේ ය; ඇමතුම සචේතනිගෙනි. ඔහු ඇමතුම විවෘත කළේ ය.

‘‘ඔවු කියන්න සචේති...’’

‘‘කොහොම ද... තැන හොයාගත්ත ද... වාහනේ තිබුණ ද... ඔයා දැං කොහේද ඉන්නෙ...?’’

දුරකතනය තුළින් එක පෙළට ගලා ආවේ ප්‍රශ්නාවලියකි.

උවනතේ ප්‍රහර්ෂණාත්මක ස්මිතයක් සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘දැං මං මොන ප්‍රශ්නෙට ද ඉස්සෙල්ල උත්තර දෙන්න ඕන...?’’ යනුවෙන් ඇගෙන් ද පැනයක් විමසී ය.

‘‘ඔක්කොට ම අනේ ඔක්කොට ම... කියන්නකො අගේ නොකර...’’

 

ප්‍රතිෂ්ඨ පවසන්නේ මොනවා ද යන්න දැනගැනීමේ දැඩි රුචිකත්වයකින් ඇය පෙළෙන බව ඔහු ප්‍රත්‍යක්ෂ කරගත්තේ ය. ඇගේ රුචිකත්වය විහිළුවකට ලක් කිරීම සුදුසු නොවේ යැයි තීරණය කළ හෙතෙම යතුරු පැදියේ පැති ආධාරකය පහත හෙළා එහි ආධාරයෙන් යතුරු පැදියේ බර සහ ඔහුගේ බර පොළොව මත පැටවී ය.

 

3421f2ead0fd4055abeb75d681a6d1a1‘‘හරි... තැනට ගියා... වාහනේ තවම තියෙනව. මං මේ දැං ඉන්නෙ පිටිපන පාරෙ...’’

‘‘හරි... එහෙනං ඔහොම්ම ඉඳල මං කියපු විදියට කරන්න. දැං වෙලාව... හතයි විස්සයි. මං කියපු කෙනා සාමාන්‍යයෙන් හත හමාර වෙද්දි ගෙදරිං පිටත් වෙනව. මං ගෙදර ඉන්නෙ... හැම එකක් ම මට ඉන්ෆෝම් කරන්න... එහෙනං මං තිබ්බා... මොකද මාත් එක්ක කයිය ගහගෙන ඉද්දි වාහනේ යන්න පුළුවං,’’ යන අවසන් වදන් පෙළ ඇය මුදා හැරියේ සිහින් සිනාවක් ද සමග ය. ඇය පැවසු අනෙක් වදන් කෙසේ වුව ද ඒ සිහින් සිනහව නම් ඔහුගේ රස නහර පිනවී ය.

දුරකතනය යළි සාක්කුවට දමාගන්නට සුදානම් වන විට උකුළ මත තිබෙන, ම‍ඳක් ගුළි වූ මුදල් කඩදාසි කැබැල්ලක් වැනි යමක් වෙත ක්ෂණිකව ම ඔහුගේ අවධානය යොමු විය. ඒ සමග ම මීට ටික වේලාවකට පෙර සිදුවු යමක් ඔහුට ආවර්ජනය විය.

ඉවර නෑ...



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/04/21


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...