BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 69 : තැඹිලි පාට මූණ රෝසපාට වීගෙන එනව නේද...? - (ජයසිරිගේ නවකතාවක්)

T

The Leader

May 5, 2023 • 4:51 AM

වජ්ජා’වජ්ජ 69 : තැඹිලි පාට මූණ රෝසපාට වීගෙන එනව නේද...? - (ජයසිරිගේ නවකතාවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘හරි... එහෙනං ඔහොම්ම ඉඳල මං කියපු විදියට කරන්න. දැං වෙලාව... හතයි විස්සයි. මං කියපු කෙනා සාමාන්‍යයෙන් හත හමාර වෙද්දි ගෙදරිං පිටත් වෙනව.
  • මට දැනුණ සල්ලි කොළයක් සාක්කුවට ඔබපු බව...
  • එයා කියපු විදියට දැං වාහනේ එනව ඇති.’   තම සිතට ගලා එන විවිධාකාරයේ සිතුවිලි ඉවත දැමූ ප්‍රතිෂ්ඨ යළි මාර්ගය දෙස අවධානය යොමු කළේ තමන් බාරගත් වගකීම ඉටු කළ යුතු බැවිනි.
  • හරියට ම 07.35 වන විට Toyota Aqua වර්ගයේ ළා නිල්පැහැති කාරය ඔහු අසලින් ඉදිරියට ඇදිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

මං ගෙදර ඉන්නෙ... හැම එකක් ම මට ඉන්ෆෝම් කරන්න... එහෙනං මං තිබ්බා... මොකද මාත් එක්ක කයිය ගහගෙන ඉද්දි වාහනේ යන්න පුළුවං,’’ යන අවසන් වදන් පෙළ ඇය මුදා හැරියේ සිහින් හඬින් රැව් දෙන ස්මිතයක් ද සමග ය. ඇය පැවසූ අනෙක් වදන් කෙසේ වුව ද ඒ ස්මිතයේ හඬ නම් ඔහුගේ රස නහර පිනවී ය.

දුරකතනය යළි සාක්කුවට බහාලන්නට සුදානම් වන විට උකුළ මත තිබෙන, ම‍ඳක් ගුළි වූ කඩදාසි කැබැල්ලක් වැනි යමක් වෙත ක්ෂණිකව ම ඔහුගේ අවධානය යොමු විය. ඒ සමග ම මීට ටික වේලාවකට පෙර සිදුවූ යමක් ඔහුට ආවර්ජනය විය.

ක්ෂණිකව ම එම කඩදාසිය කොළය අතට ගත් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් විසල් වූයේ ස්වයංක්‍රීයව ම ය.

 

‘අහ්...! රුපියල් පන්දාහක්...!! මේ මනුස්සයට පිස්සුද මංද... මට දැනුණ සල්ලි කොළයක් සාක්කුවට ඔබපු බව... ඒත් පන්දාහක්...! මෙච්චර ගාණක් දීල මෙයා මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ...? ෂිහ්... මට තිබුණෙ මේක නොගෙන ඉන්න... දැං ඒක ගැන හිතල වැඩක් නෑ... එයා කියපු විදියට දැං වාහනේ එනව ඇති.’

 

තම සිතට ගලා එන විවිධාකාරයේ සිතුවිලි ඉවත දැමූ ප්‍රතිෂ්ඨ යළි මාර්ගය දෙස අවධානය යොමු කළේ තමන් බාරගත් වගකීම ඉටු කළ යුතු බැවිනි.

සචේතනී නිවැරැදි ය... හරියට ම 07.35 වන විට Toyota Aqua වර්ගයේ ළා නිල්පැහැති කාරය ඔහු අසලින් ඉදිරියට ඇදිණ. කඩිනමින් ම යතුරුපැදිය පණ ගන්වාගත් ප්‍රතිෂ්ඨ එම කාරය පසුපස හඹා යාම ඇරඹී ය.

 

car pass
*         *          *          *          *          *          *          *          *

‘‘ඔවු... කියන්න ප්‍රතිෂ්ඨ...’’

ප්‍රතිෂ්ඨ වෙතින් ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටි සචේතනී, දුරකතනයේ පළමු නාදය නිකුත්වනවාත් සමග ම ඇමතුම විවෘත කර ඇගේ හඬ මුදා හැරියා ය.

‘‘ෆෝන් එක කනේ ම තියාගෙන ද හිටියෙ...?’’

ප්‍රතිෂ්ඨ විමසුවේ උවනෙහි මන්දස්මිතයක් ද සිතුවම් කරගනිමිනි.

‘‘අනෙහ් මේ... විහිළු නොකර කියන්නකො... මොකද උණේ...? දැං ඔයා කොහෙද ඉන්නෙ...?’

 

Phone call 2’රූපකාය නෙත නොගැටුණ ද දුරකතනයෙන් ගලා එන වදන්වල හඬින්, ඇගේ උවනේ හැඩය කෙසේද යන්න පිළිබඳ සිතුවමක් මනසේ චිත්‍රණය කරගැනීමට ප්‍රතිෂ්ඨ සමත් විය.

 

‘‘අම්මෝ... ඔයාට පුදුම හදිසියක්නෙ තියෙන්නෙ...’’

ඇගේ කලබලකාරී ස්වරය මායිම් නොකළ ප්‍රතිෂ්ඨ සියුම් හඬින් විමසී ය.

‘‘හදිසියි තමයි අනේ... කියන්නකෝ...’’

ඇය යළිත් ඇවිටිලි කළා ය.

‘‘මෙහෙමයි... දැං මං ඉන්නෙ දෙල්කඳ පොළේ... හරිද... මෑන් වාහනෙං බහිනවත් මං දැක්කා... මං දැං මේ වාහනේ පේන නොපෙනෙ දුර ඉන්නෙ... මට කියන්නකො මං මෙයත් එක්ක කොච්චර දුරක් යන්න ඕනෙද කියල...’’

 

‘‘මෙහෙමයි... ප්‍රතිෂ්ඨ... ඔයා ඉස්සෙල්ල ම එයාගෙ මූණ බලාගන්නකො. ඊට පස්සෙ මට විස්තර ටික කියන්න. අද එයා මේ වෙලාවෙ යන තැන මං දන්නව. හැබැයි මං ඔයාට කියන්නෑ... ඔයාම මෑන්ගෙ පස්සෙං ගිහිං මට කියන්නකො... ඊට පස්සෙ කරන්න ඕනෙ මොනවද කියල මං ඔයාට කියන්නං...’’

 

මෙහෙයුමේ අවසානය කුමක්දැයි වසං කළ ඇය තව දුරටත් මෙහෙයුමේ නිරතවන්නැයි ඉඟි කළා ය.

‘‘හා... හා... මැඩම්... මං එහෙම කරන්නංකො...’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ මෙහෙයුම් නිලධාරිනියගේ බහට අවනත වූ බවට ඉඟි කරමිනි.

‘‘පිස්සු කෙළින්නැතුව මං කියපු දේ කරන්නකො.’’

ඇය යළිත් වතාවක් පෙර සේ ම ඇගේ සිහින් ස්මිත නාදය දුරකතනය ඔස්සේ පා කර එව්වා ය.

 

xyt

*         *          *          *          *          *          *          *          *

ආරක්ෂිත හිස්වැසුම ඉවත් නොකර ම අදාළ පුද්ගලයාගේ කාරය ආසන්නයට ම ගිය ප්‍රතිෂ්ඨ සචේතනී පැවසූ පරිදි ඔහුගේ හැඩරුව නිසි ලෙස මනසට ඇතුළු කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේ ය.

මිනිත්තු පහළොවක් පමණ කාලය ගෙවුණු පසු එක් අතකින් සාමාන්‍ය ප්‍රමාණයේ, හොඳින් ඉදුණු කෙසෙල් කැනක් සහ අනෙක් අතින් විවිධ වර්ගයේ එළවළු පිරි සිලි සිලි කවරයක් ද රැගෙන වාහනය අසලට පැමිණි එම පුද්ගලයා වාහනයේ ඩිකිය විවෘත කර එළවළු පිරි සිලි සිලි මල්ල සහ කෙසෙල් කැන එහි තබා, ඩිකිය වසා පැමිණ නැවත කාරය පණගන්වාගෙන ගමන ඇරඹී ය.

එවර ඔහු ගමන අවසන් කළේ නුගේගොඩ සමුද්‍ර දේවි මාවතේ පිහිටි රොටරි උපකාරක පංති සංකීර්ණයට ඇතුළු වීමෙනි. ප්‍රතිෂ්ඨට එම ගොඩනැගිලි සංකීර්ණයට ඇතුළුවීමට අවැසි කිසිදු අවසර පතක් නොමැති බැවින් සහ හේතුවක් සිතාගත නොහැකි බැවින් හෙතෙම යළි සචේතනි ඇමතී ය.

‘‘හරි ප්‍රතිෂ්ඨ... දැනට ඒ ඇති...’’

ඇය පැවසුවේ කිසිදු වගවීමකින් තොරව ය.

‘‘ඒ කිව්වෙ...?’’

ඉනොබ්බට කළ යුත්තේ කුමක් දැයි අපහැදිලි බැවින් ඔහු සචේතනීගෙන් විමසී ය.

‘‘ඔයා දැන් එයාව හොඳට බලාගත්ත නෙ...? වෙන කොහේදි හරි දැක්කත් අඳුරගන්න පුළුවන් නෙ...?’’

Gustave Courbet The Wounded Man AN.jpg.optimal

 

එම පැනයට පිළිවදන් සැපයීමට ප්‍රතිෂ්ඨ අපොහොසත් විය.

‘‘ම්ම්ම්... එහෙම නං පුළුවං වෙයිද කියල දන්නෑ සචේති... මොකද...’’

 

‘‘හරි හරි ප්‍රතිෂ්ඨ... මට තේරෙනව... දැං මට කෙරෙන්න ඕන මේකයි... ඔයා කොහොම හරි ඔය මනුස්සයව වෙන කොතනකදි හරි දැක්කත් අඳුරගන්න පුළුවන් වෙන විදියට එයාගෙ රූපෙ ඔයාගෙ හිතේ ඇඳගන්නෙක... ඒක කරන්නෙ කොහොමද කියල මං දන්නෑ... ඒත්’’

 

‘‘ඒත් කොහොම හරි ඔයා ඒක කරන්නෝන... එහෙම නේද...?’’

සචේතනී, ඇගේ අදහස මුදා හැරීම අවසන් කිරීමට පෙර ම ප්‍රතිෂ්ඨ, ඔහු අනුමාන කළ අදහස මුදාහළේ ය.

‘‘අන්න හරි... මං ඔයාට මිෂන් එකක් බාර දීල තියෙනව. ඔයා ඒක කරන්න. කරන විදිය ඔයා ම ඩිසයිඩ් කරගන්න. මොකද මට ඒ ගැන අයිඩියා එකක් නෑ... ඔයා ඒ ටික ඉවර කරාම මං හැම දෙයක් ම ඔයාට කියන්නං...’’

ඇය සියල්ල පවසා අවසන් කළා ය. එහෙත් යමක් ඉතිරිව පවතී...

‘‘ඒත්... ඒත්... මේ... මං ඒ මනුස්සයගෙ නමවත් නොදැන කොහොමද අනේ එයා හම්බවෙන්නෙ... ඔයා නං මාර වැඩ තමයි බාර දෙන්නෙ...’’

මෙහෙයුම ඉදිරියට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ම ආයුධය කුමක්දැයි නිශ්චය කරගැනීමට නොහැකි බව වටහාගත් ප්‍රතිෂ්ඨ සචේතනීට එය හැඟවී ය.

 

gustave courbet les amants dans la campagne u l q1kz3hk0ඒ නිමේෂයේ ද වදනින් පිළිවදන් සපයනවා වෙනුවෙට ඇගේ මුවෙන් ගලා ආවේ කිංකිණි හඩ පරදන රාවයක් පමණි... ඒ මිහිරි නාදය සවන් වැකෙත් ම ඇගේ උවන ප්‍රතිෂ්ඨ ඉදිරියේ දර්ශනය විය. ඔහු නිහඬව ම තමා ඉදිරියේ පෙනී සිටින සචේතනීගේ පියකරු වතෙහි රුසිරිය මනසින් වින්දනය කළේ ය. ඒ නිමේෂය තුළ ඔහු සමග ඇය දුරකතනයෙන් සම්බන්ධ වී සිටින බව පවා ඔහුට අමතකව ගියේ ය. ඔහුගේ නිහඬ බව දරාගත නොහැකව සිටි සචේතනී ඇගේ මිහිරි කිංකිනි නාදය යළි දුරකතනය වෙත මුදාහැරියා ය. ඒ සමගම මෙබඳු වදන් පෙළක් ද මුදාහැරියා ය.

 

‘‘මොකද අනේ ඔයා ගොළුවෙලා... පාරෙ පාවෙන නාරි රූපයක් දිහාවත් බලං හිටිය ද...?’’

‘‘පාරෙ පාවෙන නාරි රූපයක්...! ඔයාටත් පිස්සු ද අනේ... මං බලං හිටියෙ පාරෙ පාවෙ නාරි රූපයක් දිහා නෙවෙයි...’’

‘‘එහෙනං...?’’

සචේතනී කළ විහිළුව ඇයට ම අමතක වූ බැවින් විමසුවා ය.

WilliamEtty HeadAndShouldersOfAWoman S‘‘මං බලාගෙන හිටියේ මගේ ඇස් ඉස්සරහ ලෙළදෙන නාරි රූපෙ දිහා...’’

‘‘ඔයා ඉස්සරහ ලෙළදෙන නාරි රූපේ...! ඒ කවුද අප්පා ඒ...?’’

සචේතනි විමසුවේ ඇය ප්‍රතිෂ්ඨව අමතන්නේ දුරකතනයකින් යන්න පවා අමතක වූ විලසිනි.

‘‘වෙන කවුද ඉතිං... ඔයා මිසක්...’’

ප්‍රතිෂ්ඨගේ පිළිතුර එක පැහැර අවබෝධ කරගැනීමට සචේතනී අසමත් වූවා ය.

‘‘මම...! මං කොහේද අනේ ඔයා ඉස්සරහ...? මං ඉන්නෙ ගෙදර නෙ...’’

‘‘හරි හරි... ඒ ඔයාගෙ භෞතික ශරීරෙ නෙ... මං කියන්නෙ මගේ මනසෙ ඉන්න ඔයාගෙ රූපෙ... ඒ රූපෙ දැන් ඉන්නෙ මං ඉස්සරහ... ඉතිං මං ඒක දිහා බලාගෙන බවුන් වැඩුව... තේරුණා ද මෝඩියේ...?’’

 

ප්‍රවිෂ්ඨ පවසන්නේ කුමක් ද යන්න පිළිබඳ යම් ඉඟියක් සචේතනී හට දැනුණේ ඒ නිමේෂයේ ය. එය එක් පසෙකින් ඇය ප්‍රහර්ෂයට පත් කළ අතර ද තවත් පසෙකින් ලජ්ජිතත්ත්වයට පත්වූවා ය. එහෙත් ඇගේ ලජ්ජිත ස්වරුපය ප්‍රතිෂ්ඨට දෘශ්‍යමාන නොවන බැවින් එය මගහැරිය හැකි නොවේදැයි සිතුවා ය. නමුදු ඇයට වැරදිණ.

 

‘‘හා... හා... වට පිට බලන්නෝන් නෑ... ඔයා දකින්න දැං ඔතන කවුරුවත් නෑ නෙ... හැබැයි... මට පේනව දැං ඔයාගෙ ඔය තැඹිලි පාට මූණ රෝසපාට වීගෙන එනව කියල... හරි... මං කියන්නෙ බොරුද...?’’

ප්‍රතිෂ්ඨගේ වදන් හඬ ඇගේ සවනතට ඇතුළු වත් ම ඇය තව තවත් ලජ්ජිත වූවා ය; එය මගහරවනු වස් ඇය සංවාදය වෙනතකට මාරු කළා ය.

‘‘හරි හරි... දැං ඒ කතාවලිං වැඩක් නෑ... මං ඔයා ඉස්සර නැහැ කියල හිතාගෙන මං මේ කියන එක අහන්නකො...’’

‘‘ඒ පාර මොකද්ද කියන්න හදන්නෙ...?’’

‘‘ඔයා දැං කිව්ව නේද ඔයා ඒ මනුස්සයගෙ නමවත් දන්නැ කියල...?’’

‘‘ඔවු... දන්නැ තමයි... මං අදමයි ඒ මනුස්ය දැක්කෙත්... ඒත් මේ... මේ හොරෙන් හොරෙන් බලල. ඒකත් හරියට ම මූණ දැක්කෙ නෑ...’’

ප්‍රතිෂ්ඨ තමා පත්ව සිටින අසීරුතාව පිළිබඳ සචේතනී දැනුවත් කළේ ය.

‘‘හරි... මං ඔයාට ඉඟියක් දෙන්න ද...?’’

 

Light Touch masterඇගේ පැනයෙන් දැඩි ප්‍රහර්ෂයට පත් ප්‍රතිෂ්ඨ ‘‘දෙන්න දෙන්න... මට මේ ඔයාට කියාගන්න විදියක් නැතුව හිටියෙ... දෙන්න... පොඩි ඉඟියක් හරි තිබුනොත් මට ඒ පස්සෙ ෆලෝ කරන්න පුළුවං...’’ යැයි තරමක් හඬින් පැවසුවේ ඇය තමා ආසන්යේ රැඳී සිටින ලෙසිනි.

 

‘‘හරි... එහෙනං... හොඳඅඅඅට අහගන්න...’’

ඇය මුදාහරින වදන් තරමක් දිර්ඝ කරමින් පැවසුවා ය.

‘‘හරි හරි... අගේ නොකර කියන්නකො...’’

ප්‍රතිෂ්ඨ ද නොඉවසිලිමක්ව පැවසීය.

‘‘ඒ තමයිඊඊඊඊ... ‘අපේ සිංහල සයුර’ ටියුෂන් ක්ලාස් අයිතිකාරය...’’

ඉවර නෑ...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/05/05


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...