BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’ වජ්ජ 70 : ඔයාගෙ ජීවිතේ වරද්දගත්ත කියල ඔයාට හිතනව ද...? - (ජයසිරිගේ නවකතාවක්)

T

The Leader

May 12, 2023 • 3:54 AM

වජ්ජා’ වජ්ජ 70 : ඔයාගෙ ජීවිතේ වරද්දගත්ත කියල ඔයාට හිතනව ද...? - (ජයසිරිගේ නවකතාවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘දැන් අපි නිදාගමු... ඔයා පුරුදු විදියට ඔයාගෙ වැඩටික කරගෙන යන්න. ඉස්සරහට මට වැඩිපුර ගෙදර එන්න බැරිවෙයි. ඒ ගැන අවුලක් හිතන්න එපා.
  • මං දෙයක් අහන්න මට ඇත්ත ම කියනව ද...?
  • මොකද දැන් මට හංගන්න දෙයක් නැහැ නෙ...’’ අමෝද්‍ය පැවසුවේ මා විමසන ඕනෑම පැනයකට සත්‍ය පවසන්නට ඔහු සූදානමෙන් සිටින බව හඟවමිනි.
  • වෙන දෙයක් වෙන්න කියල මුල් දවස්වල ම මට ඇත්ත කිව්වෙ නැත්තෙ...?
අකුරු ප්‍රමාණය (Font Size):

මං ඔයාල වෙනුවෙන් කරන්න පුළුවං උපරිම දේ කරනවා. මොකද ඔයා මං වෙනුවෙන් කරපු කැප කිරීම මට අමතක නෑ...’’

අමෝද්‍ය තවදුරටත් පැවසුවේ මගේ වේදනාව සමනය කිරීම සඳහා වුව ද එය කෙතරම් දුරට සාර්ථක වේද නැද්ද යන්න තීරණය කරන්නේ අනාගතය යි. එහෙත් මට අමෝද්‍ය ගෙන් එක් දෙයක් විමසිය යුතු ය.

‘‘අමෝද්‍ය... මං දෙයක් අහන්න මට ඇත්ත ම කියනව ද...?

‘‘ඔවු... අහන්න... ඕන දෙයක් අහන්න... මොකද දැන් මට හංගන්න දෙයක් නැහැ නෙ...’’

අමෝද්‍ය පැවසුවේ මා විමසන ඕනෑම පැනයකට සත්‍ය පවසන්නට ඔහු සූදානමෙන් සිටින බව හඟවමිනි. මම ද තව දුරටත් ඔහු කෙරෙහි විශ්වාසය තැබුවෙමි.

‘‘ඔයා ඇයි... ඇයි... වෙන දෙයක් වෙන්න කියල මුල් දවස්වල ම මට ඇත්ත කිව්වෙ නැත්තෙ...? මොකද මං පිළිගන්නව ඔයා මං ගැන උනන්දු උණාට වඩා මමයි ඔයා ගැන උනන්දු උණේ කියල...’’

 

එක පැහැර පිළිවදනක් නොසැපයූ අමෝද්‍ය තත්ත්පර කිහිපයක් ම සිවිලිමේ දෙනෙත් අලවාගෙන සිටියේ එක් අතක පිටි අත්ල ලලාටයෙහි රඳවාගෙන අනෙක් අතෙන් ඔහුගේ ම පපු පෙදෙස පිරිමදිමිනි. ඔහු රිසි නිමේෂයක, ඔහු කැමති වදන් වැලක් මුදා හරින තෙක් නිහඬ ව්‍රතයක ගැලෙන්නට මම තීරණය කළෙමි.

kjhtgjghf

 

‘‘මං... මං... වචනවලින් නොකිව්වට ඔයා මගෙං ඈත් කරවන්න මං හුගක් දේවල් කරා අහිංසනා... ඔවු... මං හුඟක් දේවල් කරා...’’

ඔහු දෙස විමසිල්ලෙන් සිටි මා බලාපොරොත්තු නොවු මොහොතක හෙතෙම ක්ෂණයින් මා දෙසට හැරී, එතෙක් ලලාටය මත තබාගෙන සිටි අත මගේ බඳවටා යවන’තර ම මා ඔහු දෙසට ඇදගනිමින් පැවසී ය; එසැණින් ම මගේ පපුතුරෙහි හිස සඟවාගත් හෙතෙම ‘‘ඒත්... ඒත්... මට ඔයාව අතාරින්නත් ලෝබ හිතුණ පැටියො... ඇත්තට ම මට ඔයාව අතාරින්න ලෝබ හිතුණ... ඔයාට මතකද මං ඒ දවස්වල පොඩ්ඩක් ඇත්නං මං ඔයාට ෆනිස් කරා... හැම වෙලාවෙම ඔයාගෙ මොකක් හරි වැරද්දක් හොයල ඔයාට දොස් කිව්ව... ඒ හැම දෙයක් ම කරේ ඔයාට මාව එපා කරවන්න... ඇත්තමයි පැටියො... ඒ හැම දෙයක් ම කරේ ඔයාට මාව එපා කරවන්න... ඒ... ඒ... තරහකට නවෙයි පැටියො... ඔයාට ආදරේ නිසා... කවද ම හරි දවසක ඇත්ත එළි උනොත් ඔයා අවුල් වෙයි කියල හිතුණ නිසා.... ඒත්...’’

තව දුරටත් ඔහු පවසන දෑ අසා සිටින්නට තරම් චිත්ත ශක්කියක් මා තුළ නොවිණ. එබැවින් ඔහුගේ මුවෙන් ගලා එන වදන් නවතාලීමේ අරමුණ පෙර දැරි කරගත් මා තව තවත් ඔහු මගේ පපු තුරට තෙරපා ගන්නා අතර ම ‘‘ඇති ඇති අමෝද්‍ය... දැන් ඔය හොඳට ම ඇති...ඒ අතීතෙ මට හොඳට මතකයි අමෝද්‍ය... ඔවු... මට හොඳට මතකයි...’’

 

8915fd0e037a6803cf940be95881c45a dean cornwell couple art

‘ඇත්ත... මට මතකයි මගේ දණිස් තුවාල වෙන තරමට ම මාව බොරලු ගොඩේ දණ ගස්සවල තියපු විදිය. හැම වෙලාවෙම මොකක් හරි මගේ වැරැද්දක් හොයල මට දොස් පවරපු විදිය... ඒත් ඒ හැම වෙලාවෙම සිද්ධ උණේ මං තව තවත් අමෝද්‍ය සර්ට ළං උණ එක... ඇත්තට ම මේ හැම දෙයක් ම සිද්ධ උණේ මං නිසා... මට මතකයි මාව කොහේ හරි එක්කරගෙන යන්න කිව්වමත් විවිධ හේතු දක්වල මගඅරින්න උත්සාහ කරපු විදිය’

‘‘මොනව ද දැං ඔයා කල්පනා කරන්නෙ...? ඔයා, ඔයාගෙ ජිවිතේ වරද්දගත්ත කියල හිතනව ද...?’’

 

මගේ කල්පනා ලෝකයට අවතීර්ණ වූ අමෝද්‍ය විමසී ය. එම පැනයට දිය යුතු අවංක ම පිළිතුර මේ නිමේෂයේ ම සැපයිය යුතු යැයි මම අදහස් කළෙමි. එම පිළිතුර කෙතරම් සාධාරණ ද, යුක්තිසහගත ද, එකී සාධාරණත්වය සහ යුක්තිසහගත භාවය අප දෙදෙනාගෙන් කාට කුමනාකාරයෙන් බලපා ද යන්න පිළිබඳ කල්පනා නොකළ යුතු ය යන්න ද මම තීරණය කළෙමි.

 

‘‘ඔයා අහපු දේට මං මගේ අවංක ම උත්තරය කියන්න ද අමෝද්‍ය...?’’

මා එසේ විමසන විට ද අමෝද්‍ය ඔහුගේ දෙනෙත් මගේ දෙනෙත් සමග බන්ධනය කරගෙන තිබුණේ, ඒ බන්ධනය ලිහා දැමිය හැකිවන්නේ මගේ පිළිතුරෙන් පමණක් ම බව හඟවමිනි.

‘‘ඔවු... ඔයාගෙ අවංක අදහස කියන්න... මොකද ඔයා මොන විදියෙ උත්තරයක් දුන්නත් ඒ උත්තරය බාරගන්න මං සුදානං. ඒ වගේ ම ඔයා දෙන උත්තරය මොන විදියෙ උත්තරයක් උනත් මං ඔයාට මෙච්චර කාලයක් සලකපු විදියෙ කිසිම වෙනසක් වෙන්නෙ නෑ කියලත් මං පොරොන්දු වෙනව පැටියො...’’ යැයි පැවසූ අමෝද්‍ය, අපගේ දිවි ගමන ඇරඹූ සමයේ මෙන් ඉතා සැහැල්ලුවෙන් මගේ සිරුරෙහි සමස්ත බර ඔහුගේ සිරුර මත පටවාගත්තේ මා ද නොදැනුවත්ව ම ය.

in bed the kiss 1892 henri de toulouse lautrec

ඔහුගේ සිරුර මත වැතිර, හිස ඔහුගේ පපු තුරෙහි හොවාගත් මා සිහින් හඬින් මගේ වදන් මුදා හැරී ය.

‘‘ඇත්ත ම කියනව නං අමෝද්‍ය මං මගේ ජීවිතේ වරද්දගත්ත නෙ... ඒත්... මං ඒ ගැන පොඩ්ඩක්කත් පසුතැවෙන්නෑ අමෝද්‍ය...’’

‘‘ඇයි ඒ...? ඔයාට හිතෙන්නැද්ද මට වෛර කරන්න ඕන කියල...? මගෙං පළිගන්නෝන කියල...?’’

අමෝද්‍ය ද ඔහුගේ වදන් මුදාහලේ ඉතා මෘදු හඬිනි. ඒ අතර ඔහු ඉතා මෘදු ලෙස මගේ හිස සිට කශේරුකාව මධ්‍යය දක්වා ඔහුගේ දකුණත ඉහළ පහළ සක්මන් කරවී ය. ඒ ස්පර්ශය මගේ සිරුට නැවුම් ආශ්වාදයක් අත්පත් කර දෙමින් තිබිණ.

 

‘‘නෑ... ඇත්තට ම නෑ අමෝද්‍ය... මොකද මේ වැරැද්ද මගේ... ඔයා මාව ප්‍රතික්ෂේප කරන බව දැන දැන ම මට තමයි වැඩිම උවමනාවක් තිබුණෙ ඔයා මගේ කරගන්න. ගෑනියෙක් දිගින් දිගටම පිරිමියෙක් ප්‍රතික්ෂේප කරද්දි කිසියම්ම හෝ වෙලාවක ඒ ගෑනිව අත් හරින්න ඕන කියල පිරිමියෙකුට හිතෙන්න පුළුවං. හැබැයි ගෑනියෙක් පිරිමියෙකුට ආදරේ කරන්න පටන්ගත්තොත්, ඒ පිරිමියා ඒ ගෑනිව මොන තරම් ප්‍රතික්ෂේප කරත් තමන්ගෙ අදහස අතෑරල දාන ගෑනු අඩුයි අමෝද්‍ය... මං ඒ වර්ගෙ ගෑනියෙක්... මට ඕනෙ උණේ කොහොම හරි ඔයාව මගේ කරගන්න. මං එහෙම ට්‍රයි කරන්න කරන්න ඔයාට සිද්ද උණා ඔයාගෙ අදහස ටිකෙන් ටික මරල දාන්න. මට තියෙන ආදරේ නිසා හරි... මගේ තියෙන ලස්සන නිසා හරි ඔයාටත් මාව ඕනෙ උණා. මොකද මං තමයි දිගින් දිගට ම ඔයාට කරදර කරේ... ඉතිං ඔයා මාව මගාරින්න පුළුවං තරං ට්‍රයි කරා; ඒ අතරතුර පිරිමියෙක් විදියට මට කැමැත්තකුත් තිබුණ. අවසානෙ ඔයා තීරණේ කරා මං කැමති විදියට වැඩ කරන්න. ඉතිං මං කොහොමද අමෝද්‍ය ඔයත් එක්ක තරහ වෙන්න...? ඔයාට වෛර කරන්නෙ...? එහෙමනං මං ඉස්සෙල්ල ම මං තරහ වෙන්න ඕනෙ මං එක්ක; මං ඉස්සෙල්ල ම වෛර කරන්න ඕනෙ මට...’’

 

slkhfskjf‘‘ඇති ඇති අහිංසනා... ඔය හොඳටෝ ම ඇති... ඔයා කියන කතාව ඇත්ත... ඒත්... ඒත් මට එහෙම නොකර ඉන්න තිබුණ නේද කියල දැං හිතෙනව පැටියො... බලන්න... බලන්න... මේ මගේ පපුව තෙත් වෙන්නෙ ඔයාගෙ කඳුළුවලින්... ඒ සතුටු කඳුළු නෙවෙයි නෙ... ඒ කඳුළු ගලන්නෙ දුකට... ඒ, මං ඔයාව රැවැට්ටුව කියන දුකට නෙවෙයි කියල මං දන්නව... ඒත් ඔයාට මාව අහිමි වෙනව කියල... එහෙම නැත්තං මං අයිති වෙන කෙනෙකුට කියල දැනගත්ත දුකට ගලන කඳුළු නෙවෙයි කියල ඔයාට කියන්න බෑ... මං දන්නෑ ඉස්සරහට මොන මොන විදියෙ දේවල් වෙයි ද කියල... හැබැයි ඔයාගෙයි දරුවො දෙන්නගෙයි අනාගතේ අඳුරු වෙන්න දෙන්නෑ කියල මං පොරොන්දු වෙනව අහිංසනා... මට එහෙම පොරොන්දු වෙන්න ඉඩ දෙන්න අහිංසනා...’’

අවසන් වදන් කිහිපය මුදාහරින අතර තුර අමෝද්‍ය මගේ හිස මතු නොව සමස්ත සිරුර ම ඔහුගේ සිරුර වෙත සෙමින් සෙමින් තෙරපී ය. ඒ තෙරපීම අවසන් වූයේ නැවුම් අඹු සැමි යුවළක් ඔවුනොවුන්ගේ රස භාව අවදිකර, එකිනෙකා මත පටවා, එකිනෙකා මත මුදාහැරි පළමු රාත්‍රිය මෙනි.

*          *          *          *          *          *

කාලය, වරෙක වේගයෙන් ද, වරෙක මන්දගාමිව ද අප පසු කරමින් ගමන් කළේ ය. එය කෙතරම් දීර්ඝ ද යත් දියණිය පාසල් යැවිය යුතු කාල සීමාව ද පැමිණියේ ය. මේ වන විට අමෝද්‍ය නිවසට පැමිණියේ උපරිම දින දෙකක් හෝ තුනක් පමණි. එම දින කිහිපයේ ද ඔහු වඩාත් කාලය ගත කළේ මා සමග නොව දරු දෙදෙනා සමග ය. අප දෙදෙනා ම උගුරට හොරා කෂාය පානය කරන්නට යත්න දැරුව ද එහි තිත්ත රසය වළකාලන්නට දෙදෙනාට ම නොහැකි විය.

 

ඔහු නිවසට පැමිණි බොහෝ රාත්‍රී කාල ඊට සාක්ෂි සැපයී ය. රාත්‍රිය බලාපොරොත්තු වූ කිසිදු දර්ශනයක් දැකගැනීමට එයට නොහැකි වූවාට සැක නැත. ඒ බොහෝ රාත්‍රී කාල අප දෙදෙනා දෙස ඇසි පිය නොගසා විමසිල්ලෙන් සිටිය ද ඔවුන්ගේ බලාපොරොත්තු දිනෙන් දින ම බංගත්වයට පත්වෙමින් තිබිණ. ඇතැම් විට රාත්‍රිය අප සමග අමනාප වන්නට ඇත. එහෙත් රාත්‍රියෙන් සමාව ඉල්ලනවා හැර කළ හැකි අන් කිසිවක් අප දෙදෙනා ම සතු නොවිණ. මගේ සිතට යම් සැනසීමක් ලැබුණේ නම් ඒ, සුනේත්‍රා මා සොයා නොපැමිණීම ය; ඇය වෙතින් එකදු දුරකතන ඇමතුමක් හෝ නොලැබීම ය. එය එසේ වීම පසුපස කුමන හෝ බියකරු යමක් පවතින බව මට විටින් විට හැඟිණ. ඒ බියකරු අත්දැකීම ලබන්නට තවත් වසර කිහිපයක් පසු කරන්නට මට සිදුවිණ.

*          *          *          *          *          *

අමෝද්‍ය සතු සිවිල් බලයත්, ජනප්‍රියත්වයත්, ප්‍රසිද්ධියත් භාවිත කරමින් දියණිය නුගේගාඩ අනුලා විද්‍යාලයට ඇතුළත් කරගැනීමට ඔහු සමත් විය. දියණිය පාසලට ඇතුළත් කරන තෙක් ඒ සඳහා අවැසි සියලු කටයුතු සිදු කෙරුණේ අමෝද්‍ය වෙතිනි. නමුත් ඉනොබ්බට සිදු වූ සියලු අවශ්‍යතා වෙනුවෙන් මැදිහත් වූයේ මා ය. අමෝද්‍ය සහභාගි වූයේ පාසලේ පැවති විශේෂ උත්සවයකට පමණි. විදුහල්පතිතුමිය ද එවන් කිසිදු අවස්ථාවක අමෝද්‍ය අමතක නොකරන්නට වගබලාගත්තේ ඔහු පාසලට අවැසි ඕනැම මොහොතක, ඕනෑම මුදලක් ඒ වෙනුවෙන් වියදම් කිරීමට සැදී පැහැදී සිටි බැවිනි. දියණියට ද පාසල තුළ ඉමහත් පිළිගැනීමක් පැවතියේ එබැවිනි.

*          *          *          *          *          *

HTB1QmINcr5YBuNjSspoq6zeNFXaY

 

දියණිය තෙවන වසරට පා තබන සමය වන විට අමෝද්‍ය නිවසට පැමිණියේ සිකුරාදා සවස ය. අනතුරුව සෙනසුරාදා උදැසන අටට පමණ පිටත්වන හෙතෙම නැවත රාත්‍රී හත පමණ වන විට නිවසට පැමිණේ. එසේ පැමිණි පසු රාත්‍රී ආහාරය සඳහා අප තිදෙනා ම නිවසෙන් බැහැරව ගියහ. ඉරිදා දිනයේ වෙනසක් සිදුවුයේ නම් ඒ, රාත්‍රී ආහාරය සඳහා පිටතට නොයෑම පමණි. එදවසට ද ඔහු රාත්‍රී හතට පමණ නිවසට පැමිණ නවය පමණ වන තෙක් දරු දෙදෙනාගේ පාසල් වැඩකටයුතු පිළිබඳ සොයා බලමින් ඔවුන් සමග ගත කළේ අප අතර පැවති යථා තත්ත්වය කිසිදු ආකාරයකින් දරුවන්ට දැන ගැනීමට ඉඩ - කඩ නොතබමිනි. දරු දෙදෙනා නින්දට ගිය පසු ඔහු ඉතා දුර්මුඛ පුද්ගලයෙකු බවට පරිවර්තනය විය. මා ඒ පිළිබඳ ඔහුගෙන් කිසිවක් විමසන්නට උත්සාහ නොකළේ යම් ආකාරයකින් ඔහුගේ සිත රිදේ යැයි සිතුණ බැවිනි. ඔහු, ඔහුට රිසි පරිදි කාලය ගත කළ අතර මම ද ඔහුට රිසි පරිදි කාලය ගතවන්නට ඉඩ ලබා දුනිමි. එහෙත් ඔහු නිවසේ වෙනත් කිසිදු අඩුපාඩුවක් සිදු නොවන්නට වගබලාගත්තේ ය.

මේ වන විට මා ගතකළේ පූර්ණ ගෘහනියකගේ දිවි රටාවකි. දියණිය පාසල් යෑම ඇරඹීමත් සමග කුමාරි වෙනත් රැකියාවකට යොමු වූවා ය. අමෝද්‍ය ඇය වෙනුවෙන් තෙමසක වැටුප් ගෙවා ඇය සේවය කරන සමයේ ඇය වෙනුවෙන් ඉතිරි කළ මුදලක් ද ඇය වෙත පැවරී ය. කාන්ති මේ වන විට ද අප නිවසේ අත් අදවුකාරිය ලෙස කටයුතු කරමින් සිටියා ය. ඇයට පැවරී තිබුණේ නිවසට අවශ්‍ය දෑ රැගෙන ඒම සහ ආහාර පිළියෙල කිරීම ය. ඇය ඒ කටයුත්ත ඉතා කැමැත්තෙන් මෙන් ම වගකීමෙන් ඉටු කළේ ය. එහෙත් මේ දෙදෙනා ම මා සහ අමෝද්‍ය අතර පැවති දුරස්ථ බව නොදැන සිටියහ. ඒ කිසිවක් ඇය වෙත නොපවසන්නට මමත් අමෝද්‍යත් කතිකා කරගත්හ.

*          *          *          *          *          *

මේ වන විට කුමාරි අප නිවසේ නොසිටිය ද කාන්ති කිසියම් මොහොතක මේ සිදුවීම දැනගන්නා බව අප දෙදෙනා ම දැන සිටියහ. එතෙක් හෝ මෙය රහසක් ලෙස තබාගන්නට අප දෙදෙනා ම වගබලාගත්හ.

 

තවත් දෙවසරක් ගෙවී ගොස් දියණිය පහ වසරට ද පුතු හත වසරට ද ප්‍රවේශ වූහ. එතැන් සිට මෙතෙක් පැවති වාතාවරණය ඉතා වේගයෙන් වෙනත් දිශාවකට පරිවර්තනය වීම ඇරඹිණ.

 

ඉවර නෑ...

 
jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

2023/05/12 


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...