BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 07 : වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් - ජයසිරි අලවත්ත ලියයි

T

The Leader

February 22, 2022 • 5:23 AM

වජ්ජා’වජ්ජ 07 : වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් - ජයසිරි අලවත්ත ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිෂ්ඨ ඇයට පිළිතුරු සපයා අවසන් වන්නටත් පෙර ම ඔහුගේ සිරුර පුරා සිහින් විදුලි දහරාවක් ගලා යන්නා සේ දැනිණ. ඒ මන්දැයි වටහා ගන්නට ඔහුට
  •   සචේතනී, ඇගේ එක් අතකින් ප්‍රතිෂ්ඨගේ දකුණතේ පිටි අල්ලත්, අනෙක් අතින් ඇතුළු අල්ලත් ගෙන සිර කරගෙන, ඇගේ දෙනෙත්වලින් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් අල්ලාගෙන ප්‍රහර්ෂණීය ස්මිතයකින් උවන සිත්තම් කරගෙන සිටියා ය.
  • දැං කරන්න තියෙන්නෙ මං ඒක ඒ තරං ගනං ගත්තෙ නැති බව අඟවන එක.
  • අපි මාතෘකාවට බහිමුකො.’’ ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ සචේතනීගේ දකුණු උරහිසට ඔහුගේ වමතින් ඉතා සැහැල්ලු ලෙස කිහිප වරක් තට්ටු කරන අතර ය.
අකුරු ප්‍රමාණය (Font Size):

තත්ත්පර කිහිපයක් ගතවිය. ඒ මිහිරියාව ඔහු කිසි සේත් ම බලාපොරොත්තු නොවූවකි.

 

සචේතනී, ඇගේ එක් අතකින් ප්‍රතිෂ්ඨගේ දකුණතේ පිටි අල්ලත්, අනෙක් අතින් ඇතුළු අල්ලත් ගෙන සිර කරගෙන, ඇගේ දෙනෙත්වලින් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් අල්ලාගෙන ප්‍රහර්ෂණීය ස්මිතයකින් උවන සිත්තම් කරගෙන සිටියා ය. එක්වර ම ඇගේ දෙනෙත් මානයෙන් ඔහුගේ දෙනෙත් ඉවත් කරගත් ප්‍රතිෂ්ඨ ඒ දෙනෙත් තමා අවට පා කර හැරියේ ඔවුන් දෙස කිසිවකු විමසිල්ලෙන් සිටිනවා ද යන්න දැකගැනීම පිණිස ය; නමුදු කිසිවකුගේ නෙත් ඔවුන් වෙත රැඳී නොතිබුණ බැවින් ප්‍රතිෂ්ඨ ඔහුගේ දෙනෙත් යළි සචේතනීගේ දෙනෙත් තුළ සඟවන්නට යත්න දැරී ය.

 

ABSTRACT COUPLE KISSING love romantic Painting Canvas Print Home Decor Wall  Art $21.51 - PicClick AU

 

එසැණින් ඔහුගේ අත අතහැරි සචේතනී එතෙක් ප්‍රහර්ෂණීය ස්මිතයකින් සිතුවම් කරගෙන සිටි ඇගේ උවන මත රත් පැහැති සැඳෑ වලාවක් සිතුවම් කරගත්තී ය.

 

‘‘ම්...ම්... මට... ම්... මට සමාවෙන්න ප්‍රතිෂ්ඨ... ම්... ම්... මං... මං ඒක හිතල කරපු දෙයක් නෙවෙයි...’’ යැයි පවසමින් ම ඇගේ උවන ඇගේ ම උකුළු තලය මතට යොමු කළා ය.

‘කෙල්ලට ලැජ්ජ හිතුණ. දැං කරන්න තියෙන්නෙ මං ඒක ඒ තරං ගනං ගත්තෙ නැති බව අඟවන එක. ඒකෙ ප්‍රයෝජනය තියෙන්නෙ ඉස්සරහට.’

‘‘ඩෝන්ට් වොරි සචේති... මං ඒක දන්නව. ඒත්... ඔයා අවුල් උණේ ඒ හිංද ම නෙවෙයි කියලත් මං දන්නව. ඔයා අවුල් උණේ මං වටපිට බලපු හිංද නෙ... මටත් ඒක උණේ ඉබේට ම වගේ. මොකද කවුරු හරි දැකකොත් වැරදි විදියට හිතයි කියල. හරි... දැං ඒක අමතක කරන්න. අපි මාතෘකාවට බහිමුකො.’’

ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ සචේතනීගේ දකුණු උරහිසට ඔහුගේ වමතින් ඉතා සැහැල්ලු ලෙස කිහිප වරක් තට්ටු කරන අතර ය.

එතෙක් සචේතනිගේ ම උකුළු තලය මතට බර වී තිබූ ඇගේ හිස ප්‍රතිෂ්ඨගේ උවනට සම්මුඛ වන තෙක් මන්දගාමීව ඉහළට එසවූවා ය.  

‘‘අනේ ඔවු ප්‍රතිෂ්ඨ... මට ඒ ගැන පොඩ්ඩක්කත් අමතක උණා නෙ... අනේ... මේ... මේ... සොරි හොඳේ...’’

 

Young Couple Painting | Etsy

 

එසේ පවසන අතර ම ඇගේ කය මඳක් ප්‍රතිෂ්ඨ දෙසට හරවා, ඉඟටියෙන් ඉහළ කොටස මඳක් පහතට නවා ප්‍රතිෂ්ඨගේ උවන සහ ඇගේ උවන අතර පැවති දුරස්තභාවය යම් පමණකට අවම කර, යළි ප්‍රහර්ෂණාත්මක ස්මිතයකින් උවන සිතුවම් කරගත්තී ය. ඉක්බිති හිස මන්දාමිව දෙපසට හරවා නැවත ප්‍රතිෂ්ඨගේ දෙනෙත් මානයේ ඇගේ දෙනෙත් රැඳවූවා ය.

 

‘‘මේහ්... ඒක නෙවෙයි... මොකද මගේ නම වෙනස් කරේ...?’’ යැයි විමසුවේ ඇගේ වැළමිට උකුළ මත තබා ඍජු කළ දකුණතේ ඇතුළු අත්ල මත සවිධග රඳවමිනි.

ඇගේ පැනය වටහාගත නොහැකි වු ප්‍රතිෂ්ඨ මඳක් සසැලිණි.

‘‘නම වෙනස් කරා...! ඒ මොකද්ද ඒ... මට තේරුන් නෑ...’’

සිටි ඉරියව්ව බිඳකුදු වෙනස් නොකළ සචේතනී ඇගේ කාන්තිමත් දෙනෙතින් විහිදෙන ආලෝකය වඩ වඩාත් තීව්‍ර කරමින් ම ‘‘ඇයි අනේ... දැන් ටිකකට කලිං ඔයා මගේ නම වෙනස් කරේ... මතක නැද්ද...?’’ යැයි විමසුවා ය.

ප්‍රතිෂ්ඨ තවමත් විමතියෙනි. ඒ, මීට මොහොතකට පෙර ඔහු ඇය ඇමතූ ආකාරය කෙසේ දැයි තමාගෙන් ම විමසුව ද ඊට නිසි පිළිතුරක් සපයන්නට ඔහු අසමත් වූ බැවිනි.

 

මඳක් විසල් වූ ඔහුගේ දෙනෙත් තුළ කලබලයෙන් මෙන් සැරිසරන විශ්මයාර්ථ සහ ප්‍රශ්නාර්ථ ලකුණු දුටු සචේතනී, ඇගේ ශ්වේත වර්ණැති දසන් මැනවින් නෙනෙන සේ ස්මිතයක් පැවා ය. එසැණින් ම ඉදුණු වෙරළු කොළ පැහැති ලවන් එකිනෙක මත තෙරපාගෙන තත්පර කිහිපයක් ප්‍රතිෂ්ඨගේ උවන පුරා ඇගේ දෙනෙත් ගමන් කෙරෙව්වා ය.

 

ප්‍රතිෂ්ඨ ඔහුගේ දෙනෙතට ඇගේ දෙනෙත් හසු කරගන්නට යත්න දරන අතර ම ඇය පැවසූ දෑ කුමක් දැයි සිතී ය. නමුදු කිසිදු අදහසක් සිතට ඇතුළු නොවු බැවින් යළි ඇය ඇමතී ය.

‘‘ඇත්තට ම... මොකද්ද ඒ නම වෙනස් කරපු කතාව... මට තේරුන් නෑ...’’

එතෙක් සිටි ඉරියව් වෙනස් කළ සචේතනී යළි සුවපහසු ලෙස සිරුර අසුන් ගත කර ‘‘ඇයි අනේ... දැන් ටිකකට කලිං ඔයා මට ‘සචේති’ කිව්වෙ... මගේ නම ‘සචේතනී’ මිසක ‘සචේති’ නෙවෙයි නෙ...’’ යැයි පැවසුවේ ප්‍රතිෂ්ඨ ලජ්ජාවට පත් කළා ය යන ජයග්‍රාහි සිතුවිල්ල පෙරදැරිව ය.

‘හම්ම්ම්... එහෙනං මෙයාට ඒකත් ඇහිල... මං එහෙම කිව්වෙ හිතා මතා නෙවෙයි කියල අඟවන්න ඕන. බලමු මෙයා මොකද කියන්නෙ කියල.’

‘‘අනේ සොරි... මං... මං... එහෙම කිව්ව ද...? කොහෙද ඔයා මූඩ් ගහපු විදියට මාත් ෆුල් අප්සට් උණා නෙ... හරි හරි... ආයෙ එහෙම වෙන එකක් නෑ...’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ වරදකාරි හැඟීමකිනි; සමාව අයදින ස්වරයෙනි. නමුදු ඔහුගේ යටි සිත ඉල්ලා සිටින පිළිතුර කුමක් ද යන්න සචේතනී දැන නොසිටියා ය.

‘‘ආ... ඒකට කමක් නෑ... හැබැයි මං කියවල තියෙනවා... සමහර අයගෙ කටින් ඒ විදියට ඉබේ ම වගේ පිටවෙන්නෙ ඒ අයගෙ හිතේ තියෙන අදහස් කියල. ඒක කොච්චර දුරට ඇත්ත ද නැත්ත ද කියල නං මං දන්නෙ නෑ... හැබැයි මං එහෙම කියවල තියෙනව.’’

 

HD wallpaper: black and green woman face painting, psychedelic, mind,  simple background | Wallpaper Flare

 

සචේතනී පැවසුවේ ප්‍රතිෂ්ඨගේ සිතැඟි අවබෝධ කරගත් පරිද්දෙන් වුව ද ඇය ඔහුගේ යටි සිත කියවන්නට තරම් සමතියක නොවූවා ය.

 

‘ඔය එන්නෙ මට ඕන තැනට... බලමුකො ඊළග ස්ටෙප් එක කොහොම ද කියල.’

‘‘ආ... ඒකත් එහෙම ද...? සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. මොකද... ‘සචේතනී’ කියනවට වැඩිය ‘සචේති’ කියන එක පහසුයි. ඒ වගේ ම... නෑ නෑ... ඒක ඕන් නෑ... සමහර විට ඒ නිසා වෙන්න ඇති මට එහෙම කියවෙන්න ඇත්තෙ.’’

ඔහු පවසන්නට ආ යම් අදහසක් සඟවාගත්තේ වුවමනාවෙන් ම ය. ඒ, ඊට ඇගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක් ද යන්න නිවැරැදිව අවබෝධ කරගනු පිණිස ය.

කිසිදු වෙනසක් නොදැක්වූ සචේතනී ‘‘මොකද්ද අර ‘ඒ වගේ ම’ කියල නැවැත්තුවෙ...?’’ යැයි විමසුවා ය.

‘‘ආ... ඒ මේ නිකං... හරි... මං මෙහෙම අහන්නං කො... ඇත්තට ම ඔයාට ‘සචේති’ කියල කතා කරාට අවුලක් නැද්ද...? එහෙම අවුලක් නැත්තං මං දිගට ම එහෙම කතා කරන්නං...’’

ප්‍රතිෂ්ඨ කිසිදු අපහසුවකින් තොරව තම ඉලක්කය වෙත පා නගන්නට අවැසි මග සකසමින් විමසී ය.

‘‘ඔය... මං කිව්වෙ... මං කිව්වෙ... ඇත්තට ම පොත්පත්වල ලියවිල තියෙන දේවල් බොරුත් නෙවෙයි... ඒ කියන්නෙ... ඔයා කැමතියි මට ‘සචේති’ කියල කතා කරන්න. ඇත්ත ඒකනෙ... එහෙම නේද..?’’

සචේතනී විමසුවේ ප්‍රතිෂ්ඨ ප්‍රහර්ෂයට ද විමතියට ද පත් කරමිනි. මේ ඔහු යටි සිතින් බලාපොරොත්තු වූ පිළිතුර ම ය. එහෙත් ඔහු ඒ අදහස තව දුරටත් රහසක් ලෙස ම තබාගන්නට අදිටන් කරගත්තේ ය

‘‘නෑ... ඇත්තට ම එහෙම නෑ... මට ඒ වෙලාවෙ එහෙම කියවෙන්න ඇති. හැබැයි දැන් නං හිතෙනව ‘සචේතනී’ කියනවට වැඩිය ‘සචේති’ කියන එක පහසුයි වගේ ම ටිකක් සමීපයි වගේ කියල. කමක් නෑ... ඔයා අකමැති නැත්තං මං ‘සචේති’ කියල කතා කරන්නං.’’

abstract-couple | Saatchi Art

සචේතනීට ප්‍රතිෂ්ඨගේ සිතුවිලි සියල්ල කියවීමට නොහැකි වුව ද, ඔහු ඇයට ‘සචේති’ යනුවෙන් අමතන්නට රිසි බව ඇය වටහාගත්තී ය. මේ මොහොතේ ඇගේ අවැසිතාව වන්නේ කෙසේ හෝ ඇගේ මිතුරියගේ පොත සොයා දීම ය. ඒ වෙනුවෙන් ඇයට උපකාර කරන පුද්ගලයා ඇගේ නම වෙනස් කර ඇය ඇමතීම එතරම් පුළුල් ලෙස සිතන්නට ඇය නොවහෙසුණා ය. ඇගේ ඉලක්කය වූයේ ප්‍රතිෂ්ඨ අතේ දුරින් තබාගෙන ඇගේ අවශ්‍යතාව සඳහා ඔහු පොලඹවා ගැනීම ය.

ප්‍රතිෂ්ඨ සැරසෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා ය. ඇතැම් විට මේ දෙදෙනා ම තම තමන්ගේ උගුරට හොරා කෂාය බොන්නට සැරසෙන බව දෙදෙනා ම දැන සිටින්නට පිළිවන; ඇතැම් විට දැන නොසින්නට ද පිළිවන.

‘‘මං මොකට ද අනේ අකමැති වෙන්නෙ. ‘සචේතනී’ කියන්නෙ මට මගේ දෙමව්පියො දාපු නම. එහෙමයි කියල කවුරු හරි මට ඒ නමෙන් ම කතා කරන්න ඕන කියල මං අදහස් කරන් නෑ. මොකද නම කියන්නෙ කෙනෙක්ව හඳුන්වන්න තියෙන සංකේතයක් මිසක් අනිත් දේවල් වගේ ම යනකොට අරගෙන යන දෙයක් නෙවෙයි නෙ... අනික ‘සචේතනී’කියන නම නොවන නම් භාවිතා කරපු අවස්ථා මගේ ජීවිතේ ඕන තරං තියෙනව. ඒ නිසා ඔයා කැමති නමකිං කතා කරන්න. වැදගත් වෙන්නෙ නම නෙවෙයි. කරන කියන දේවල්.’’

සචේතනී නොනවත්වා ම පැවසුවේ ප්‍රතිෂ්ඨ ඇයට ‘සචේති’ යැයි අමතනවාට කිසිදු විරුද්ධත්වයක් නැතැයි යන්න තව දුරටත් විශ්වාස කරන්නැයි කරන ඉල්ලීමක් ලෙසිනි.

ප්‍රතිෂ්ඨ මේ වන විට ද ඔහුගේ ඉලක්කය වෙත ගමන් කිරීමට අවැසි මාර්ගයෙන් අඩක් පමණ ගමන් කර හමාර ය. ඉදිරි පියවර තැබිය යුත්තේ ඉතා සීරුවෙනි. එබැවින් මෙතැන් සිට යළි ආරම්භයට ගමන් කළ යුතු ය.

‘‘ආ... හරි හරි... දැං අපි ඒ කතාව අමතක කරමුකො. අපි ඔයාගෙ වැඩේ ගැන කතා කරමුකො,’’ යැයි පැවසූ ප්‍රවිෂ්ඨ මෙතෙක් සචේතනීගේ සිරුර සහ ඔහුගේ සිරුර අතර පැවති පරතරය තරමක් දුරස් වන ලෙස යළි අසුනට බර වී ඇය ඇමතී ය.

Sold Price: Daniel Maclise - Portrait Painting Couple Reading - Invalid  date EST

 

‘‘සචේති... දැං ඔයාට ඔය පොතේ නමයි ලියපු කෙනාගෙ නමයි දෙක ම අමතක ද...? අඩු ගානෙ හාමුදුරුවන්ගෙ නමවත් මතක නැද්ද...?’’

ප්‍රතිෂ්ඨ විමසුවේ ඇගේ අවශ්‍යතාව ඉටු කර දීමේ සද් චේතනාවෙන් නොව ඒ මාර්ගයෙන් ඇය වෙනත් දිශාවකට කැඳවාගෙන යා හැකිදැයි දැනගැනීමේ අටියෙනි. එහෙත් ඇයට ප්‍රතිෂ්ඨ විශ්වාස නොකරන්නට තරම් හේතුවක් නොවී ය.

‘‘මෙහෙමයි ප්‍රතිෂ්ඨ... ඇත්තට ම මට පොතේ නම් නං මතක ම නෑ. හැබැයි හාමුදුරුවන්ගෙ නම මතකයි... ඒත්..’’

ඇය යළි ශෝකාකූල වූවා ය; නිහඩ වූවා ය.

‘‘ඇයි...! ඇයි සචේති ‘ඒත්’ කියල නැවැත්තුවෙ...?’’

ඉවර නෑ...




jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

2022/02/22




වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 

 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...