BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 44 : මේ මොහොතෙ ඉඳන් ඔයාගෙ එකම ආරක්ෂකය අමෝද්‍ය - (ජයසිරිගේ නවකතාවක්)

T

The Leader

November 11, 2022 • 12:49 AM

වජ්ජා’වජ්ජ 44 : මේ මොහොතෙ ඉඳන් ඔයාගෙ එකම ආරක්ෂකය අමෝද්‍ය - (ජයසිරිගේ නවකතාවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෝද්‍ය මේ නොකියා පවසන්නේ කුමක් ද යන්න වටහා නොගැනීමට තරම් මා බොළඳ නොවේ. ඒ ඔහුගේ අවංක භාවය යි. ඉදින් මා ද ඔහුගේ ඒ අවංක
  • අප දෙදෙනාගේ යුග දිවිය අරඹන්නට තව බොහෝ දෑ කළ යුතු බවත් බොහෝ ඉවසිය යුතු බවත් මට පසක් විය.
  • එහෙනං ඔන්න දිවසත් අයිය යනකං විතරයි හොඳේ...’’ යැයි පැවසූ මා ද අමෝද්‍ය ගේ කොපුල් මගේ දැතින් අල්ලා, ඔහුගේ ලලාටය මත මගේ නැහැ තුඩු යුවළෙන් නිකුත් වූ ආදරණීය සුසුම් පොද ඇතිරී ය.
  • ඔහු නිහඬව ම මගේ දෙවුර මත අත තබාගෙන, හිස මඳක් පහතට නැඹුරු කර, ඔහුගේ දෙනෙත් ඔහුගේ ම දෙපා මුල ඇතිරී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

භාවයට ගරු කළ යුතු ය; ඔහුගේ වදනට ගරු කළ යුතු ය. අප දෙදෙනාගේ යුග දිවිය අරඹන්නට තව බොහෝ දෑ කළ යුතු බවත් බොහෝ ඉවසිය යුතු බවත් මට පසක් විය.


KLG841 1000x1000‘‘ආ... හරි... එහෙනං ඔන්න දිවසත් අයිය යනකං විතරයි හොඳේ...’’ යැයි පැවසූ මා ද අමෝද්‍ය ගේ කොපුල් මගේ දැතින් අල්ලා, ඔහුගේ ලලාටය මත මගේ නැහැ තුඩු යුවළෙන් නිකුත් වූ ආදරණීය සුසුම් පොද ඇතිරී ය. ඔහු නිහඬව ම මගේ දෙවුර මත අත තබාගෙන, හිස මඳක් පහතට නැඹුරු කර, ඔහුගේ දෙනෙත් ඔහුගේ ම දෙපා මුල ඇතිරී ය. ඒ නිමේෂයේ ද මා ඔහුගෙන් ලද ප්‍රතිචාරය ඊට බොහෝ සෙයින් වෙනස් වූවකි. නමුදු මීට වඩා යත්න දැරීමේ ඵලක් නැත. ඔහු, ඔහුගේ ප්‍රතිචාරය දක්වා අවසන් ය. අවම වශයෙන් ඔහු, ඔහුගේ දෙනෙත්වල මගේ දෙනෙත් පටලාගනීවි යැයි මා සිහින මැව්ව ද එය ද සිදු නොවී ය. බිමට නැඹුරු කරගෙන සිටි හිස බිඳකුදු නොඑසවු හෙතෙම ‘‘හරි පැටියො... ගිහින් ටිකක් රෙස්ට් කරන්න... යැයි පවසා ඔහුගේ දෙවුර මත තිබූ මගේ දැත් අල්ලා පහත හෙළී ය.


මා ඔහුගෙන් සමුගෙන අඩි දෙක තුනක් ඉදිරියට යන විට ‘‘ආ... අහිංසනා... මේ... ලන්ච් එක ගත්තට පස්සෙ දිවසත් ආපහු යනව කිව්ව. ඒ හින්ද රන්මලී ලන්ච් රෙඩි කරාට පස්සෙ මං ඔයාට අවදි කරන්නං. ඕනෙම නං ලන්ච් අරගෙන දිවසත් ගියාට පස්සෙ තව නිදන්න පුළුවන්නෙ...’’ යැයි පැවසුවේ කිසිදු හැඟිම් දැනීම් රහිත පුද්ගලයෙකු ලෙසිනි. අමෝද්‍ය වෙත සිනාවක් පෑ මා කාමරය දෙසට ඇවිද ගියේ ද, සයනයේ වැතිරුණේ ද අසිහියෙන් මෙනි.


*          *          *          *          *          *          *          *

මා අසලින් ම වන්නට සයනය මත වාඩි වූ අමෝද්‍ය ඉතා මෘදු ලෙස මගේ හිස අතගාන විට මට හැඟුණේ කියා නිම කළ නොහැකි තරමේ ප්‍රහර්ෂයකි. මා ඔහුගේ අත අල්ලා එය සිපගන්නට තැත් කරනවාත් සමග ම ඔහු අත ආපස්සට ඇදගත්තේ ය. ඒ සමග ම කෝප වූ මා ‘‘මොකද්ද අමෝද්‍ය ඔයාට වෙලා තියෙන්නෙ...?’’ යැයි තරමක් ආවේගයෙන් විමසන විට ‘‘මට මොනවත් වෙලා නෑ අහිංසනා... ඔයා හීනයක් දැකල ද කොහෙද...?’’ යැයි පවසා සිනාසෙමින් මා ඉදිරියේ සිටගෙන සිටින අමෝද්‍ය දක්නට ලැබිණ.


‘මොකක්... එහෙනං මං ඒ දැකල තියෙන්නෙ හීනයක් ද...? ඒත්... කොයි වෙලාවෙද අමෝද්‍ය මගේ ළඟට ආවෙ. එයා මගේ ළඟට ඇවිත් ඉන්න බව මට හීනෙන් පෙනුණෙ කොහොම ද...’


මා ඒ වන විට ද පසු වූයේ සිහින ලොවත් පියවි ලොවත් අතර ය.


‘‘හරි හරි... දැන් ආයෙ හීනෙ ගැන කල්පනා කරන්න ඕනෙ නෑ. ලන්ච් එක රෙඩි. දිවසත්ටත් යන්න ඕන නෙ... එයා බලාගෙන ඉන්නව අපි ලන්ච් එකට එනකං. යන්න... ගිහින් පොඩි වොෂ් එකක් දාගෙන එන්නකො...’’


මගේ හිස මෘදු ලෙස අතගෑ අමෝද්‍ය පැවසී ය.

*          *          *          *          *          *          *          *          *

sds

 

දිවා ආහාරය ගෙන, ඉක්බිති ආලින්දයට පැමිණි අප තිදෙනා ඉදිරි පියවර මොනවාද යන්න පිළිබඳ කෙටි සාකච්ඡාවක නිරත වූහ. එහි දී මවිසින් කළ යුතුව තිබුනේ දිවසත් අයියා සහ අමෝද්‍ය කලින් ම එළඹ තිබූ තින්දු තීරණ මොනවා ද යන්න අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීම ය.


‘‘නංගි... මං දැනටත් මගේ ෆෝන් එක ඕෆ් කරල තියෙන්නෙ. හදිසි උවමනාවක් උනොත් කතා කරන්න අංකයක් මං අමෝද්‍යට දීල තියෙනව. ඔයාගෙ ෆෝන් එකේ තියෙන සිම් එක කොහොමටත් අයිං කරලනෙ තියෙන්නෙ. මං අලුත් සිම් එකක් අමෝද්‍යට දීල තියෙනව. හෙට නෙවෙයි... මේ දැන් ඉඳල උනත් ඔයා මට හරි අමෝද්‍ය එළියට ගියපු වෙලාවක එයාට හරි කෝල් ගන්න ඕනෙ ඒ සිම් එකෙන්. තේරුණා ද...? ඒ සිම් එකෙං උනත් අනවශ්‍ය විදියට කෝල් ගන්න එපා. අත්‍යවශ්‍ය උවමනාවක් උනොත් විතරක් ගන්න. අමෝද්‍ය... ඔයත් ඔයාගෙ පර්සනල් සිම් එකෙන් මට හරි නංගිට හරි කෝල් ගන්න එපා. අපි දෙන්නට කෝල් එකක් ගන්නව නං අලුත් සිම් එකෙං ගන්න.’’


දිවසත් අයියා සියලු කරුණු පැහැදිලි කළේ පරිණත වැඩිහිටියෙකු මෙනි.

 

watercolor swimmers painting marcos beccari fb png 700


‘‘ආ... තව එකක්... දැං ඔයා මොනම විදියකටවත් හිත දුර්වල කරගන්න එපා. අම්මට හරි තාත්තට හරි කතා කරන්න හිතන්නවත් එපා. එහෙම උනොත් අපි මේ කරපු හැම දෙයක් ම වතුරෙ. ඒ වගේ ම මේ හැම දේට ම උත්තර බඳින්න වෙන්නෙ මට. තේරුණා ද...’’


ඔහු යළිත් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින්, ඔහු පැවසූ දෑ මට වැටහුණා ද යන්න තහවුරු කරගැනීමට යත්න දැරී ය. අමෝද්‍ය දීර්ඝ නිහඬතාවක ගැලී සිටියේ දිවසත් අයියා ඔහුට වඩා වයසින් බාල වුව ද මේ මොහොතේ දිවසත් අයියා වැඩිහිටි පුද්ගලයෙකු ලෙස කටයුතු කරන බව වටහාගනිමිනි.


‘‘හරි දිවසත්... අපි කතා කරගත්තු විදියට හැම දෙයක් ම සිද්ද උණා වගේ ම ඉස්සරහටත් එහෙම ම වෙයි කියල මං විශ්වාස කරනව. හැබැයි දැං ඔයා, ඔයාගෙ පර්සනල් ෆෝන් එක ඔන් කරාට පස්සෙ සිද්ද වෙන්නෙ මොනවද කියල මාව දැනුවත් කරන්න. මොකද ඉස්සරහට කරන්න තියෙන හැම දෙයක් ම ප්ලෑන් කරන්න වෙන්නෙ ඒ අනුව නෙ...’’


අමෝද්‍ය දිවසත් අයියා හට අවධාරණය කළේ ය.


‘‘දැං ඉස්සරහට මං මොනවද කරන්න ඕන කියල ඔය දෙන්න ම කිව්වෙ නෑ නෙ...’’

 

මා එසේ විමසන විට දිවසත් අයියා සහ අමෝද්‍ය ඔවුනොවුන්ගේ දෙනෙත්වලින් කුමක් දෝ ගනුදෙනුවක් කළ බව මට හැඟිණ. එහෙත් තත්ත්පර කිහිපයක් අප පසු කර යන තෙක් ම දෙදෙනා ම නිහඬ ව්‍රතයක නියැළුණහ. මට කළ හැකිව තිබුණේ මාරුවෙන් මාරුවට ඒ දෙදෙනාගේ උවනත් මගේ දෙනෙත්වල ග්‍රහණයට නතු කරගැනීම පමණි. මා පත්ව සිටින අසීරුතාව වටහාගත් බැවින්දෝ දිවසත් අයියා යළි වදන් මුදාහළේ ය.

 

‘‘ඔයාට කරන්න තියෙන්නෙ මොන ම විදියකටවත් හිත කලබල කරගන්නැතුව ඉන්නෙක විතරයි. කොටින් ම කියනව නං මේ වෙලාවෙ ඔයාට ඉන්නෙ මායි අමෝද්‍යයි විතරයි. ඒ හිංද අපි දෙන්නගෙං නාහ තින්දු තීරණ ගන්නෙපා. අපි නැන්දටයි මාමටයි කරේ ලොකු වරදක්. හැබැයි ඒ හැම දෙයක් ම කරේ ඔයා වෙනුවෙන්; ඔයාගෙ උවමනාව හින්ද. ඒ හින්ද කල්පනාවෙන් වැඩ කරන්න. එච්චරයි...’’


දිවසත් අයියා අවසන් වරට ද කරුණු පැහැදිලි කළේ ය.


‘‘එහෙනං අමෝද්‍ය... මං ගිහිං එන්නං...’’ යැයි පැවසූ දිවසත් අයියා පිටත්වන්නට සුදානම් වන මොහොතේ මගේ අභ්‍යන්තරයේ සැඟව සිටි මම පිටතට පැමිණියෙමි. ක්ෂණයකින් දිවසත් අයියා බදා වැලඳගත් මා ඔහුගේ පපුතුරෙහි හිස හොවාගත් සැණින් වාවාගත නොහැකි තරමේ වෙදනාවකින් පෙළිණ. ඒ නිමේෂය පිටස්තරයෙකු දුටුවේ නම් ඔහු හෝ ඇයට, දියණියක දෙමාපියන්ගෙන් සමුගෙන සිය සැමියා සමග වෙන්ව යන ආකාරයේ රූපරාමු පෙළක් දක්නට ලැබෙනු අනිවාර්ය ය. මන්ද ඒ මොහොත එතරම් සංවේදී ය.


flat750x075f pad750x1000f8f8f8.u2මා දිවසත් අයියාගේ පපුතුරෙහි හිස හොවා ඉකිබිඳන විට මගේ ලලාටය මතට උණුසුම් අක් බිඳු කිහිපයක් පතිත වූයේ මා කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවු ලෙසිනි.


‘දෙයියනේ...! දිවසත් අයිය අඩනව...!!’


ඔහු මගේ හිස තව තවත් ඔහුගේ පපුතුරට තෙරපී ය. අවට සිටින්නේ කවුද...,  සිදුවන්නේ කුමක් ද... යන්න පිළිබඳ අල්ප මාත්‍රයක හැඟිමක් මට නොවිණ. හදවතට දැනුණ යමක් වේ නම් ඒ දිවසත් අයියාට මා සදා ණය ගැති නොවේ ද යන සිතුවිල්ල පමණි. අප දෙදෙනා එකිනෙකාට තුරුලු වී කෙතරම් කාලයක් ගත කරා ද යන්න පවා මට අමතක විය. එය සිහිපත් කළේ ද දිවසත් අයියා ය.


‘‘හරි හරි... දැං නාඬ ඉන්නකො... මේ මොහොතෙ ඉඳන් ඔයාගෙ එකම ආරක්ෂකය අමෝද්‍ය... ඔයා වගේ ම මමත් විශ්වාස කරනව අමෝද්‍ය ඔයාව හොඳින් රැක බලාගනිවි කියල. ඔයා බාහිර කිසිම දෙයක් ගැන හිතන්න එපා. මේ දැන්... මේ මොහොතෙ ඉඳන් හිතන්න ඕනෙ ඔයයි අමෝද්‍යයි කොහොමද අනාගතේට මූණ දෙන්නෙ කියන එක විතරයි. ඉස්සරහටත් මං ඔයාට මේ වගේ ම උදවු කරනව.’’ යැයි පැවසූ දිවසත් අයියා මගේ දෙවුරට අත තබා මා ඔහුගෙන් දුරස් කර අමෝද්‍ය දෙසට හැරිණ. එවිට සිදු වූයේ මා කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවු සිදුවීමකි.


‘‘මල්ලි... ඔයා මගේ ම මල්ලි නොවුනත් මේ කරපු හැම දෙයතක් ම කරේ අහිංසනා වෙනුවෙන් කියල මං දන්නව මල්ලි... ඔයා කරපු හැම උදවුවකට ම අපි දෙන්නම ණය ගැතියි මල්ලි...’’

 

මවෙතින් මිදුණු දිවසත් අයියා වෙත ක්ෂණයෙන් පැමිණි අමෝද්‍ය දිවසත් අයියා බදා වැලඳගෙන පැවසු ඒ වදන් මගේ සවන් තුළට ඇතුළු වූයේ හදවත, මනස මතු නොව සමස්ත සිරුර ම ප්‍රීති ප්‍රමෝදයකින් ද, විප්‍රයෝගයකින් ද පුරවාලමිනි. සැබැවින් ම ඒ නිමේෂයේ දිවසත් අයියා යනු අපේ ඉටු දෙවියා ය; අප වෙත සියලු ප්‍රහර්ෂ උදා කරදෙන්නට ඉදිරිපත් වූ ආදරණීයයා ය.

 

එකිනෙකාට ඇලී තිබුණු, දිවසත් අයියාගේ සහ අමෝද්‍ය ගේ සිරුරු එකිනෙක වෙන් වන විට දෙදෙනා ම සිටියේ රත්පැහැ ගැන්වු දෙනෙත් සහිතව ය. ඒ නිමේෂය යනු මගේ ජීවිතය පුරා ම මනසේ ද හදවතේ ද රැඳි තිබෙන නිමේෂයකි. මන්ද මා අමෝද්‍යට ආදරය කිරීම ඇරඹි දා සිට අද දක්වා ඔහුගේ දෙනෙත් තෙත්වනු දැක නොතිබිණ. ඇතැම් විට මට එවන් අවස්ථාවක් දක්නට ලැබෙන පළමු අවස්ථාව මෙන් ම අවසන් අවස්ථාව ද මෙය විය හැකි ය.  ඉදින් මා කෙසේ නම් තව දුරටත් ඉවසන්න ද...

 

එසැණින් ම මා ක්‍රියාත්මක වූයේ වෙනත් කිසියම් බලවේගයක් විසින් මෙහෙයවනු ලබන රොබෝවරයෙකු ලෙසිනි. මා ද නොදැනුවත්ව ම, ක්ෂණිකව ම දිවසත් අයියා ද, අමෝද්‍ය ද මගේ දෑතින් බදා වැලඳ ගත්තේ මසිතේ පිරිතිරී යන සොම්නස ද දොම්නස ද එක පැහැර මුදා හැරීමේ අටියෙනි. එවන් දසුනක් මා මින් පෙර කිසිදු දිනක දැක නොතිබිණ; අනාගතයේ ද දක්නට නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලි ය. අප තිදෙනා ම මිනිත්තුවක පමණ කාලයක් එකිනෙකාගේ දුක බෙදා ගත්හ. කිසිවකුට අනෙකා අත්හළ නොහැකි තරමට සිතින් ද ගතින් ද බැඳි සිටියහ. එහෙත් මේ ගෙවී යන හැම තත්ත්පරයක් ම ඉතා බියකරු නොවේදැයි හැඟුණ සැණින් මා ක්‍රම ක්‍රමයෙන් අමෝද්‍යගේ ද, දිවසත් අයියාගේ ද ග්‍රහණයෙන් මිදිණ. තිදෙනා ම පියවි සිහියට එළඹියේ ඉනික්බිති ය. තිදෙනා එකිනෙකාගේ උවනත් දෙස බලන මොහොතේ තිදෙනාගේ ම උවනත් මත සිතුවම්ව පැවතියේ මෙතෙක් විඳි ප්‍රහර්ෂය අභිභවන ලජ්ජාසහගත ස්වරූපයකි; හැඟීම්වලට වහල් වූවා වුවමනාවටත් වැඩි නේදැයි තිදෙනාගේ ම හදවතට දැනුණු හැඟීම ක්ෂණයෙන් තිදෙනාගේ ම උවනත් මත සිතුවම් විය.


1946411 HSC00001 7අප තිදෙනා අතුරෙන් වැඩිමහල් ම පුද්ගලයා අමෝද්‍ය යි. දෙවැන්නා දිවසත් අයියා ය. වයසින් බාල ම පුද්ගලයා මා ය. එහෙත් මේ නිමේෂයේ වැඩිමහල් ම පුද්ගලයා වන අමෝද්‍ය පවා කුඩා දරුවකුගේ තත්ත්වයට පත්ව සිටී. දිවසත් අයියා එය ඉතා මැනවින් වටහා ගත් බැවින්දෝ අප දෙදෙනාට මැදි වී, අප දෙදෙනාගේ දෙවුර මත ඔහුගේ දෑත් දමා, ඔහුට ආසන්න කරගෙන ම ඉදිරියට ඇවිද ගියේ ‘දැන් මම යන්න ඕන,’ යැයි නොපවසා පවසන අතර ය. මාත් අමෝද්‍යත් එකිනෙකාගේ දෙනෙත් පටලාගත්තේ ‘දැන් ඉතිං සමු ගත යුතු මොහොත එළඹී ඇතැයි,’ යන සිතුවිල්ලෙනි.


මේ වන විට දිවසත් අයියාගේ ඇදුම් බෑගය කාරයේ පිටුපස අසුන මත තැබූ රන්මලී මගෙත්, අමෝද්‍ය ගේත් උවනත් ඇගේ දෙනෙත් ග්‍රහණයට හසු කරගත්තේ ‘දැන් ඒ මහත්තයට යන්න දුන්නොත් හොඳයි නේද...’ යන අදහසින් බව පසක් කරගන්නට අප දෙදෙනාට ම අපහසු නොවිණ. එබැවින් අප දෙදෙනා ම දිවසත් අයියාට ද නොදැනෙන්නට ඔහුගේ සිරුරෙන් මිදිණ. ඔහු ද එය අපට සමුදෙන්නට හොඳ අවස්ථාවක් ලෙස සලකා හිස පොළොවට නැඹුරු කරගත්වන ම ගොස් කාරයේ අසුන්ගෙන, දොර වසා වීදුරුව පහත් කර, ආරක්ෂක පටිය පැලඳගත්තේ වදනින් මුදා හැරිය නොහැකි තරමේ වේදනාවක් හිසින් දරාගෙන ය. ඔහුගේ මනසේ තැන්පත්ව ඇති බර ඔහුට මතු නොව අප දෙදෙනාට ද ඒ ආකාරයෙන් ම දැනිණ. කාරය පණ ගන්වාගත් දිවසත් අයියා වීදුරුව පහතට යවා අවසන් වරට අප දෙදෙනා දෙස ඔහුගේ දෙනෙත් එල්ල කරන විට එහි ඇඳි තිබුණේ සුඛ දුක්ඛ ද්විත්වය ම පිළිබිඹු කෙරෙන සිතුවමකි.


වදනකුදු මුදා නොහළ හෙතෙම යළි වීදුරුව ඉහළට යවා කාරය පණගන්වාගෙන මන්දගාමී ලෙස ඉදිරියට ඇදී ගියේ අප වෙතින් සමුගෙන යා නොහැකි බව ද, අප සමග රැඳි සිටීමට නොහැකි බව ද සංකේතවත් කරමිනි.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/11/11  

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...