The Leader News
BREAKING
Top Ad
වීඩියෝ

ලංකාවේ සම්ප්‍රදාය ගතික නැහැ; ස්ථිතිකයි - කැකිරාවේ සුදස්සන හිමි (වීඩියෝ)

CSK

CSK

October 11, 2026 • 10:37 AM

ලංකාවේ සම්ප්‍රදාය ගතික නැහැ; ස්ථිතිකයි - කැකිරාවේ සුදස්සන හිමි (වීඩියෝ)
Video
අකුරු ප්‍රමාණය (Font Size):

බුද්ධාගම නමැති ආගමෙහි මූලික සංකල්පය වන්නේ ලේකයෙහි සැබෑ ස්වභාවය වන දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ ඒ සඳහා භාවිත කළ යුතු මාර්ගය වන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් සංසාර දුකින් මිදීම සහ පූර්ණ මනුෂ්‍ය හැකියා වන ප්‍රඥාව සහ කරුණාව වර්ධනය කර ගැනීම ය.

නමුත් මේ වන විට ලංකාවේ බුද්ධාගම යනු බුදුන්වහන්සේ ගේ මූලික ඉගැන්වීම් පසෙකලා, විමුක්ති මාර්ගය සොයනු වෙනුවට තව තවත් සසරෙහි ඇලී සිටීමට උත්සාහ කරන සහ කරවන වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙන ක්‍රියාපටිපාටියකි.

බහුතරයක් බුද්ධ පුත්‍රයින් ගිහි ජනයාට අත්හරින්නැයි පවසමින් තමන් සියල්ල බදාගන්නා තත්වයට පත්වී තිබේ. එබඳු වටපිටාවක් තුළ ගිහි ජනයාට සැබෑ බුද්ධාගම පිළිබඳ නිවැරැදි අවබෝධය ලබා දෙන බුද්ධ පුත්‍රයින් ද නැතුවා නොවේ.

කැකිරාවේ සුදස්සන හිමි යනු එබඳු බුද්ධ පුත්‍රයින් අතරින් සුවිශේෂී හිමිනමකි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව අද වෙන්වන්නේ උන්වහන්සේ සමග: 'ආගම යනු කුමක්ද?', ලංකාවේ ආගම, භික්ෂුව සහ ගිහියා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න සහ සම්ප්‍රදාය සහ ශ්‍රී ලාංකීය චින්තනය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සඳහා ය.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග උන්වහන්සේ කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සටහන - ජයසිරි අලවත්ත

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...