BREAKING
Top Ad
වායාම

වායාම (79) : ආල දෙමලුන් - (සුජිත් අක්කරවත්ත)

T

The Leader

July 9, 2023 • 4:14 AM

වායාම (79) : ආල දෙමලුන් - (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විස්තරමය විධියට එළියට ඇවිත් නැති මේ ආල දෙමලුන් ගැන ලිවිය යුතු යැයි සිතමි.
  • ඇය එවන් සුවිශේෂී භූමිකාවට පණ දී ඇති වුවද ඒ ගැන කතා කිරීම අවම වී ඇත.
  • තවත් නම් දිගු කරන්නේ නම් ජයසිරි බිසවගේ සිට බොහෝ බිසවුන්ට බැදී ඇති ජීව පිහිටීමකි.
  • Prasanna Weerakkody paintings මෙම ස්ත්‍රීන් බල දේශපාලන ස්ත්‍රීන් ලෙසට ගෙන බැලීමේදී බොහෝ ඉතිහාසඥයන් මාන ගත කලේ ඒවා කලාපීය බල පැවැත්ම සඳහා සිදුවූ දේශපාලන ආවාහ ගිවිස ගැනීම්  බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවේ ස්ත්‍රී කුමරියන්ට ආල ආශාක්ත වූ ද්‍රවිඩ වල්ලභයන්ගේ කතා වලින් කීපයක් ලිහා ගන්නට අවැසි යැයි සිතේ. එසේ සිතන විට සිත හේතු මතුව එන්නේ එහි පැති ගැන විවිධ සේ  ලියන්නටය. මතු දිනෙක මේ රටේ ඉතිහාස දිශානතිය ජාති, වර්ග, කුල හා ප්‍රාදේශීය අන්තයෙන් මිදී බැලිය යුතුය. එමෙන්ම එය විද්‍යාවෙන් දේශපාලනයෙන් හා පුරාවිද්‍යාවෙන් තොර පියවි ඉතිහාසයෙන් බැලිය හැකි නම් හෘදය සංවාදය මනාව මතුවනු නියතය. කොහොම උනත් දැන් අපි බැලිය යුතු ඉතා වැදගත්ම කථාව වන්නේ ලංකාවේ ජනප්‍රිය ස්ත්‍රීන්ගේ ආල පුරාවෘත්තයන් අතර ද්‍රවිඩයන් නොවේ නම් දක්ෂිණ භාරතීයන් සිටින්නේ මන්ද යන්නය. මෙය බල දේශපාලන උපාය මාර්ගයෙන් විවරණය කර ගත හැකිය. එසේ විවරණය කර  ගැනීම පාර්ශවීය කථාවකි. මේ ආලයන් අතර බලය සමඟ රැදුණු මානව හෘදයේ කථාවට එකට ගෙන බැලිය යුතුය. එවිට සිදුවීම වඩා මැදින් බලා ගත හැකිය.

කුවේණිය ආල ආතුර වූයේ උත්තර භාරතීය විජයටය. කුවේණියට පසු ලංකා දේශපාලන සිතිජයේ  මහා ස්ත්‍රීය වූයේ අනුලා රැජිණය. ඇය ආශක්ත වූ බහුතර වල්ලභයන් ද්‍රවිඩයන්ය. මේ කිමද. රැජිණකට අන්තඃපුර වල්ලභයන් හිමිකර ගන්න වරම් ලද විටත් ලිඛිත ලංකාවේ පළමු රැජිණ අනුලා දෙමළ වල්ලභයන්ට වඩා මනාප වූයේ කිමද. අනුලා රැජිනගේ කථාව බල තුලනයේම බහා බැලූ විට තම ජාතියේ පිරිමින්ගෙන් එල්ලවිය හැකි අනතුරු වලක්වා ගන්නට සිරියහන අන් ජාතියකට සතු කලා කිව හැකිය.

96549594 4092573177481211 3773305636289249280 nPrasanna Weerakkody paintings

අනුලා රැජින සිංහල රජ සිරිත විවෘතවම සරාගී දාර්ශණයකින් විකසිත කොට රාජ්‍ය විචාරයන්ට පත් වූ ගැහැණියය. ඇය ලංකාව ප්‍රශස්ත ආකාරයෙන් පාලනය කල රැජිණියකි. ප්‍රජාව අතර ගැටුම් නැති ලෝකය සමඟ ගැටුම් නැති එමෙන්ම බාහිර ආක්‍රමණ වලට ලංකාව නතු නොවී පවත්වා ගත් පාලිකාවය. ඇය එවන් සුවිශේෂී භූමිකාවට පණ දී ඇති වුවද ඒ ගැන කතා කිරීම අවම වී ඇත. කොහොමත් අනුලා රැජිනගේ වල්ලභයන් දෙස බලන විට එය හුදු බල උපායක්ම සේම ගැනිය නොහැක. මන්ද රාගය දෙස විවෘතව බැලූ රැජිණක් තම වල්ලභයන්ගෙන් අපේක්ෂා කරනුයේ එම උපරීම ජීව බන්ධනයය‍. ඇය දිනා ගන්නට ද්‍රවිඩයන්ටම හැකි වූයේ කිමද. මේ කථාව අනුලාට පමණක් නොව ලංකාවේ බොහෝ ස්ත්‍රී කුමාරියන් හා බැඳණු කථා කලාපයේ හංගාගෙන සිටින කථාවකි.

අප දන්නා නම් වලින් ගත්තොත් රැජිණ ලීලාවතීටද රැජිණ කල්‍යාණවතීටද රැජිණ සීවලීටද  පොදු කථාවකි. මහරජ කුමරුන් බිහිකල ලක් මව් දේවියන් බොහෝමයකගේ කථාව එයමයි. මහා පරාක්‍රමබාහුගේ අම්මා ගේ සිට සයවන පරාක්‍රමබාහුගේ අම්මාටද පොදු කතාවකි. තවත් නම් දිගු කරන්නේ නම් ජයසිරි බිසවගේ සිට බොහෝ බිසවුන්ට බැදී ඇති ජීව පිහිටීමකි.

7f478Prasanna Weerakkody paintingsමෙම ස්ත්‍රීන් බල දේශපාලන ස්ත්‍රීන් ලෙසට ගෙන බැලීමේදී බොහෝ ඉතිහාසඥයන් මාන ගත කලේ ඒවා කලාපීය බල පැවැත්ම සඳහා සිදුවූ දේශපාලන ආවාහ ගිවිස ගැනීම්  බවය. ඒත් ඒවාට පිටදුන් ආලනුරා පෑහීම් අමතක කරයි. සමහර විටෙක බිසවුන් වහන්සේලා තමන්ගේ අනියම් ආලතුරයා කරගෙන ඇත්තේ ද්‍රවිඩයන්ය. මේ මන්ද. ශ්‍රී ලංකාවේ ශාසන වංශ කථාවේ බොහෝ තැන්වල මේ යටි කථාවේ පද ලියා ඇත්තේ පුදුමාකාර ලෙසය. ඉතා වැදගත් වන්නේ ලංකාවේ බල ආධිපත්‍ය දැරූ පුරුෂයන් සමඟ අතිනත ගත් ද්‍රවිඩ දේවීන් තරමට මේ පුරුෂ වල්ලභයන් ගැන ඇති නිහඞකමය. මේ නිහඞකම නිසා ලංකාවේ ඉතිහාස රිද්මය වටහාගත හැකි අපූරුතම ඥාණ ප්‍රවේශයන් අපට අහිමි වී ඇත. මේ ගැන සිතමින් සිතිය යුතු තැන නම් ද්‍රවිඩ පුරුෂයන් දේශීය ස්ත්‍රීන්ට මෙසේ නැමී බැඳුණු  සිදුවීම්ය. එය ආල භාවයේ සුවිශේෂීකමක් නිසාම වන බැඳීමක්ද විය හැකිය. දක්ෂිණ භාරතීය ආල අන්දර භාවතීෂය පුරුෂ හැගීම් වලින් පිරී ඇති සාහිත්‍යකි. එම සාහිත්‍ය විසින් ද්‍රවිඩ  පුරුෂ ආත්මය සකස්වී ඇතුවාට සැක නැත. ඒ නිසා ද්‍රවිඩ වල්ලභයන්ට ප්‍රිය වීම කෙරෙහි ලක් ස්ත්‍රීන්ගේ මනෝභාවය ගමන් කලාද විය හැකිය.

නඩේසන් හා විනීතා ( අපේ කාලයේ රොමියෝ ජුලියට් )නඩේසන් හා විනීතා

නූතන ලංකාව කැළඹූ එල්.ටී.ටී.ඊලාම්,පොලිස්පති නඩේසන් සහ ඔහුගේ සිංහල බිරිඳ, විනීත ගුණසේකර, දක්වා මෙම කථාව නොනැවතී පැමිණ ඇති කථාවකි. රත්න ශ්‍රී විජේසිංහයන් පද බැදි විශාරද ගුණදාස කපුගේ ගයන “සිංහල සිංදු කියන නලලේ තිලක  තියන කිරිල්ලියේ” ගීතය දක්වා නින්නාද වන මෙම භාවය ගැන ඉතිහාස විපරමක් නැතිවීම මහත් පාඩුවකි. උත්තර භාරතීය සහ ග්‍රීක සුමේරියන් පුරුෂයන්ට බැදී ඇති ලක් ස්ත්‍රිය, ඊට සමානව දක්ෂිණ භාරතීයන්ට බැදී ඇති බව තේරුම් ගැනීම් කල යුතුය. එය ඉතිහාස දත්ත මත ලියැවී ඇති නමුදු අප එම තතු කතා තේමා විෂය නිර්දේශ හෝ සිනමා රූප ගීත නිමිති කොට ගෙන නැත.

මල් මද බිසෝ යොන් ලියන් -(වායාම 18 : සුජිත් අක්කරවත්ත)Prasanna Weerakkody paintings

සිංහලයා අවධි කල හැක්කේ දෙමළාට එරෙහිව බවත්, දෙමළා අවධි කල හැක්කේ සිංහලයාට එරෙහිව බවත් එහෙමත් නැති නම් සුද්දාට එරෙහිව බවත් අප තවම සිතයි. බොහෝ විට ඉතිහාසය කියාම සිතන්නේ දෙමළාට එරෙහිවත් සුද්දාට එරෙහිවත් සටන් කල හැටි යැයි සිතයි. නැත, ඉතිහාසය යනු මේ සියල්ල සමඟ තව බොහෝ සිද්ධි එකට ඇති සියල්ලය. ඒ සියල්ල බැලූ විට ද්‍රවිඩයන් සමඟ යුද්ධ කලාට වඩා සිංහලයන් ද්‍රවිඩයන්ට ආලය කල හැටි පෙනෙනු ඇත. සියල්ල එකට ගෙන බලන්න අවැසිය. ඒ සියල්ල අතර වැදගත් නොවන යමක් නැත. මන්ද  සියල්ල තැනෙන්නේ සියල්ලේම එකතුවෙන් වන නිසාය. ඒත් මෙහෙම  සිතන්න බැරි තැනට අප පත්ව ඇත. මානව භාවයන් වියෝ වීමෙන් පිරුණු ඉතිහාසයක් ලේඛණගත වන්නේද පාඨශාලාගත වන්නේද විෂයමාලා වී ඇත්තේද ජනප්‍රිය ජනමත වී දේශපාලන පාදම් ද වී ඇත්තේ මේ නිසාය.

15936510 1356874801051076 466026561419721167 oPrasanna Weerakkody paintings

කොහොම හරි කතාව පුදුමයක් වන්නේ සංඝමිත්තා මහ තෙරණිය නිසාය. එතුමියගේ සහෝදර මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ පැමිණි පුරුෂ පැවිදි පිරිස නම් ලෙස අපි දනිමු. රූප ලෙස සිතුවම්  වල නිරූපණය වේ. ගිරි ලිපි ලෙන් ලිපි වලද නම් ලියා ඇත. එහෙත් පුදුමය සංඝමිත්තා මහ රහත් තෙරණිය සමඟ පැමිණි ස්ත්‍රී රහත්වරියන් ගැන අපට නම් මතක නැත. ඒ ගැන රූප සිත්තම් නැත.ගිරි ලිපිද ලෙන් ලිපිද නැත. සංඝමිත්තා තෙරණිය ලංකාවට වඩින රූපයෙහිද වන්නේ ඇය පමණි. ඇය සමඟ මෙරටට වැඩිය අන් තෙරණියන් රූපයට නගා නැත. මේ මන්ද මේ සියල්ල පසුකාලීනව ලංකාවේ අධිපති වන ඒක මානයේ ප්‍රථිඵලය. සංඝමිත්තා තෙරණියගේ ගිහිකල පුරුෂ වල්ලභයා සහ ඔහුගේ සහෝදරයන්ද එතුමියගේ පසුපසින් ලක්දිවට පැමිණ ඇත්තේය. ඔහුත් ලක් ස්ත්‍රීන් සමඟ රාග ආල රමණයෙන් මෙරට ජන සංයුතිය බහු වර්ණ කළේය. එමෙන්ම සංඝමිත්තා තෙරණිය සමඟ වැඩම කළ දක්ෂීණ භාරතීය තෙරණියන්ගේ ගිහිකල වල්ලභයන් සොයා යා යුතුය. ඒ ඔවුන්ද ලංකාවට පැමිණ  ලක් කුමරියන් සමඟ සිරියහන් ගතව ආල ප්‍රේමානන්ද වූ බව කතා වසන්වී ඇති බැවිණි. ඉතින් ද්‍රවිඩ වල්ලභයන්ගේ කතාව එතරම් අගනේය.


කාලඤ්ඤූ (වායාම 57) - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com


වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...