The Leader News
BREAKING
Top Ad
වායාම

වායාම : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

September 11, 2021 • 8:59 AM

වායාම : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ බහු ජාන සුසැදිය නිර්මාණය කිරීමේදි ඔහුට පුර්වාදර්ශය සපයන්නේ සොබා දහම මත නැගුණු මානව චින්තනයය.
  • ග්‍රීකයේ ඇතෑන්ස් නුවරට පූර්වයේම අනුරාධපුර නගරයාය ගොඩනැගේ.
  • අනුරාධපුර නගරයායේ නගරංග අටවිස්ස අතර ඇති රති කෙළි දෙවොල ඒ අතරින් සුවිශේෂය. සරාගය වෙනුවෙන් කෙළි දෙවොලක් ඉදි කලේ මන්ද.
  • එබවින් යළි අවධානය යොමා ගමන් කළ යුතු වන්නේ අනුරාධපුර නගරංගයේ රති කෙළි දෙවොලට ය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ බහු ජාන සුසැදිය නිර්මාණය කිරීමේදි ඔහුට පුර්වාදර්ශය සපයන්නේ සොබා දහම මත නැගුණු මානව චින්තනයය. එමෙන්ම රාජ්‍ය සමග සහවාස නොවූ මුල් බුදු දහමය. මෙසේ ඔහු බිහි කළ දේශපාලනය තුල තිබූ බහු සරාගි නිදහස කැපී පෙනෙන විශේෂත්වයක්‌ ගනී.
 
නේක හැගීම්, නේක සිතුම් සහ නේක ආශාවන් එකිනෙකට වෙනස්ය. එකිනෙකට වෙනස් බව ඔහුගේ'ග්‍රාම රාජ්‍ය 'හෙවත් 'පුර රාජ්‍ය 'සංකල්පයේ පදනමද වේ. 
 
සරාගය දෙස හෙලන ලද දැකීමත්, ඒ ඔස්සේ ගොඩනංවා ගත් රුචි මනාප භාවයන් සිරිත් විරිත් රාජ්‍යයේ ජීව විලාශය බවට පත් වේ. 
 
 
 
Painting 2021.09 1
                                                    පණ්ඩුකාභය හා ස්වර්ණපාලී මුණගැසීම - ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමක්
 
මෙම එකිනෙකට වෙනස් බව බහු බන්ධනය කල පණ්ඩුකාභය රජු බහු බන්ධනයේ පදනම සරාගය බව පෙන්වයි. එය දිස්වන්නේ ඔහු ගොඩනංවන අනුරාධපුර නගරයාය තුලින්ය. අනුරාධපුරය අංග විසිඅටකින් විධිමත් කල නගරයායකි. ග්‍රීකයේ ඇතෑන්ස් නුවරට පූර්වයේම අනුරාධපුර නගරයාය ගොඩනැගේ. අනුරාධපුර නගරයායේ  නගරංග අටවිස්ස අතර ඇති රති කෙළි දෙවොල ඒ අතරින් සුවිශේෂය. 
 
 
සරාගය වෙනුවෙන් කෙළි දෙවොලක් ඉදි කලේ මන්ද. ඉතිහාසය තම රුචි මනාප මත විග්‍රහ කල යුතු විෂයක්‌ නොවේ. එය සියලුම පැති මාන වලින් විමසා බැලිය යුතු විෂයකි. ඒ වගේම රාජ්‍ය දේශපාලනය බිහි කර ගත යුත්තේද සියළු රුචි මනාප එකට තබා ගෙනය. 
 
සියළු රුචි මනාප එකට හමු වෙන භාවය රාග සරාගය  ය. එවිට පිට මං කරන්නට නීති ඇවසි නොවේ. පණ්ඩුකාභය ගේ රති කෙළි දෙවොල මේ සියළු භාවයන් පිළිගත් මානව දේශපාලන සංකේතය වන්නේ එබැවින්ය. 
 
දැන් පැන නගින ප්‍රශ්නයකි. එනම්  ඉතිහාසකරණයට පිවිසි බොහෝ විද්වතුන්, විද්‍යාර්ථයන්, ඉතිහාසකරුවන් 'රති කෙළි දෙවොල 'ලක්‌ ඉතිහාස කතා කතිකාවෙන් සඟවා තබා තිබීමය. මේ කුමන හේතුවක්‌ නිසාද ?. ඒ නොදන්නා කමය. නොවේනම් බ්‍රාහ්මණ, යුදෙව්, වික්ටෝරියානු චින්තාවට ලක් දිව ඉතිහාසය යටත් කොට ගත් නිසාය. 
 
 
 
සිංහල ඉතිහාසය නමින් කතිකා වන්නේ ඒ බ්‍රාහ්මණ, යුදෙව්, වික්ටෝරියානු චින්තන කොටු පවුරෙන් වසා ගත් ඒකමාන අදහස් පමණි. එය පණ්ඩුකාභය රජුට පමණක් නොව සිංහල සිරිතට ද කරන මරු පහරකි. මෙය වෙනම කතිකාවක ගත යුත්තකි. එබවින් යළි අවධානය යොමා ගමන් කළ යුතු වන්නේ අනුරාධපුර නගරංගයේ රති කෙළි දෙවොලට ය.
 
මෙම සරාග කෙළි දෙවොල, භාව  විභේදන තුනී කරමින් පොදු මානව භාවයන් ප්‍රහර්ෂ කළ බව පෙනේ. ඒ අනුව මේ රාග රති කෙළි දෙවොල තුළින් රාගයේ පතුල ඔස්සේ ජීවිතය සොයන සමාජය හමුවේ. 
 
අග නගරයක් බිහි කරන විට එහි කේන්ද්‍රීය ස්ථාන අතරට‍ රතී ආරාමයක්‌ ස්ථාන ගත වීම පෙන්වන්නේ ලාංකීය ජීව දැක්මේ දිග පළලය. අනුරාධපුර නාගරිකය ලෝක මානව අගයක් ගන්නෙ එබැවින්ය. 
 
මේ රති දෙවොල සිංහල හික්ෂුවක්‌ වූ මහානාම තෙරිදුගේ 'මහාවංශය ' සනාථ කරයි. එමෙන්ම සිංහල හික්ෂුණින් වහන්සේලා විසින් විරචිත 'දීපවංශය 'නිරවුල්ව ලියා තිබේ. ඒ වගේම 'ජනවංශ විතර'ද  තුළින් තහවුරු වේ. මේ සියල්ල ඔස්සේ එයට බැදෙන චරිත හා සංසිද්ධි සමග කලතා මතු කොට දි තිබේ. 
 
එසේනම් අනුරපුර රති දෙවොල යටපත් කොට පිටමං කලේ පෙර කී ඒකමානී මානව විරෝධීන් බව පැහැදිලිය. 
 
 
 
anurapura 1
 
පණ්ඩුකාභය රාජ්‍ය අවදිය ක්‍රි :පූ :හතර වන සිය වසේය. නූතන අපට මේ මූල නිමිති හමුවන්නේ ශේෂමාන වංශ කතා වලිනි. දැනට ඉතුරුව ඇති ඉතිහාස වංශ ලියවෙන්නේ ක්‍රි :ව : පස් වන සියවසේය. ඒ අනුව 'රති කෙළි දෙවොල බිහි වි වසර නම සියකට පසුවය. එනම් සිය වස් නමයකට පසුවය. 
 
මහාවංශය සහ දීපවංශය සදහා පාදක අතීත තතු කතු වරුන් ලබා ගත් පුරාණ ග්‍රන්ථ ගැන සදහන් කරයි. ඒ අනුව පෙනෙන්නේ 'රති කෙළි දෙවොල 'පිළිබද ඉතිහාසය දීර්ඝව රැකගෙන විත් ඇති අයුරුය. එමෙන්ම එය මතු යුගය දක්වා සුරක්‍ෂිත කළ යුතු බැවින් මහාවංශය සහ දීපවංශයේ නිර්මාපකයන් වාරණය නොකොට මෙම තතු දත්තය  සමග ස්වකීය කෘති රචනා කල බවය. 
 
සිංහල ජාතික දැක්මේ මතවාදී වාහකය වු මහාවංශයම තහවුරු කරන රති කෙළි දෙවොල එසේනම් පිට මං කරන්නේ කෙසේද. මෙම පිටමං කිරීම විසින් ලාංකීය සමාජය රාග විරෝධී කොට තිබේ. එම නිසා පණ්ඩුකාභයගේ රති දෙවොල ජනතාව වෙත කෙතරම් ලිංගික රමණ විසිතුරු රාජ්‍යක්‌ ලබා දුන්නාද යන්න පැහැදිලිය. 
 
 
 
 
රාජ්‍ය දර්ශනය සරාගය පිළිගෙන ගෙතුන විට ජනතාව උපරි වින්දනයේ තුටු සතුට දකින්නට ඇත. සැබවින්ම අනුරාධපුර සමයේ සුඛිත -මුදිත කලාව සහ සාහිත්‍ය පෙන්වන්නේ මේ ඇත්තය. එමෙන්ම රති කෙළි දෙවොලින් ජනිත ප්‍රබල ශෘංගාරමය ප්‍රබෝධයේ අතුරු ප්‍රතිඵලය වන්නේම බුදු දහම ලාංකීය දහම වීමය. 
 
 
 
දැන් අප අභිමුව ඇති ගැටළුවකි. එනම් පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල පාදන්න කිසිවෙක් උත්සුක නොවීමය. මේ පෙන්වන්නේ පුරාවිද්‍යායාවේ සිට ඉතිහාසය සමාජ දේශපාලනය පුරාම ඔඩුදුවා පැතිර පවතින සරාග විරෝධයය. 
 
සැබවින්ම පියවි ලාංකීය රාග විසිතුර බහු විවිධත්වය. මෙය වටහා ගන්නට නම් ලංකාවේ සරාගයේ හදබිම වූ පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල සොයා යා යුතුය .              
 
 
 
Sujith 2021
සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක 
 
 
 
 
 
කියවන්න 
 
 
THE LEADER TV 
ඉතිං සර් හදිසි නීතියෙන් පස්සේ මොකද්ද?
 

 
Silver linings in the dark clouds of Covid-19 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...