The Leader News
BREAKING
Top Ad
වායාම

නැගෙනහිර ද්වාරය (වායාම 53) - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

September 17, 2022 • 8:28 AM

නැගෙනහිර ද්වාරය (වායාම 53) - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශත වර්ෂ තුන්සියක්ම පිටමං කළ ආගමක් තහනම් ආගමක් හා තහනම් පුද්ගලයෙකු වූ ජේසු ස්වාමි දරුවා නිළ පිළිගැනීමට පත් වීමත් සමග ලෝකය අලුතින් ලියවෙන්න පටන් ගත්තේය.
  • ක්‍රි:ව 300 වසරට මත්තේ සිට වනවාසී නාගරික විභූතාමත් නුවර වූ අනුරාධපුරය, විදෙස් ජනයාගේ පරාදීසියක් වීමට පටන් ගත්තේ ඒකය.
  • අගනගරය ලෙස මහා ජනගහනයක් ජීවත් වූ අනුරනුවර ලෝක සිතියමේ සිතියම් ගත නව වෙනසක් සමග නව අභියෝගයට මුහුණ පාන්නේය.
  • ඇත්තටම අද කාලේ සිඩ්නි මෙල්බර්න් හා නිව්යොර්ක් කිවාලාම්පුර් හා බැංකොක් නගර මුහුණ දෙන විදෙස් ජනතාවන්ගේ පැමිණිම එදා මුහුණ දුන්නේ අනුරනුවරය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශත වර්ෂ තුන්සියක්ම පිටමං කළ ආගමක් තහනම් ආගමක් හා තහනම් පුද්ගලයෙකු වූ ජේසු ස්වාමි දරුවා නිළ පිළිගැනීමට පත් වීමත් සමග ලෝකය අලුතින් ලියවෙන්න පටන් ගත්තේය. මේ ලෝක වෙනසහි එක් ප්‍රතිඵලයක් වන්නේ රෝම ග්‍රීක ඉතාලියානු මැද පෙරදිග භූ කලාපයේ සිදු වන ජන සංසරණයය කිතුණු ආගමේ නව නැගී ඒම එම කලාපය ආගමික වශයෙන් වූ බෙදීමට ලක් කලේය.

8500383938 b22dec88f8 bබෙදීම ඉදිරියේ බීරාන්ත වූ සංවේදි ජනසමාජය නිරවුල් සහනශීලි පරාදිසියක් සොයමින් සිටියේය. එහි එක් ප්‍රතිඵලයක් වන්නේ ඔහුන් සිරිලක සොයා පැමිණීමය. මධ්‍යරණි මුහුද වටේ සිදුවන සමාජ වෙනස කල්තියා දුටු සිරිලක් රාජ දේශපාණඥයා මහසෙන්ය. එ වෙනස මතවාදිව සුපෝෂිත කළ රාජ දේශපාලන නිර්මාණ ශිල්පියා ‘මෙඝවර්ණාභය’ය. රජ දරුවෙකුත් ගත් කතුවරෙකුත් ලක සිරිමත් කළ යුග කතාව ගෙතෙන්නේ මෙතැනින්ය.

ක්‍රි:ව 300 වසරට මත්තේ සිට වනවාසී නාගරික විභූතාමත් නුවර වූ අනුරාධපුරය, විදෙස් ජනයාගේ පරාදීසියක් වීමට පටන් ගත්තේ ඒකය. මැදපෙරදිග මධ්‍යධරණී භූමි පුරා ආගමික විභේදනය මතුවන විට මේ විදෙස් ජන සංසරණය වැඩි වන්නේය. එහි එක් ප්‍රතිඵලයක් වන්නේ අනුරනුවර සොබා නාගරික සැලැස්ම අභියෝගයට ලක් වීමය. අගනගරය ලෙස මහා ජනගහනයක් ජීවත් වූ අනුරනුවර ලෝක සිතියමේ සිතියම් ගත නව වෙනසක් සමග නව අභියෝගයට මුහුණ පාන්නේය.

ඇත්තටම අද කාලේ සිඩ්නි මෙල්බර්න් හා නිව්යොර්ක් කිවාලාම්පුර් හා බැංකොක් නගර මුහුණ දෙන විදෙස් ජනතාවන්ගේ පැමිණිම එදා මුහුණ දුන්නේ අනුරනුවරය. අනුරනුවර නවීන කළ යුතු වූයේය. එත් එය සම්බුදුවරයෙකු විසින් සැලැසුම් කොට මහරහත් වරයෙකු විසින් විධාන කොට ඉදිකළ නුවරකි, නීති සොබා සිසිලයෙන්ද පිවිතුරු මද නලින්ද කැලි කසලින් තොර පරිසරයකින්ද දිළින්දන් හා සිඟනන්ද නැති ලොව්තුරු ලෞකික සුවයෙන් එය එසේම පවත්වා ගත යුතුවිය.

උයන් මල් ගොමු තුරුලතා විල් දිය වැව් පොකුණු හා වනාන්තර කෙත්වතු හා පූජනීය ආරම එසේම යුතු විය. ඒත් ජන ගහණය එක් විටම වැඩි වූයේය. ඒ විදේශීය ජනයාගෙන්වීම ඇරඹෙන්නේ මහසෙන් රජ වූ ඒ තීරණාත්මක වසරේයය. ඒ කියන්නේ ක්‍රි:ව වර්ෂ තුන් සීයේදීය.


ඒ වන විටත් අනුර නුවර සියවස් සතක් වීරාජමාන වීභූතිමත් නුවරකි. මහසෙන් හමුවේ වූ අභියෝගය වන්නේ නව ජනගහණයට ඉඩ වෙන් කිරීමය. ඒ අනූව ඔහුගේ පළමු වෑයම වන්නේ අනුරනුවර ‘නැගෙනහිර ද්වාරය’ ඔස්සේ නගරය පුළුල් කිරීමය.

නුවරක් පුළුල් වන්නේ ගහ කොළ ඉවත දමා කෘතිම ගොඩනැගිලි වලින්ය. ඒ අදය. ඒත් එදා නුවරක් පුළුල් වන්නේ සහ Screenshot 2022 09 17 at 1.52.41 PMවිය යුත්තේ ගහකොළ ඇළදොල මල් පියලි හා විල් දිය වැව් කේත්වතු සමග බව කදිමට කිව් ලෝක පරමාදර්ශය එයය. මහසෙන්ගේ ‘නැගෙනහිර ද්වාරය’ ලක් ඉතිහාස පොතින් එළියට ගෙන නූතන සංවර්ධනයේ මෝඩ වියතුන් අත් පොතක් කර ගත යුත්තේ ඒකය.

මහකනදරාවේ ශෛල පාලම තනන මහසෙන් නැගෙනහිර ද්වාරය අභිමුව මින්නේරිය ගිරිතලේ මහකනදරා වැව් බැන්දේ ඇයි දැයි කියවිය යුත්තේ එකය.

නැගෙනහිර සමුද්‍රය හරහා හමා ගෙන හබරණ මහවන වඳුල පිසගෙන ගලා එන සිසිල් මන්ද මාරුතය, මේ වැව් දියෙන් අනුර නුවරට කැන්දා ගත් මහසෙන් ඉන්පසු නිර්භයවම නගරයහි ජනඝනත්වය වැඩි කලේය. ජනගණනය වැඩි කරන්නට පෙර ඔහු සිසිලනය වැඩි කලේය. දිය සම්පත් කෙත්වතු සම්පත් වැඩි කලේය.

එ සියල්ල පවතින ලෙස ජේතවනාරාමය දාර්ශණික ගුරු කුලය ස්ථාපිත කලේය. ඒ තම නුවර ජිවත් විය යුත්තේ දාර්ශණික ජනතාවක් බව ඔහු තේරුම් ගත් බැවිණි. විශේෂයෙන්ම බටහිරින් රටට ගලා පැමිණි ජනතාව ථේරවාදින්ගේ ගතානුගතික සම්ප්‍රද්‍රායෙන් පමණක් සහබද්ධ කර ගත නොහැකි බව රජ තෙමේ වටහා ගත්තේය. එබැවින් මහායාන බෞද්ධ දහම සදහා අනුරනුවර විශ්ව සරසවියක් ස්ථාපිත කලේ ඒකය. පසුව ථෙරවාදින් හා මහයානියන්ගේ පටු දේශපාලන ගැටුමකින් මේ ලස්සන සූත්‍රය අවලස්සන වූවද ලක් දිව පොබ කල මේ ‘නැගෙනහිර ද්වාර’ පරිච්ඡේදය කවුරුත් නොසිත නොකියවන කථාවකි.

රටක් පවතින්නේ ලොවක් තුල බවත් ලොවක් තුල පවතින්න රටකට නොහැකි නම් ඒ රටට ගමනක් නැත. ඒ වගේම ලොවක් තුල පවතින්නට ලොවක් වසග කර ගත හැකි මගක් ඒ රටට නැත්තේ නම්. ඒ රටට අනාගතයක් ද නැත. ඒ නිසා ලොවක් වසඟ කළ හැක්කේ ලොවක් වසග කර ගත හැකි ‘අපේ කමටය’. ලොවක් වසඟ කර ගත නොහැකි අපේ කමක් බදාගෙන වලපල්ලට යමින් සිටින ජාතියට මහසෙන්ගේ ලොව වසඟ කළ අපේ කම පරමාදර්ශයක්කර ගත යුත්තේ ඒකය.

නැවතත් ශ්‍රී ලංකාව විශ්ව පුරවැසි සමාජයට ඔසවා ගත යුතු බව වටහා ගත් සමාජ ද තේරුම් ගත යුතුම කථාව මෙයය. අපට ලෝක රාජ්‍යයක් විය හැක්කේ අපේම මඟකිනි. නමුත් ඒ ‘අපේම මඟ’ යනු ‘අපේම වරද’ කර තබා ගත් වෙන රටක් ආගමක් ජාතියක් දැක්මක් තේරුම් ගත නොහැකි ග්‍රෝත්‍රික ජාතිකවාදය නම් නොවේ.

Kalaniya 20211 136560c5a5 b

ග්‍රෝත්‍රික ජාතිවාදීන්ගේ පටු සීමාව ගෞතම බුදු රජුන් මහියංගනයටද නාගදීපයට කැළණියටද වැඩම කොට පරාජය කලේ එබැවිණි. මහියංගනයේම උපන් මහසෙන් මහියංගනයෙන්ම ඇවිත් අනුරනුවර නව නුවරක් කොට විශ්වීය පරිඡේදයක් වූයේ ගෝත්‍ර මූල ජාතිවාදය පරාජය කර දමාය. ඒ පැරදුන ගෝත්‍ර මූල ජාතිවාදින්ට වෙනස් විය නොහැකිය. මහාවංශය ලක් පොළොවේ ඒ ඇත්තන්ට ‘චූල වංශය’ නමින් නමක් දී ඇත්තේ එකය. චූලයන්ට ලෝකය පෙන්නේ චූල ලෙසටය. ඔහුන්ට මහා සිතුවිළි පිරීය නොහැක. ඔහුන්ගේ මනස එතරම් කුඩාය.

කොතරම් කුඩාද කියනවා නම් සුගත තථාගතයාණන් වහන්සේ පැමිණ වෑයම් කොට ද ඔහුන් මහාසාර මිනිසුන් කළ නොහැකි විය. ඉතින් තථාගත ධර්ම රාජ්‍යහි අපි තේරුම් ගත යුත්තේ බුදු පිළිවෙතට හදා ගත නොහැකි තැන දෙව්දත්, ආලවකත් සිරිලක චූල ජාතිවාදීන්ද සම්බුදු රජු පරදවා දැමිම බවය. ඒ ඔහුනට යලිත් නැගිටීමට මාවත අහිමි කරමිනි. මෙකල සිරිලක මහාසාර සමාජයට අද දවස ගත යුතු මග කියා දී ඇත්තේ සම්බුදු ජීවිත සිරිතය.

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක

sa4408@gmail.com

Sujith 2021 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...