The Leader News
BREAKING
Top Ad
වායාම

ස්වාර්ථය සහ පරාර්ථය (වායාම 54) - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

September 25, 2022 • 7:02 AM

ස්වාර්ථය සහ පරාර්ථය (වායාම 54) - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වාර්ථය පිළිබඳ අදහස දියුණුවට පැහැදිලි වන්නේ ගෞතම තථාගතයන්ගේ දහම සමඟය.
  • ඒ බවත් බුදුන් වහන්සේ කියාදී තියෙන්නේද ඒ නිසාය.
  • සියම කියන බෞද්ධ රටට ගෝලීය රාග ආර්ථිකය එහෙම නොවේනම් ගෝලීය ලෞකික නුවර තම රටේ බැංකොක් බවට පත් කර ගන්න පුළුවන් වෙනව.
  • එත් ඇත්තම කතාව ලංකාවට තමන්ගේ දහම මතින්වත් තමන්ගේම ඉතිහාසය මතින්වත් බුදුන් වහන්සේ වදාල “ස්වාර්ථය” නූතනයේ සොයාගන්න බැරිවයි තිබෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්වාර්ථය පිළිබඳ අදහස දියුණුවට පැහැදිලි වන්නේ ගෞතම තථාගතයන්ගේ දහම සමඟය. එබැවින් “ස්වාර්ථය” බෞද්ධ දහම හා එයට බැඳිච්ච ලංකාවේ දිවි දහමටද මුල් වුනේය. මන්දයත් ජීවිතයක් අර්ථ පූර්ණව නිදහස ලබා ගැනීම ඔහුගේ හෝ ඇයගේ ද ඇය ජීවත් වන සමාජයේද ප්‍රබෝධය පිණිසම හේතුවේ. ඒ බවත් බුදුන්  වහන්සේ කියාදී තියෙන්නේද ඒ නිසාය.

බොහෝ බෞද්ධ රටවල්  ඉතිහාසය මුළුල්ලේ පුද්ගලික වාදය කියල පටුවෙන් අප හඳුනාගන්නා නිදහස්වාදයට රුචි වූයේය. සියම කියන බෞද්ධ රටට ගෝලීය රාග ආර්ථිකය එහෙම නොවේනම් ගෝලීය ලෞකික නුවර තම රටේ බැංකොක් බවට පත් කර ගන්න පුළුවන් වෙනව. දකුණු කොරියාවේ වගේම වියට්නාමය, කාම්බෝජය, ලාඕසය මෙන්ම නූතන ලෝකයේ ඉදිරිගාමී පුද්ගලික නිදහස් ආර්ථිකයක් හසුරවන ජපානය චීනයේ ඉඳලා මේ බුදුන් වදාල ස්වාර්ථය වෙත ගමන් කරමින් සිටී. මේක අතීතයේද මේ විදියම තමයි.

buddhism temple complex buddhist temple sri lanka

 

එත් ඇත්තම කතාව ලංකාවට තමන්ගේ දහම මතින්වත් තමන්ගේම ඉතිහාසය මතින්වත් බුදුන් වහන්සේ වදාල “ස්වාර්ථය” නූතනයේ සොයාගන්න බැරිවයි තිබෙන්නේ. ඒකට හේතු වන්නේ දේව ආගම් එක් එක් යටත් විජිත යුගවල බුදු දහම මුහුකර දැමීමයි.

අනික් කාරණය සමාජවාදය කියලා මාක්ස්වාදය එක්ක පැටලීමයි. ඊලඟට මාක්ස්වාදීන් ධනවාදීන් සහ ජාතිකවාදීන් අතර යුද්දෙට බුදු දහම කියලා ජෛන හින්දු කිතුණු ඉස්ලාම් සංකල්ප ගලාගෙන ඒමයි. මේ නිසා ලංකාවේ වම දුටුයේ බුදුන් වදාල “ස්වාර්ථය” පසුගාමී කියලයි. ප්‍රශ්නය වූයේ ධනවාදීන් වගේම ලිබරල්වාදීන් නව නූතනවාදීන්ද ජාතිකවාදීන්ද මේ ස්වාර්ථය දුටුවේ දේශපාලන ආර්ථික ලෞකික ලෝකයට අදාල නෑ කියලා.

ඉතින් ස්වාර්ථ චර්යාව ත්‍රිපිටකයේ වදන් වැලක් වෙලා හිර වෙනවා. අවසානයේ වෙන්නේ ස්වාර්ථ චර්යාව නොදැන නිවන අභ්‍යාස කරන්න බැරිව “ නෙව අත්තහිත නො පරහිත ” කියලා බුදුන් වදාල විදියට නිශ්ක්‍රිය මිනිසුන්ගේ සමාජයක් බවට රට පත් වීමයි.

 

ලාංකික සමාජය සක්‍රීය කඩිසර සමාජයක් නොවීම පිටිපස මේ ස්වාර්ථ චර්යාව සහ පරාර්ථ චර්යාව කියන බුදු වදන වටහා ගැනීමට වූ නොහැකියාව ප්‍රබලම බලපෑම බවට පත් වී අහවරය. ස්වාර්ථය හා පරාර්ථය ගැන නැති අවබෝධයම නිසා තමයි ලාංකික සමාජය ධනවාදීවද දියුණු නොවි සමාජවාදීව සහ ජාතිකවාදීවද දියුණු නොවුනේ කියලයි මට දැනෙන නිගමනය.

 

බලන්න අපේ රටේ කොතරම් වටින අදහස් තිබුන පුද්ගලයෝ හැම ක්ෂේත්‍රයකම ඉන්නව වගේම  සිටියද,. ඒ බොහෝ අය බුදුන් වදාල වදනෙන් කිව්වොත් ඇත්තටම “ නෙව අත්තහිත නො පරහිත” ගණයට අයිති වූයේය‍. තමන්ට හෝ අන්අයට වැඩක් නැති නිෂ්ක්‍රිය ලෝක යථාර්ථයෙන් පිට අයට බුදුන්වහන්සේ කීවේ මේ වදනයි. ඒ කිවේ මළ තැනැත්තා නිෂ්ක්‍රිය තැනැත්තා කියන අදහස.

තවත් පැහැදිලි කලොත් ස්වාර්ථය දැක පරාර්ථය කරා යා නොහැක්කාය. මේකම තමයි අතීත ලංකාවේ චූලවංශය මහාවංශය විදියට දේශපාලන සුළිකුණාටුවේ පැටලී පැටලී යුද්ධ කර ගන්නේ. එයටම ථෙරවාදය - මහායානය නමින් බුදු වදන වර්ණ අර්ථ විවරණ දෙකකින් දෙපැත්තට බල අරගල දාර්ශණික අරගල දියත් කරන්නෙත් ඔය විභේදනයටය.

නූතන ලංකාවේ වම-දකුණ, විවෘත ආර්ථිකව - සංවෘත ආර්ථිකය, එසේත් නැත්නම් නිශ්පාදන ආර්ථිකය වෙළඳපොල ආර්ථිකය පුද්ගලීකරණය - ජනසතුකරණය නමින් ද්විත්ව වාද පිටිය හැදෙන්නේ ඔහොමයි. අතීතයේ මේ චූලවංශය, මහාවංශය ථෙරවාදය මහායාන වාදය මැදින් නිදහස් හා ස්වාර්ථය දැකීම ඉහලින්ම ඉටු කරගත් දේශපාලන පරිච්ඡේද බොහෝයි.

ඒ නිසා ඒ සමාජය පරාර්ථ චර්යාව පුරුදු කරනවා. පරාර්ථ ලෝක නිර්මාණ කරන්න පුළුවන් පිරිසක් වෙනවා. ඒත් පසුව මේ අතරින් කාලයකට චූලවාදය ජය ලබනවා. චූල වාදය ජය ලැබුවහම ථෙරවාදය මහායානය ඒ විදියට චූල වෙනවා.

7d590e940f1b0817218f4c1770e474c29ae15605 aout2019 en

 

මෙහෙම ඇවිත් යටත් විජිතවාදයට ගොදුරු උනාම තමයි ගැටුම හතර අතේ දුවන්නේ. ධනවාදය වැරදි කියලා මාක්ස්වාදය ගත්ත. ඒ දෙකම වැරදි කියලා ජාතිකවාදය ගත්තා. ප්‍රශ්නය වුනේ ජාතිකවාදීන්, ත්‍රිපිටකය කියවන්නෙත් ස්වාර්ථවාදයෙන්  වියුක්ත පරාර්ථවාදයෙන්. එසේත් නැත්නම් පරාර්ථවාදයෙන් වියුක්ත ස්වාර්ථවාදයෙන්. අවසානයේ වාමාංශිකයන් හා ජාතිකවාදින් එක පිලකට යොමු ගත වෙනවා. ධනවාදීන් ලිබරල්වාදීන් ඒකට උත්තර දෙන්න බැරිව පරාජය වෙනවා. මේ සියල්ල තුල සිදුවන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ස්වාර්ථය සාක්ෂාත් කර ගන්න බැරි දුගී පාප සමාජයක පැතිර යාමය.

ඒ නිසා බුදුදහම හඳුන්වන පසුගාමියා ඒ කිව්වේ නිශ්ක්‍රිය පුද්ගලයා මළ තැනැත්තාය හෙවත් “ නෙව අත්තහිත නො පරහිත ” පුද්ගලයා අධිපති වේ. ඒ නිසා ලාංකික සමාජය පසුගාමී වේ. වඩාත්ම හොඳින් සක්‍රීයව දියුණුව අත්පත් කරගෙන ස්වාර්ථයෙන් පරාර්ථයට යා හැකි බෞද්ධ සමාජයක් මෙවන් විපතකට වැටේ. දැන් මෙය ලිහා දා ගත හැකි තැන නම් කොතනද? ස්වාර්ථයෙන් පරාර්ථය පිණිස යාමට ඇති මඟ ගැන ගෞතමයන් වහන්සේ වැදගත් මඟ පෙන්වීමක් සිදු කරන්නේ දෘෂ්ඨගතික නොවන ලෙස පවසමින්ය.

 

එළඹගත් තනාගත් දැඩිවගත් අදහන දෘෂ්ඨීන් අතහැර දමන සේය. සර්ව දැක්ම දෙසම බලන සේය. සර්ව මත, සර්ව අදහස්, සර්ව පක්ෂ, සර්ව චින්තන, සර්ව ජාති, සර්ව වර්ග, සර්ව ගුරුකුල ලෙස ලෝකය සර්වය. පාක්ෂික විය හැකි තැනක් නැත. මේ සියළු දෘෂ්ඨීන්ගෙන් විනිමුර්තව නිර්පාක්ෂිකව විසිය යුතු කාලයයි. එවිට ස්වාර්ථය ලෙස බුදුන්වහන්සේ සමාජ මුක්තිය, පුද්ගල විමුක්තිය පිණිස දේශනා කළ මඟ පටු පුද්ගලිකවාදය නොවන බවද පරාර්ථය ලෙසට උන්වහන්සේ කියන මඟ පුද්ගලිකත්වය නැති ලොවක් නොවන බවද වැටහෙනවා ඇත.

 

එවිට පුද්ගල ප්‍රබෝධයද සමාජ ප්‍රබෝධයද ඇති තැන හමුවිය හැකිය. එය පුද්ගල බද්ද එකතුවේ මහා එකතුව වූ සමාජයීය දේශපාලන විමුක්තිය වෙතට ගලා එන අයුරු උන්වහන්සේම මෙසේ පෙන්වයි. එය උදා කල හැක්කේ මෙවන් පුද්ගලයන්ට බව කියා සිටි. ඒ අනුව බුදුන් වහන්සේ අංගුත්තර නිකායෙහි පුද්ගල වර්ගීකරණයන් අතර විශිෂ්ඨයා හඳුන්වන්නේ මෙසේය.



“ අත්තහිතාය ච පටිපන්නෝ පරහිතායා ච ”


අපට අවශ්‍ය තමාටත් අනන්‍යන්ටත් ලොවටත් වැඩක් ඇති මිනිසුන්ය. මතවාදයන්ය. ක්‍රියාකාරකම්ය. බුදුන් වදාලන නිවන හිමිවන්නේ ස්වාර්ථය දියුණු කල ඒ නිසා පරාර්ථය සුවය සොයන පුද්ගලයන්ටය. සමාජයකටය.

සරාග රසායනය - (වායාම 21 : සුජිත් අක්කරවත්ත)

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක

sa4408@gmail.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...