The Leader News
BREAKING
Top Ad
වායාම

තනේගල කුමාරයා - වායාම 69

T

The Leader Desk

April 1, 2023 • 6:59 AM

තනේගල කුමාරයා - වායාම 69

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහෙම ලියන්න හිතුනේ මෙහෙම ලියා පළින් පළ බලා ගෙන ඇති ලක් පොළොවේ කථාව පෙළින් පෙළ දකින්නට හේතු විවරයක් ඇති කර ගැනීම සඳහාය.
  • ඒ හේතු විවරයෙන් බලන්න ඇස හැර බැලිය යුත්තක් ලෙස සැඟවෙමින් ගිය පිටමං පුත්‍රයෙකු ලෙස තනේගල කුමාරයා මතු පිටින් ඇතුලතින් හා වටපිටින් එළියට කැඳවා ගත යුතුය.
  • ඔහු එතරම් විශේෂ වන්නේ භූ ජාත්‍යන්තර දේශපාලනය අළුත් පිටුවක් ලියන ක්‍රි.පු 226 අවුරුද්දේ තමාට උරුම ලක් රජ කිරුළ අතහැර තම මවු සමඟ රාජ්‍යයෙන් පිටමංව ගිය නිසාය.ඒ මැසිඩෝනියාව,ඊජිප්තුව හා ග්‍රීසිය දුබලව යමින් තිබූ කාලයකදීය.
  • එය පැතිර යන්නේ ලෝකය ගෝලීය බෞද්ධ සමාජයක් බවට හරවාලීමකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙහෙම ලියන්න හිතුනේ මෙහෙම ලියා පළින්  පළ බලා ගෙන ඇති ලක් පොළොවේ කථාව පෙළින් පෙළ දකින්නට හේතු විවරයක් ඇති කර ගැනීම සඳහාය. ඒ හේතු විවරයෙන් බලන්න ඇස හැර බැලිය යුත්තක් ලෙස සැඟවෙමින් ගිය පිටමං පුත්‍රයෙකු ලෙස තනේගල කුමාරයා මතු පිටින් ඇතුලතින් හා වටපිටින් එළියට කැඳවා ගත යුතුය.
 
ඔහු එතරම් විශේෂ වන්නේ භූ ජාත්‍යන්තර දේශපාලනය අළුත් පිටුවක් ලියන ක්‍රි.පු 226 අවුරුද්දේ තමාට උරුම ලක් රජ කිරුළ අතහැර තම මවු සමඟ රාජ්‍යයෙන් පිටමංව ගිය නිසාය.ඒ මැසිඩෝනියාව,ඊජිප්තුව හා ග්‍රීසිය  දුබලව යමින් තිබූ කාලයකදීය. ලෝක බල තුලනයේ ප්‍රාග්ධන  පංගුව හිමිකර ගත හැකි නව දියුණු භාවිතාවක් සඳහා විවරයක් පෑදී තිබුණි. ඇලෙක්සැන්ඩර් - ඇරිස්ටෝටල් දෙපළගේ ලෝක දේශපාලනය කෙලවරකට ගමන් කරමින් තිබුණි.
 
 
Screenshot 2023 04 01 at 12.40.30 PMලංකාවේ පණ්ඩුකාභය රජුගේ  බහුත්වයට සැනසිලි ශෘංගාරය හා ලොව්තුරු නිවීමක අතර මැදි පහස මිසක ලෝක ප්‍රාග්ධන බල අධිරාජ්‍යයක් සඳහා දිශානතියක් නොවීය. එය ලාංකික මිනිසාගේ ස්වභාව ගති සමානව ගිය දේශපාලන ප්‍රවේශයකි.
 
මේ තත්වය මත පසුගාමී ලෝකයේ ගුලිවී විසිරී සිටී භාරතීය සමාජය ආර්ය මහ බ්‍රාහ්මණයන්ගේ කියවීමෙන් ලද  පණ සමඟ එක්ව බෞද්ධ ජෛන දහරා හරහා පිබිදීමට ලක්විය. මහ භාරතය නමින් භාරත දීපයේ තිබූ මනෝරාජික සිහිනය මහ පොළව මත යථාවතක් කිරීමේ කථාව ලියැවෙන්නේ එතැන් පටන්ය.
 
මෞර්ය චන්ද්‍ර ගුප්තයන්ගෙන් පටන් ගෙන ධර්මාශෝක රජුගෙන් රාජ්‍ය ප්‍රාප්ත වන්නේ මේ ගමනය. ලෝක බල දේශපාලන විවරයට ආගමික වාස්තීවිකත්වය වෙනුවට නව ආදේශයක් හමුවේ. මෛත්‍රී මහ කරුණාව වලාකුලක් වැනිය. එය පැතිර යන්නේ ලෝකය ගෝලීය  බෞද්ධ සමාජයක් බවට හරවාලීමකිනි. ඒ සඳහා බලගතු අධිරාජ්‍යයක් මතුවේ. එය ලෝකය තුල මෙසේ ගලා යන විට ලංකාවේ නිදහස් බහුත්ව සුසැඳි රාජ්‍යය එක විට භූ දේශපාලන උණුසුමක ගිලී යන්නේය.
 
 මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයට නෙතදී පැහැදිළිව කරන කථා දෙස ඇස යොමු කරන්න මත්තෙන් ඉතිහාස විය සිදුරෙන් එබී බැලිය යුත්තේ මෙතනය. එනම් මුටසීව රජතුමාගේ කිරුළ හිමි ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ “අභය තිස්ස”හෙවත් පළමුතිස්ස නමින් රාජකීය නම් ලද “තනේගල” කුමරු සේ ජනවහරින්  පුද ලද  පුත්‍රයා රාෂ්ඨිය ලෝකයෙන් සමු ගැනීමය. ඔව් අහිමි වීමක් නිසා ගිය ගමනක් නොව හිමිකර ගැනීමට වූ අමනාපය නිසාම මේ රාජ්‍යය අතහැර දැමීම සිදුකර  ඇති බව නම් පෙනේ. මන්ද  ඔහු පවතින රාජ්‍යයට එරෙහිව රාජ්‍ය බලය අපේක්ෂිතව කිසිදු ප්‍රතික්‍රියාවක නිරත නොවී නිහඩ වීමය.
දැන් එවිට  ඔහුගේ පිටමං වීම විජය රජුගේ පුතු වූ ජීවහත්ත ගෙත් දුටුගැමුණු රජුගේ පුතු වූ සාලියගේත් පිටමං වීම  තරමට කතාබහට ලක් නොවේ. ඒ මන්ද. මහාවංශ,දීපවංශ ශාස්ත්‍ර වියතුන්ගේ ගුරුකුල වල සිට චුල වංශ ශාස්ත්‍ර  ගුරු කුල වලින් පවා මෙම  පුවත මැකී  යටපත්ව  යන්නේ කිමද. පළින් පළ බලන ඉතිහාසය දැන්වත් අත්හරින්න යැයි ආයාචනය කළ යුත්තේ එම නිසාය

රාජ්‍ය බිහිවූදා  පටන් ලතැවුලක් පවතී . එනම් එය අසමත් බවය.ඒ වගේම රාජ්‍යය මානව නිදහස අහුරන බවය. එහෙත් රාජ්‍යය  නැතිව මිනිස්  වගට යා නොහැක. මිනිස් ස්වභාවය සමාජීය වේ. එබැවින්  මානවයන් දරන මතයේ උරුමය වගා කරගන්නා නිසාම රාජ්‍යය ප්‍රසාරණය වේ. ඒ නිසා සියළු මිනිස් හැඟීම් රාජ්‍ය තුල ප්‍රතිමූර්තිමය භාවයකින් සඵලව සජීවී කර ගැනීමට මානව ආවේගයක් වේ.


ඒ නිසා රාජ්‍යයෙන් පිටමං ව විසීමට ඇති මනාපය එන්න එන්නම හැකිලී ගියේ ඒ නිසා විය හැකිය. අනෙක පිටමංවූ ඉතිහාසය පිටමංවීමෙන් පෙන්වන්නේ පිටමංවු කිසිවෙකුට ජනතාවගේ තනි රැකවරණ ලැබුනද එය ඉතිහාස ගත ලේඛණ වලට ගෙන එමට නොහැකිව ඇති ප්‍රශ්ණයය. එය අභිරහසක්ද. නොවේ නම් විධික්‍රමයක්ද. ඉතිහාස පර්යේෂණාගාරය දැන් මේ දෙසට යොමු කර ගත යුතුය. නිල වංශ කථාවට ගරු කල යුත්තේය‍. ඒ තනේගල කුමාරයා සඟවා තබා පිටමං ප්‍රශ්ණයේ ඡායාව ඉදිරිපත් කොට තැබීම ගැනය.
EqLEqw0UUAEVaGO
 
 
 ලංකාවේ ඉතිහාසයට වැයවන ධනය,ශ්‍රමය වැය වන්නේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය සහ ගෝත්‍රවාදය මත තහවුරු කිරීම් සඳහාය. එයට පිටුවහලක් නැති ක්ෂේත්‍ර සඳහා රාජ්‍යය සේම ජනතාවගෙන්ද එකඟතාවයක් නැත . ඉතින්  දන්න ජීවහත්තට වගේම නොදන්නා තනේගල ගැනත් අපි දන්නා දෙයක් නැත. තනේගල කුමරු හා ධර්මාශෝක යනු සමකාලීන රජකුමරුන් දෙදෙනෙකි.
ධර්මාශෝක කුමරුන් ඉහලටම මතුවන විට තනේගල කුමරු ලංකාවේ යටපත් වන්නේ කුමන හේතුවකින්ද. ඔහු රාජ්‍යයෙන් පිටමංව ගොඩනගන ස්ත්‍රීවාදී බැඳියාව හා පුරුෂවාදයේ පිටමං කථාවට දැන් අප හැරිය යුතුය. සැබැවින්ම තනේගල කුමරු යනු ලංකාවේ යක්ෂ අන්තයෙන් මිදී අගතිගාමි ගෝත්‍ර අතීතය පිටුදැක කල්පනා කල අයෙකු බව පැහැදිළිය. ඔහු දේශපාලනික ප්‍රතික්‍රියාවේ නොයැලී සෞන්දර්යවාදයේ කිමිදී යන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.
එමෙන්ම තනේගල කුමරු මෞර්‍ය අධිරාජයා සමඟ අතිශය සමීප දේශපාලන සඟයෙකු වීමට ලංකා රාජ්‍යයට ඉඩ තැබුවේය. ඒ සදහා තම මල්ලී වූ දේවානම් පියතිස්ස හෙවත් දෙවන තිස්ස වෙත කිසිඳු ප්‍රතිරෝදයක් ඇති නොකොට තම ජීවන ලාලාසාවේ නිමග්නව සිටියෙකි. තනේගල කුමරු ගැඹුරු දේශපාලන සවිඥාණනයෙකු බව තේරෙන්නේ එවිටය. යක්ෂ දැක්මේ දේශපාලන අන්තය නිබඳව උතුරු භාරතීය ප්‍රතිරෝධි වේ.‍
 
”රාවණා“ යනු එහි දේශපාලන ආවේශයයි. එම යක්ෂ දැක්ම ජය ගත්තේ නම් ලංකා රාජ්‍යය විසිර යන්නේ ක්‍රි.පූ. 226 දීය. එහෙත් එය  පරදා ලංකා රාජ්‍ය තහවුරු කලේ දෙවනපෑතිස් රජු බව සැබෑය‍. එයට මඟ විවර වූයේ සාදාර්ශනික තනේගල කුමරු නිසාය.  
 
( Paintings -Prasanna Weerakkody)
Sujith 2021
 
 
 
 
 
 
 
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
sa4408@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තනේගල කුමාරයා - වායාම 69 | The Leader