The Leader News
BREAKING
Top Ad
වායාම

ආර්ය කාමදේවගේ මැණික් පුජාව - (වායාම 46 - සුජිත් අක්කරවත්ත)

T

The Leader Desk

July 30, 2022 • 7:01 AM

ආර්ය කාමදේවගේ මැණික් පුජාව - (වායාම 46 - සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙලස රාජ්‍ය බලයෙහි කේන්ද්‍රීය භූමියේ නමින් යුගය නම් වු ලෙසම යුගයක් ප්‍රතාපවත් කලා වු සමයක් ද සැම යුගයකදීම දැකිය හැකිය.
  • එහි රජ පද හෙබවු බොහෝ චරිත විවිධ වු මං පෙත් ඔස්සේ ඉතිහාස ගත සමයන් බිහි කර ඇත්තාහ.
  • එබැවින් අනුරාධපුර යුගය වසර 1300 තරම් දීර්ඝ යුගයක් ද මෙවන් යුග කාරක සමයන් ගණනාවකින් ද යුතු ය.
  • ප්‍රාමාණික ශාස්ත්‍රීය වියතෙකු ලෙස සම්භාවනව පාත්‍රව ඇති දෙවන පරාක්‍රමබාහු රජතුමා වන් ශාස්ත්‍රීය වියතෙකු බල දේශපාලන සුතය සුක්‍ෂම ලෙස හැසිරවිම ඔහුටම අනන්‍ය දුර්ලභ කෞෂල්‍යයක් වන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙලස රාජ්‍ය බලයෙහි කේන්ද්‍රීය භූමියේ නමින් යුගය නම් වු ලෙසම යුගයක් ප්‍රතාපවත් කලා වු සමයක් ද සැම යුගයකදීම දැකිය හැකිය. අනුරාධපුරය චීර ප්‍රකට සමයන් ගණනාවකින් යුක්තය.  

එහි රජ පද හෙබවු බොහෝ චරිත විවිධ වු මං පෙත් ඔස්සේ ඉතිහාස ගත සමයන් බිහි කර ඇත්තාහ. එබැවින් අනුරාධපුර යුගය වසර 1300 තරම් දීර්ඝ යුගයක් ද මෙවන් යුග කාරක සමයන් ගණනාවකින් ද යුතු ය. එම තත්වය පොළොන්නරු වනවිට අල්ප වන අතර දඹදෙණි යුගය වන විට තවත් අල්ප වේ. යුගයෙහි ප්‍රතාපවත් සමය වනුයේ දෙවන පැරකුම් පාලන සමයයි.

 

6173090(ක්‍රි.ව. 1236 - 1270) දෙවන පරාක්‍රමබාහු පාලන කාලය ඉතිහාසයහි විශේෂ වනුයේ එය ශාසනික ශාස්ත්‍රීය සෞන්දර්ය ප්‍රබෝධයෙන් අගපත් වු නිසාය. දෙවන පැරකුම් රජ පද සමය වනුයේ අර්ථ සම්පතියෙන් ද ආශ්චර්ය වුවකී. ආර්ථික, සෞන්දර්ය ශාස්ත්‍රීය, ශාසනික සිවු මහා ප්‍රබෝධයකින් දඹදෙණි යුගය ඉතිහාස ගත කිරීමට දෙවන පැරකුම් රාජපද සමයට හැකි වුයේ රජ සතු වු පෞද්ගලික ප්‍රතිභාව මෙන්ම ඔහු තුළ වු පුද්ගල කුසලතා අවබෝධ කර ගැනීමේ සුක්‍ෂම තීක්‍ෂණ නුවණ නිසාය.

 

ප්‍රාමාණික ශාස්ත්‍රීය වියතෙකු ලෙස සම්භාවනව පාත්‍රව ඇති දෙවන පරාක්‍රමබාහු රජතුමා වන් ශාස්ත්‍රීය වියතෙකු බල දේශපාලන සුතය සුක්‍ෂම ලෙස හැසිරවිම ඔහුටම අනන්‍ය දුර්ලභ කෞෂල්‍යයක් වන්නේය. මන්ද බොහෝ වියතුන් දාර්ශනිකයන් මෙන්ම සෞන්දර්ය වාදීන් කෙලසින් පිරි බල දේශපාලනයේදි දුර්වල විම ස්භාවික වන බැවිනි. කුස ජාතකය, කවිසිළුමිණ නමින් රමණිය පද්‍ය කාව්‍යයකින් පබැඳු මෙම අසමාන්‍ය සොෟන්දර්ය වාදියා ලාංකා සමාජයේ ද එහි සඳහන්   පරිදිම ආර්ථික පුනරුදයක් ඇති කළේය. ඔහුගේ ආර්ථික ප්‍රබෝධයෙහි මඟ රමණීය සාහිත්‍ය කෘතියක මඟ මෙන්ම සොඳුරු වේ.


දෙවන පැරකුම් රජ තෙමේ ශ්‍රී ලාංකික භූමියෙහි අසිරිමත් මැණික් සම්පත් උපරිමව ජාත්‍යයන්තර කරණයට ලක් කල පාලකයාය. ඒ ඔස්සේ ජාත්‍යන්තර වෙළඳපොළ දිග් විජය කළ ඔහු මැණික් කර්මාන්තය ප්‍රධාන ආදයම් මාර්ගය බවට පත් කළේය. ඒ ඔස්සේ විශේෂ සංස්කෘතික රටාවක් මෙන්ම ප්‍රවාහයක් ද බිහි කළේය. දෙවන පැරකුම් රජපද සමයහි මෙලස පෙරට එන නව ආර්ථික ප්‍රබෝධයට මග විවිර වනුයේ මහ රජුට අහම්බෙන් මුණ ගැසුණු ද්‍රවිඩ ජාතිකයෙකු නිසාවෙන්. ඔහු ආර්ය කාම දේවයන්ය.  කාමදේව වු කළි දඹදෙණි යුගයෙහි  දෙවන පැරකුම් රජුගේ ආර්ථික කටයුතු පිළිබඳ ආමාත්‍යය වරයාය.

ආර්ය කාමදේව දක්‍ෂිණ භාරතයෙ සිට සිරිලකට පැමිණ ඇත්තේ දඹදෙණි සමයෙහි ප්‍රකට වන දේවාල යන්හි වතාවත් කිරීමේ කපුවෙකු ලෙසය. ලාංකික බුදුසමය දඹදෙණි යුගයේදි සිංහල බුද්ධාගම බවට පත් විය. විහාරයත් දේවාලයක් එක්තැන් වුවේය. එම එක්තැන්වීමේ කේන්ද්‍රීය චරිතයක් ලෙස ද ආර්ය කාමදේව පෙනී සිටියි. ජනප්‍රිය ඉතිහාස  කතාබහෙන් අප්‍රකට වුව ද ආර්ය කාමදේව වනාහි මෙරට ඉතිහාස ගමන් මඟ ඒ මේ අත හැසිර වු සුවිශේෂි ප්‍රවාහක නියමුවෙකු වන්නේය. තෙමේ දෙවන පැරකුම් රජයේ ආර්ථික ආමාත්‍යවරයා ලෙස රට අර්ථ සුඛයෙන් අනුණ කිරිමේ වගකීම ඉටු කළේය.

 

7689e975c8ace6a9e26beadd2998267e xl                           සුමන සමන් දේවාලය

ඒකල්හි ජාතික ආදයමෙ මාවත මැණික් බව හදුනාගෙන තිබුණ ද මැණික් පිහිටි භූමින් වලට අධිගෘහිත අදෘශ්‍ය මාන බලවේග අභිබවන්නට නොහැකි වුයේය. මෙම අභියෝගයේ දී පෙරට පැමිණෙන්නේ ආර්ය කාමදේවය. ඔහු සබරගමු මැණික් ද්‍රෝණිය මතු පිටට ගැනිමේ ආර්ම්භකයා බවට පත් වන්නේ සුවිශේෂි පුජාවක් සිදුකරමින් ඒ අනුව දෙවන පැරකුම්බා රජුගේ නියෝගයක් අනුව සුමන සමන් දේවාලය රත්නපුරයෙහි ඉදි කරවන ආර්ය කාමදේව අතිශය ගූඪපුජා විධි මඟින් පවත්වා භූගත මැණික් පදාගෙන රජය සතු කර ගැනීමත් සමඟ දෙවන පැරකුම් රජ සමය සරුසාර විය.

 

මේ සාරවත් බව උදා කර ගනුයේ ආර්ය කාමදේව බ්‍රහ්මණයා කඩවර දේවිදුන් විෂයෙහි පැවැත්වු මැණික් පුජාවකින් බව කියවේ. ආර්ය කාමදේවගේ කීමට රත්නපුර සුමන සමන් දේවාලය ඉදිකළ බව kadawara deviසමන් දේවාල සන්නසහි ද සටහන් කර ඇත.

ආර්ය කාමදේව සිදු කළ සේවය අගයකළ මහරජ දෙවන පැරකුම්බාවන් ආර්ය කාමදේවයන්ගේ මුණුබුරාට  හීරපේරුම්මාල් බණ්ඩාරනායක යන අභිධානය පිරිනැමුවේය.සුමන සමන් දෙවාලය ඇතුළු බොහෝ දේවාල වල ප්‍රධානත්වය ඉන්පසු හිමි වුයේ මෙම පරපුරටය. දෙවන පැරකුම් රජ දවසම ආර්ය කාමදේව ආමත්‍යවරයාගේ මුණුබුරු වු භීරපෙරුමාල් බණ්ඩාරනායක නාම පද ලැබ රත්නපුර සුමන සමන් දේවාලය ද ඇතුළු නවගමුව පත්තිනි දේවාලයහි ද ප්‍රධාන භාරකාරත්වයට පත්වුහ.

 

එතැන් පටන් ප්‍රචලිත සිංහල සිංහල බුද්ධාගමට ඔහුගේ ක්‍රියාකලාපය තුළින් දේවාවාදී වත් පිළිවෙත් රැසක් අන්තර් ග්‍රහණය විය. සෑම විහාරයකම දේවාල ඉදි වන්නට විය. මෙලස ආර්ය කාමදේව පරපුර විහාරය තුළට දේවාල ප්‍රවේශ කළ අතර, ඔවුන් වඩා විධිමත්ව සංවිධානාත්මකව එය පතුරුවා සංස්ථාගත කළේය. සිංහල බුද්ධාගමට ද තව තවත් පුද පුජා එකතු කළේය. රට පුරා මතුවු දේව භක්තියත් ආර්ය කාමදේව බලමහිමයත් බලවත් වුහ. ඒබැවින් නීලපෙරුමාල් පරපුර බලගතු ප්‍රභූ පවුල් සංස්ථාවක් බවට පත්ව පසු කළෙක බලවත්ව නැගි සිටින්නට විය.


දෙවන පැරකුම් රජ දවස මැණික් පුජා පවත්වා ආර්ය කාමදේව රට සරුසාර කර  කර ගැනීමට සාරවත් මැණික් ද්‍රෝණීය පාදා ගත්තේය. සිදු කළ මැණික් පු්‍රජාවහි  පිනෙන් මතු දිනෙක සිරිලක පාලනය ලැබීමට තම පරපුරට ඔහු වමේ පැතු බව කියවේ. ඉතිහාසය පුදුමය. ඉන් වසර 720 කට පසු එනම්1956 දී එම පරපුර සිරිලක පාලනය ලබා ගත්තේය. ආර්ය කාමදේවගේ මැණික් පුජාවේ බල මහිම එතරම්ය.


Sujith 2021

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
sa4408@gmail.com

 

 

 

වායාම පසුගිය ලිපි මෙතනින්

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...