The Leader News
BREAKING
Top Ad
වායාම

ජයවර්ධනපුරය - (වායාම 51) - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

September 3, 2022 • 3:53 AM

ජයවර්ධනපුරය -  (වායාම 51) - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කමනීය පුරුෂ කුමරුන් නිසාත් නවිකාරක ධනවතුන් නිසාත් අලකේශ්වරලා එකල්හි ජනකාන්ත පරපුරක් බවට පත්ව සිටියහ.
  • එමෙන්ම අලකේශ්වරලාගේ සොඳුරු සරාගීත්වය ද තත්කාලීන තතුවිත්ති මහත් ඉහලින් වර්ණනනා කර ඇත.
  • දාහතරවන සියවස වන විට මෙරට ඉතුරු බිතුරු බවට පත්ව සිටි අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, රජ පෙළපත්වල කුමරියන් බහුතරයක නීත්‍යානූකූල පුරුෂයන් ද අනියම් පුරුෂයන් ද බවට පත්ව සිටියේ තේජමාන අලකේශ්වරලාය.
  • කෙසේ නමුත් පුදුම සහගත ලෙස ඔවුන් තැනු අලංකාර කෝට්ටේ අග නගරය බවට පත්වුයේ අලකේශ්වරලාට රජ පදවිය අහිමි කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙරදැරිමය. කමනීය පුරුෂ කුමරුන් නිසාත් නවිකාරක ධනවතුන් නිසාත්  අලකේශ්වරලා එකල්හි ජනකාන්ත පරපුරක් බවට පත්ව සිටියහ. එමෙන්ම අලකේශ්වරලාගේ සොඳුරු සරාගීත්වය ද තත්කාලීන තතුවිත්ති මහත් ඉහලින් වර්ණනනා කර ඇත.

දාහතරවන සියවස වන විට මෙරට ඉතුරු බිතුරු බවට පත්ව සිටි අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, රජ පෙළපත්වල කුමරියන් බහුතරයක නීත්‍යානූකූල පුරුෂයන් ද අනියම් පුරුෂයන් ද බවට පත්ව සිටියේ තේජමාන අලකේශ්වරලාය. කෙසේ නමුත් පුදුම සහගත ලෙස ඔවුන් තැනු අලංකාර කෝට්ටේ අග නගරය බවට පත්වුයේ අලකේශ්වරලාට රජ පදවිය අහිමි කරමිනි.

අලකේශ්වරලා ද - සේනාධිලංකාරලා ද අතර ඇඳී ගිය බල පොරය නිමා වුයේ පිටස්තරයකු වු මලයාලම් කුමරෙකු රජ පදවිය ලබා ගැනීමෙනි.

ජාතික ධනවාදි දේශපාලන හැඩරුවක් සිංහල රාජ්‍යත්වයට ආරෝණය කරමින් නව රජ පරපුරක් තැනීමට සිටී අලකේශ්වරලා දෛවෝපාගත ලෙස සැවැනි පැරකුම් නමින් රජවන මලයාලම් කුමරුගේ සිංහල ජාතිකවාදී දේශපාලනික නැගිටීමට පෑගී ගියේය.

Kotte 2022.01jpg                                                                                               කෝට්ටේ රාජධානියේ ධජය

සයවැනි පැරකුම්බා වාසනාවන්තයකු වුයේ ඔහුට මනා ආරක්‍ෂිත අගනගරයක් අලකේශ්වරලා ගොඩ නගා තිබු බැවිණි. එතැන් පටන් මෙරට ‘ ජයවර්ධන යුගය ‘ ඇරඹෙන්නේය. සේනාධිලංකාරලා අලකේශ්වරලාගේ සරුසාර ආර්ථික ව්‍යාපාර ද සංස්කෘතික බල පවුරු ද අති සුක්‍ෂම උපායකින් තමන් සතු කර ගත් අතර සේනාධිලංකාරලා හයවන පැරකුම්බාගේ මව්තුමිය වු සුනේත්‍රාදේවිය සමඟ වු ලේ නෑකමට පැහී ඔවුහු හයවැනි පැරකුම් රජ දවස ජයවර්ධනපුරයේ සිටුවරු බව පත් වුහ.

මේ සමයේ අලකේශ්වරලාගේ සතුරන් වී සිටි අරාබි මුස්ලිම් වරුන්ද සවන පැරකුම්බාට දිරිය ලබා දුන්නේය. ඒ දඹදෙණි රාජධානි සමයේ සිට තරගකාරීව මෙරට ආරාබි, මුස්ලිම් වෙළඳ බලය සුන් කළ අලකේශ්වරලා පිළිබඳ ඔවුන් තුළ පැලපදියම්ව පැවති පරම්පරාගත වෛරය පිරිමසා ගැනීමටය.  කෙසේ හෝ අලකේශ්වරාලාගේ සිහිනය සම්පුර්ණව බොඳ වී යන්නේ චීනය ලංකාව ආක්‍රමණය කර ජයවර්ධනපුර සිටි අලකේශ්වර කුමරු එරටට, පැහැර ගෙන යාමත් සමගය. මේ සියළු තත්ත්වයන් මැද සයවන පරාක්‍රමබාහුගේ රජ පදවිය තහවුරු වු අතර “ජයවර්ධනපුරයේ “ ආදී කර්තෘ වරයා ඔහු නොවු ද කෝට්ටේ යුගය හෙවත් ජයවර්ධන යුගයේ හිමිකරුවා බවට පත් වන්නේ ඔහුය.

මෙරට කතාව එලෙස සිදු වන විට එතෙර කතා පොත ද වෙනස් ලෙස ලියවෙමින් තිබිණි. ඒ මුස්ලිම්වරු පරදවා මහ මුහුදෙ බලය පෘතුග්‍රීසී අතට පත්ව තිබීමය. දීර්ඝ වෙළඳ යුද්ධය ජයගත් පෘතුගීසීහු වේගයෙන් සරුසාර ආසියාව සොයා යාත්‍රා කළහ. එහි ප්‍රතිඵල ලෙස ක්‍රි. ව. 1505 පරංගී ජාතිකයෝ ජයවර්ධනපුර රාජධානියට පා තැබුහ. ඒ වන විට සවැනි පරාක්‍රමබාහු තුමුම තනා ගත් දේශපාලන බල අරගලක මැදිව ස්වකීය කීර්තධර ගමන නිමා කොටගෙන සිටියේය.

ඔහුගේ බෑනා රජ වුව ද සපුමල් කුමරු ඔහු මරා “ජයවර්ධනපුරය“ අත්පත් කරගත්තේය. එතැන් සිට එකා පිට එකා මරමින් ජයවර්ධනපුරයේ රජ කිරුළ අවසානයේ ළදරු ධර්මපාල කුමරුට හිමි විය. පෘතුග්‍රීසීන් සුක්‍ෂම වmap kotte ඔහු හරහා “ජයවර්ධනපුරය“ අත්පත් කර ගත්තේය.


 ජයවර්ධනපුර අත්පත් කර ගත් දා රාත්‍රියේ පෘතුග්‍රීසීහු ඓතිහාසික යුධ උපක්‍රමයක් අත් හදා බැලුහ. එනම් ලුණු ටොන් දස දහසක් සුන්දර ජයවර්ධනපුර නගරය පුරා ඇතිරීමෙන්ය. බෙල්ලන්විල ලුණු පොගා ලවණ බවට පත් විය. ඉන් සරුසාර අත්තිඩිය නීල කෙත් යාය එක් විටම වැනසී ගියේය. එකල නුගේගොඩ නගරය ද වැවකි. නුගේ වැව, අතුරුගිරිය වැව, කෙස්බෑ වැව (කැස්බෑව) මුතුරාජ වැව ද ලවණ ජලයෙන් පීරි ගියේය. කෝට්ටේ රාජධානියට බත සැපයූ වෙල්යාය ලවණ මුසු ජලයෙන් විනාශ විය. මේ වැව් වලින් දිය බිව් ජනයා පාචනයට ගොදුරු වූ අතර රාජධානියේ ම භව භෝගත් , සතා සිවුපාවත් මැරි වැටුණේය. අග නගරයට වැදුණු පෘතුග්‍රීසීන් රජ උයනේ සිට දියවන්නා විල ද ලුණු වලින් පිරවුයේය. පෘතුගීසීන්ට ලුණු දමා ශිෂ්ටාචාරයක් වැනසීමේ යුධ උපාය ලැබුණේ රෝමන්වරු ගෙනි.

ශ්‍රී ජයවර්ධනපුරය වැනසු වැනි උදාහරණයක් යළිත් ලෝක ඉතිහාසයේ හමුවන්නේ එක්  ස්ථානයක පමණී. ක්‍රි.පු. 186 දී රෝමවරු, කාර්කේජි නගරය අත්පත් කරගත්හ. ඒ රෝම සෙනෙවි සිපියේ අවි ලියන් අප්‍රිකානුස්ය. ඔහු කාර්කේජි රාජධානිය ලුණු විසුරුවා වනසා එතැන් පටන් එම භූමිය අප්‍රිකාව නමින් නම් කළේය. වත්මන් අප්‍රිකාවට නම ලැබුනේ එලෙසය. අතීත රෝමවරුන්ගේ ලුණු දමා රාජධානි වැනසීම ආදර්ශයට ගනිමින් ජයවර්ධනපුරය පෘතුගීසීන් වැනසිම නිසා ජනයා නුවර අතහැර හිස් ලුලු අති පලා ගියහ. පාලු වු නුවර පෘතුගීසීන් බිම් බත් කර පාලනය කොළඹට රැගෙන ගියේය. එතැන් සිට වල් වැදුණු “ජයවර්ධනපුරය“ නුතනයට දකින්න තිබුණේ තොටගමුවේ රාහුල මහ තෙරුණුන් වහන්සේගේ සැලළිහිණි සන්දේශයෙනි.  

කලා සපිරි සිසි වත වන       කලාවන්
නිලා තිබෙන බැමි ඉඳු දිනු පිලාවන්
තනා තනන තණ රණහස     උඳුලාවන්
පලා පැයද යනු බැරිපුර කලාවන්


සියවස් සතරකට වැඩි කාලයක් වර්ෂ 482 පාලුවට වන වැදුණු ශ්‍රී ජයවර්ධනපුරය ක්‍රි.ව. 1982 දී යළිත් සිරිලක අගනගරය බවට විය. ඒ.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අතින්ය. පුදුමය. ජයවර්ධනපුර යුගයේ දෙවන උදානය ඇරඹෙන්නේ එනමින් වාසගම උරුමකරගත් ජුනියස් රිචඩ් ජයවර්ධනයන් අතිනි.

වඩාත් පුදුමය එය නොවේ. ක්‍රී.ව. 1412 දි ශ්‍රී ජයවර්ධනපුරය තැනු අලකේශ්වරලාට “ජයවර්ධනපුරය“ ද රජ පදවිය ද අහිමි වී ගිය පසු ඒ පරපුරට ලේ නෑකමක් තිබු ජේ.ආර්. ජයවර්ධන අතින් තම මී මුතු පරපුර තැනු නුවරම යළි රාජ්‍ය නායකත්වයට පත් වු අපුරුවය. ඉතිහාසය යළි කැරකැවී විත් අතීත තතු විත්තිවලට පණ පොවන මේ ජාන අරුමය පුදුමය. ජයවර්ධනපුර අරුමය වන්නේ ද ඒ පුදුමය සමග බැඳී පැවතීමය. යම් පෙළපතක ශාක්‍යතාව මානව ජාන අතර, සැරිසරමින් සිට පෙරට ම විත් මුදුනට නැග එන අපූරුව ඉතිහාසය නිරික්‍ෂණ කිරීමේ දී එය ජාන නිරීක්‍ෂණයක් සේ පෙනී යන්නේය. 

 

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
sa4408@gmail.com

Sujith 2021
 
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...