පූර්ව අනුරාධපුරයටත් පෙර නාඳුගල තොටුපල ලෝක භූ සිතියමේ අතුරු තොටුපලක් සේ සටහන් වේ.
මෙය සනාථ වන්නේ ටොලමි ලෝක සිතියමට ලංකා සිතියම යොදන විට මාතොටට නාඳුගල තොටුපල ඈදී තිබු බැවිනි. අනුරාධපුරය රාජ්‍ය දේශපාලන බහුවර්ණ සම්මුතියෙන් බැඳෙන්නේ ක්‍රි.පූ 5 වන සියවසේ දීය. එවිට තොටුපල නාඳුගලටත් පණ්ඩුකාභය රජුගේ පුර රාජ්‍යයේ පුර සභික ධුරයක් වූයේය. නාඳුගල ශෛලය නා නා පාශාණ්ඩයන්ගේ සහ මුල් බෞද්ධ ශ්‍රාවකයන්ගේ නිදහස් තිබූ භූමියෙකි. මේ යුගයේ අනුරාධපුර අධිනගර සභාව හෙවත් “යවන සභා වස්තු”වෙහි පුරපති හෙවත් නගරාධිගුත්තික වූයේ “යවන විනීසය”. ඒ අධිනගර සභාව සැදුම්ලන්නේ එසමයේ ලක්දිව නගර ලෙස පැවති අටවිසි නගරයන්හි නගරාධි ගුත්තිකයන්ටද අසුනක් පිරිනැමූ අමුතු ක්‍රමයකිනි.
මේ සිදුවීම් වන විට මිහිඳු මහරහතුන් වහන්සේ ලක්දිවට වැඩමකොටද නැත. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා බිහිවීද නැත. එමෙන්ම ග්‍රීකයන් භාරතයට පා තබා තිබූ බවට සාක්ෂිද නොවේ. පණ්ඩුකාභය රජතුමා විසින් බහුවර්ණ බහුපූර්ණ, අනුරාධපුරය බිහිකරන විට එහි විසූ පුරාණ ජන වංශයක් වූයේ යවනයන්ය. යවන යනු ග්‍රීකයන් සුමේරියන්වරු සහ අයිරාණයන් එකල හැදින්වූ පොදු සම්මුති නාමයයි .එසේ නම් අනුරාධපුරය බඳින්නටත් පෙර ඔවුන් ලක්දිව සමඟ බැඳී ඇති බව පැහැදිළිය. ඒ බැඳීම බැඳෙන්නේ තොටුපල නාඳුගල දීය. මේ සමය උදාවන්නට පෙර ගෙවියමින් තිබුණේ නපුරු කාලයකි. යක්ෂ වංශිකයන් ශුද්ධොත්තම ජාන කතිකාවක් හරහා සමාජ බෙදීමක් ඇතිකර තිබුණි. ඒ විජය රජතුමා විසින් උත්තර භාරතීය සිංහ වංශය තහවුරු කිරීමේ දේශපාලනික ශෘංගාර අරගලයට ප්‍රතිපක්ෂවය.

සිරිපාද වනවාසයේ එනසාල්ද මැණික්ද, මුලයටියන වනවාසයේ කුරුඳුද පුවක්ද කරාබු නැටිද නැතිව ලෝකයට එදත් පැවතීම අසීරුය. ක්‍රි.පූ.5වන සියවසේ මෙන්ම එය අදත් එහෙමය. මාතොටින් නාඳුගලට තොටුපලක් බැඳෙන්නේ එබැවින්ය. එතැනින් ගොඩපිටියට ඈඳුනු නාවික වෙළදාගමනය කොටපල හරහා දෙනියායෙන් සිරිපාද වන සම්පතට පිවිසෙන මඟ වැටී තිබුණි. නාඳුගලින් සිරිපාදේ නැග වලවේ ගඟින් නැව්නැග ගොඩවාය(අම්බලංතොට) වරායෙන් යලි ග්‍රීකය චීනය බලා එදත් මූදු නාවික ගමන බැදී තිබුණි.
ප්‍රසන්න වීරක්කොඩි සිතුවම්යකුන් මේ නාවික මාවත තහනම් කිරීමත් සමග ලංකාවේ නාග යක්ෂ යුද්ධයක් ඇතිවන තැනට උණුම උණු උණුසුමක් ඇතිවිය. සිංහයන්ට එරෙහිව යක්කු ඇවිලූ සටන නාගයන්ගේ ඔළුව උඩට කඩා වැටුනේය. රටේම යක්කු එක්ව සිංහයන්ට එරෙහි වන විට නාඳුගල නාගයන් සිංහයන් සමඟ එකතුව තොටුපල තහංචිය කැඩුවේය. ඒ නිසා ඉන්දියන් සාගරය මැදින් නාවික වෙළදුන්ට මාතොට සිට සිරිපාදයට යන්නට ඉඩ ලැබිණි. නාඳුගල ලංකාවේ ඉතිහාසයේ හැරවීමක් වූයේ එබැවිනි.
නූතන ලංකාව බිහිකරන ශාස්ත්‍ර දැනුමේ සිට මෙරට ඉතිහාසයේ යටිබිම් ගත භූමියක්සේ නාඳුගල මතුවේ.සිංහල බස් රටාවේ වාග් තානය සහ ස්වර මාලා රූපක අක්ෂරවල වෙනම මානයක් නාඳුගලදී හමුවිය. එමෙන්ම නාඳුගලදී බැදුණු නාග අක්ෂරයන් නාවිමන, නාඔටුන්න සහ නයිගලදීද එක සමානව හමුවී තිබේ. සිංහල භාෂාවේ නාග භාෂා ස්වරය තවමත් නිරවුල් කර ගන්නට බැරිව ඇති තානයකි.කෙසේ නමුත් අනුරාධපුර සිට මාතර යුගයේත් කොළඹ යුගයේත් මතුවන මේ අමුතු ශාස්ත්‍රාලය බැදී තිබුනේ නාඳුගලය.

(සුජිත් අක්කරවත්ත)දේශපාලන හා සමාජ විශේලේෂක
sa4408@gmail.com





