The Leader News
BREAKING
Top Ad
වායාම

වායාම 77: දෙමළ ආලය - ( සුජිත් අක්කරවත්ත)

T

The Leader Desk

June 24, 2023 • 12:20 PM

වායාම 77: දෙමළ ආලය - ( සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කවර කරුණ ගැන කෙසේ වුවද අපි අපේ උරුමය ගැන කතා කරන කතා බහ තුලින් සහමුලින්ම අමතක කරන තේමාවකි.
  • එනම් ලක් රජුන් දෙමළ, මලයාලි, තෙළිඟු, කර්නාටක, කේරළ හා සොලී ලෙස උප විශේෂ කරණය කර ඇති ද්‍රවිඩ පවුල් වල කතුන් හා පුරුෂයන් සමඟ මෙතරම් බැඳුනේ ඇයි දැයි යන්නය.
  • ලංකාවේ ලිඛිතව ඇති ඉතිහාසය විජය රජතුමන්ගෙන් පටන් ගත් විට අවසන් රජු රාජසිංහ දක්වා මේ කතාව දිගට බැඳුනු කතාවකි.
  • සිංහල රජුන් හා රැජිණියන් එසේ ද්‍රවිඩ දෙමළ ආලයෙන් බැඳෙන විට සිංහල සමාජයේ සාමාන්‍ය ජනයා කොහොම එම ආල රාග ශෘංගාරයෙන් බැදෙන්නට ඇත්ද.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කවර කරුණ ගැන කෙසේ වුවද අපි අපේ උරුමය ගැන කතා කරන කතා බහ තුලින් සහමුලින්ම අමතක කරන තේමාවකි. එනම් ලක්දිව සිංහලයන් දෙමළ ලියන් හා පුරුෂයන් සමඟ බැඳි ආල කලාපයයි.

කෙටියෙන්ම අපි අපෙන් ඇසිය යුත්තකි. එනම්  ලක් රජුන් දෙමළ, මලයාලි, තෙළිඟු, කර්නාටක, කේරළ හා සොලී ලෙස උප විශේෂ කරණය කර ඇති ද්‍රවිඩ පවුල් වල කතුන් හා පුරුෂයන් සමඟ මෙතරම් බැඳුනේ ඇයි දැයි යන්නය. ලංකාවේ ලිඛිතව ඇති ඉතිහාසය විජය රජතුමන්ගෙන් පටන් ගත් විට අවසන් රජු රාජසිංහ දක්වා මේ කතාව දිගට බැඳුනු කතාවකි.

 

 මේ ශෘංගාරමය කලාපීය විපරම ගැන කතාවක් නැත. ඒ වගේම එය ශෘංගාරමය වියුක්තියෙන් තබා බල දේශපාලන තලයේ කතාවක්ද වී නැත.එයත් බැහැර තබා ජන මූලයේ මූල තේමාවකට ගෙන තබා ගැනීමක්ද නොවේ. සිංහල රජුන් හා රැජිණියන් එසේ ද්‍රවිඩ දෙමළ ආලයෙන් බැඳෙන විට සිංහල සමාජයේ සාමාන්‍ය ජනයා කොහොම එම ආල රාග ශෘංගාරයෙන් බැදෙන්නට ඇත්ද.

මානව හෘදයේ මේ පෑහීම බලය තුල දේශපාලන පෑහීමක් දක්වා ගෙතී  ඈදී බැඳීගෙන ඇති දීර්ඝ සියවස් විසි හයක ලිඛිත කථාවකි. ලිඛිත පොත් පවා කියන මේ ගැන කතිකාමය මතුවීමක් නොවුනේ නූතන ලකාවේ දේශපාලනය බෙදුම් රේඛනයක ඇඳ ගන්න වෑයම නිසාද. විටෙක නැගෙන තර්කය වන්නේ සිංහලයන් දෙමළ ලියන් හා පිරිමින් සමඟ බැඳුනේ ප්‍රේම ආලයෙන් නොව බල දේශපාලනයේ විවාහ ගනුදෙනු ආකාරයට බවය.

එය සපුරා ඇත්ත නොවේ. නමුත් මෙම කථාව ඇත්තක් සේ ගත්තද සිතිය යුත්තකි. එනම් දෙමළ කුමරියන් හා කුමරුන් සිංහල රජුන්ට හා රැජිණියන්ට  බලය සඳහා රාග යහනේ සතපවා ගන්න සිදුවූයේ මන්ද. එයම ලක්වාසී පොදු ජනයා දක්වා ගමන් කලේ කිමද යන්නය. ඉතිහාසය වෙත සත්‍ය ලෙසම පියමන් කරන්න නූතන අපේ භාව උවමනා  වර්ග චේතනා පසෙක තබා බැලිය යුතුය. නොවේ නම් අපේ මනාප රිසිය පමණක්  ඉතිහාසය සේ මතුව පෙනේ. සිදුවී ඇති දේ  එයමය .

1000 F 215540271 WpQgCAaKmHUqgv4GkvVS3Vvu5wtIYhfu

 ඉතිහාසය යනු අපේ මනාප රිසිය නොවේ. අමනාප රිසියද සහිත පොදු තානයයි. එවන් පොදු මානවීය භාවයේ ලංකා  භාවය සිංහලය. ඒ සිංහල භාවයේ රාග පහසට දෙමළ ලිය සහ දෙමළ පුරුෂයන් සබැඳි වූයේ මන්ද. බොහෝ විට සිංහල රජුන් සමඟ බැඳුණූ දෙමළ කුමරියන් ගැන කතා කරන අපි සිංහල රැජිණියන් සමඟ බැඳුනු දෙමළ කුමරුන් ගැන කතා කරනු අඬුය.  ඇත්තම කතාව රජුන්ද රැජිණියන්ද භේදයක් නැතිව එම බැඳුම බැදුන බවය.

එසේ නම් තේමාව දිගුය. පුරුෂ රජුන් දෙමළ ලියන්ටද ස්ත්‍රී රැජිණන් දෙමළ පිරිමින්ටද බැඳුනේ ඇයි. එය කලාපීය දේශපාලන බලය රදවා ගැනීම් සඳහා සිදුවූ වංශ මාන උපාය මාර්ගයේම තබා බැලිය යුතුම නොවේ. කලාපය තුල බලය ලබාගෙන බලය සමබර කර ගැනීම සඳහා දක්ෂීණ භාරතීය දේවීන් සහ වල්ලභයන් සිරියහනට උරුම කරුවන් කර ගැනීම දේශපාලනිකව ශූර උපායකි.

ඒත් බැලිය යුත්තේ එම දේශපාලන උපායම රාග කාම ශෘංගාරයෙන් බැඳුනේ කුමන හේතුවක් නිසාද යන්නය. හුදු බල උවමනාවෙන්ම ජීව රාග උවමනාවන් පවත්වා ගැනීමට හැකි සීමාවන් වේ. එම නිසා  මේ කරුණ ගැන කතිකා කර ගන්න වටිනා ඉසව්වකි. අනෙක බල දේශපාලන උපායක් සේ වුවද සිංහල රජුන්ට සිංහල රැජිණියන්ටද සිංහල හුදී ජනයාටද කරකාර ආල රාග බන්ධන වන්නට සිදු වූයේ දකුණු භාරතීයම ස්ත්‍රී පුරුෂයන් සමඟය. ඒ මන්ද. භූගෝලයේ අපට හිමි තැනම ඔවුන්ද සිටින නිසාද.

38577681202 7a358b4c50 b

මෙවන් ඉතිහාස තේමා ගැන ඉතිහාස පරීක්ෂණාගාරය පරීක්ෂණයන්  පිණිස සූදානම් විය යුතුය. එය සිදු නොවන්නේ රාජ්‍යය පුරාවිද්‍යාව දේශපාලනයේ සිට සාහිත්‍ය කලාව දක්වාම වර්ග රේඛනය ඉතිහාසයට යොදා ගෙන ඇති නිසාය. එවිට මෙම වටිනා මානව සුසංයෝගී බැදීම් හැලී යයි.


සිංහලයන්ද ද්‍රවිඩයන්ද එක භූ කලාපයක එක්ව දිවි ගෙවූ  දිවිය වෙනස් වූයේ භූ පැල්ලම නිසාය. ඒ කියන්නේ ලෝකය භූ කලාප විලස  මීට වසර හත් දහසකට පෙර වෙන්වී ගියේය. එයට පෙර එකට තිබූ කලාප දෙකඩ වේ. එසේ නම් සිංහලයන් දක්ෂිණ භාරතීය රාග බැඳීමට බැදෙන්නේ ජාන අනන්‍යතාවයක් සහිතව විය යුතුය.

එසේ නොවේ නම් කිව යුත්තේ සොබා දහම තුලින් මේ දෙජාතිය බිහිවී ඇත්තේ බැඳීමකට ජීවත් වීම උදෙසා බවය. එය ශෘංගාර රාග ආල අර්ථය ගන්නවා මෙන්ම ජීව විද්‍යාවෙන් මෙන්ම භූ කලාපීය දේශපාලනිකව ගත්තද එසේය. එසේ නම් ලංකාවේ ද්‍රවිඩ විරෝධය සිංහල දේශපාලන තේමාව බවට සරු පසක් ලබන්නේ කෙළෙසද. ඒ වගේම ලාංකික දෙමළ දේශපාලනය සිංහල විරෝධී අන්තයට සතු වූයේ කෙසේද.


මේ ගැන සිතුමක් නැති ඉතිහාස කියවීම පසෙක තබා, සිතා බලා කියවිය යුතු පරිච්ඡේදය මේකය.

Khajuraho Uma maheshvama credit iStock Perseomed www.istockphoto

 

 ජීව ජාන වලින්ද භූ කලාපීයවද රාග ආල ශෘංගාරමවද බැදී පවතින්නට හේතු වී ඇති දෙජාතියක දේශපාලන පැවතීම ප්‍රතිරෝධී බවට පත් වූයේ කෙසේද. එය, උත්තර භාරතය තැනූ මතවාදී දේශපාලන උඟුලක්ද. නොවේ නම් බටහිර ජාතීන් තනාදී ඇති මතවාදී මායාවක්ද. මේ ගැන සිතීම අතිශය වැදගත්ය. කොහොම නමුත් උත්තර භාරතය දිගින් දිගටම දක්ෂිණ භාරතය ගැන පසුවූයේ සැක බිය සමඟය.

දක්ෂිණ භාරතය හා ලංකාව එක තැනක ස්ථානගත වීමට ඇති ඉඩක් වේ නම් එය වලක්වා ගැනීමට උත්තර භාරතයට ඇති හොදම මාවතකි. එනම් සිංහලයන් තුල කල් පවත්නා ද්‍රවිඩ ප්‍රතිරෝධී බවක් ඇති වීමට  මාවත පෑදීමය. එය ඔවුන් සිදු කලාද විය හැකිය. නොවේ නම් ලංකාවේ අභ්‍යන්තර බල අරගලය තුල බලය සඳහා අසල්වැසියාට එරෙහි අරගලය ලංකාවේ සිංහලයන් තුළ පැළපදියම් කර ගත්තාද. මෙවන් දේ ගැන දැන්වත් ඉතිහාසයෙහි ගැඹුරට කැනීමක් කර ගත යුතුව ඇත.

පැරණි ලාංකික ඉතිහාස වංශ කතා දෙක ලෙස ශේෂව ඇති මහාවංශය හා දීපවංශය තුල ද්‍රවිඩ විරෝධී මනෝභාවයක් සැබැවින්ම නැත. එය මතුව ඇත්තේ බටහිර ජාතීන් ලංකාව යටත් කර ගත් යුගයේ එම ග්‍රන්ථ වලට සිදුව ඇති පරිවර්තනයන් තුලය. මුල් කතුවරයන්ගේ කෘති තුල මනෝභාවමය ද්‍රවිඩ විරොධී බවක් දක්නට නැතිය. එමෙන්ම සිංහල ද්‍රවිඩ ආල කතා, ප්‍රේම කතා, රාජකීය විවාහ සහ ගිවිස ගැනීම් ගැන ඇති තරම්  නිදසුන් බහුලය. ඒ බහුලතා සියල්ල යටපත් වෙමින් නූතන ජනමතය මෙන්ම ශාස්ත්‍රීය මතයන් දෙජාතියේ ප්‍රතිරෝධතා සමඟ බද්ධ වී ඇත.

image 37ed83d698

දකුණු භාරතීන්ද පසු කාලයේ මෙයට ගොදුරු වන්නේය. ඔවුන් පහසුවෙන් ආක්‍රමණ භූමිය ලංකාව බවට පත් කරගෙන ඇත. එනිසාම සිංහල විඥාණයේ දේශපාලන ප්‍රතිරෝධය දේශප්‍රේමී තනුව ද්‍රවිඩ විරෝධී මතය වූයේය. මලයාලම්, කේරල ආදීන්ගෙන් මිදී සොලී දෙමළ වර්ග තුල ලාංකික විරෝධය ප්‍රබලව නැගෙන්න බලපාන මේ කරුණ වඩාත් හොදින් නිරීක්ෂණය කල හැකි තැන වන්නේ ලංකාවේ ජන සංයුතියෙහි ප්‍රතික්‍රියා දෙස බලන විටය.

ලංකාවේ ජන සංයුතිය තුල ද්‍රවිඩ විරෝධ පදනම උස්ව නැගෙන්නේ ලංකාවට කේරළ මලයාලම් හා කර්ණාටක ප්‍රදේශ වලින් සංක්‍රමණය වූ ජන වර්ග  අතින්ය. පුදුමය එම ජන වර්ග ලංකාවේ සමාජ ආධිපත්‍ය තුලට වේගයෙන් පැමිණීමට බටහිර ජාතීන් කරන ලද බලපෑම්ය. එබැවින් යෝජනා කල යුත්තේ මේ ගැන සිතන්නට එක් දෙයකි. එනම් මේ දෙජාතියේ ආලය පුපුරා ගිය තැන සොයා ගමන් කල යුතුය.

Sujith 2021

 

 

 

(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
sa4408@gmail.com
වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...