The Leader News
BREAKING
Top Ad
වායාම

වායාම 78 : මහා විහාරික සිරිත - ( සුජිත් අක්කරවත්ත)

T

The Leader Desk

July 1, 2023 • 11:22 AM

වායාම 78 : මහා විහාරික සිරිත - ( සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා විහාරය, ලාංකික බෞද්ධ දහරාවේ මහා සම්ප්‍රදාය ලෙස ස්ථාවර වීමට බලපෑ පසුබිම දෙසට මනැස යොමා බැලිය යුතුය.
  • එය ලංකාවේ ඈත අතීතය මෑත මෙන්ම විනිවිද දැකීමට පාදක වන මූලය ලෙස එතරම් වටිනා කරුණකි.
  • ඒවා සියල්ල තුල ඇත්තේ මහා විහාර ආධිපත්‍ය ප්‍රශ්ණ කරන ප්‍රහාරමය තේමාවන්ය.
  • මහා විහාරය තත් අයුරින් තේරුම් ගැනීමට නොහැකි වීම ලංකාව තුල මතු වූ වඩා සාරවත් සියළු දැකීම් පරාජය වී යෑමට බලපෑ ප්‍රථම කරුණ ලෙස තේරුම් ගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්ප්‍රදාය ස්ථාවර විය. මහා විහාරය, ලාංකික බෞද්ධ දහරාවේ මහා සම්ප්‍රදාය ලෙස ස්ථාවර වීමට බලපෑ පසුබිම දෙසට මනැස යොමා බැලිය යුතුය.

එය ලංකාවේ  ඈත අතීතය මෑත මෙන්ම විනිවිද දැකීමට පාදක වන මූලය ලෙස එතරම් වටිනා කරුණකි. මහා විහාරයට එරෙහිව ගොඩනැගෙන මතවාද  බොහෝය. ඒවා සියල්ල තුල ඇත්තේ  මහා විහාර ආධිපත්‍ය ප්‍රශ්ණ කරන ප්‍රහාරමය තේමාවන්ය. එවන් ප්‍රහාරමය තේමා තුලින් මහා විහාරය තේරුම් ගත නොහැකිය.

එවන් මතවාදී ප්‍රහාරමය එබී බැලීම් සියල්ල විසින් ප්‍රතිරෝධී මතවාදයන් තහවුරු වේ. මින් ගම්‍ය වන්නේ මහා විහාරය වටහා ගැනීමට එමඟින් අවකාශය අහිමි වී යාමයි. මහා විහාරය තත් අයුරින් තේරුම් ගැනීමට නොහැකි වීම ලංකාව තුල මතු වූ වඩා සාරවත් සියළු දැකීම් පරාජය වී යෑමට බලපෑ ප්‍රථම කරුණ ලෙස තේරුම් ගත හැකිය. එම නිසා මහා විහාරය කවරක්දැයි යන්න මුලින්ම වටහා ගත යුතුවේ. ඒ සඳහා එම ප්‍රවාහයේ පාදම හදුනා  ගැනීම වැදගත්ම පියවරය. එසේ නම් මහා විහාර පාදම කවරක්ද.

f5f6f21d13604b7bed307a98f33842db buddhist monk sri lanka 

 
මහා විහාරය බුද්ධ භාෂිතය පිළිබඳව වැදගත්ම ප්‍රවේශය තහවුරු කර ගැනීම එහි සාර්ථකත්වයට මුල් පාදම ලෙස ගැනිය හැකිය. ඒ කීවේ බුද්ධ භාෂිතය පිළිබඳ තිරසාර කියවීමක් ජාන පරම්පරානුගතව තහවුරු කර ගැනීමට සමත් වීමය. එය කාලානූරූපීව යාවත්කාලීන කල බුද්ධි දහරාවන් සේ සුවිශේෂිය. එමෙන්ම මහා විහාරය ලංකාවේ දේශපාලනය තුලනය වෙත දැක්වූ සවිඥාණික දායකත්වය එහි පාදමේ ඊලග වැදගත් කරුණය. එනම් ලංකාවේ දේශපාලනය ථෙරවාදී බුදු දහමේ ආරක්ෂකවාදියා ලෙස තහවුරු කර ගැනීමට මහා විහාරය සමත් වීමය.


එමඟින් ලාංකීය සමාජය ආගමිකත්වයෙන් මුදවා ධර්ම දැක්ම තුල රැඳවීය. එයම ලංකාව ලෝක දේශපාලනය තුළ ස්වීය අනන්‍යතාවයක් සේ මතු කිරීමටද මුල්වේ.එමෙන්ම ගෝලීය මිතුරු රාජ්‍ය ජාලයක් සහිත ආනුභාවීය නායකත්වයට ලංකාවට පාර විවෘත කලේය. ඒ කීවේ මෞර්ය අධිරාජ්‍යයා වූ ධර්මාශෝකයන් විසින් ස්ථාවරය කල අළුත් ලෝකය මතවාදීව ග්‍රහණය කර ගන්නේ මහා විහාරය බවය. තවත් සරලව එය පැහැදිළි කරන්නේ නම් මෙසේ කිව හැකිය. මෞර්ය අධිරාජ්‍යය දේශපාලනිකව බිද වැටී විසිර ගියේය. ඒත් මානවයාගේ ජීවයේ ප්‍රශ්ණ විසිර නොයයි.

image 66fe6af4c3

එනම් අනිත්‍ය දුක්‍ය හා අනාත්මයයි. නොඑසේ නම් සංසාරික ප්‍රශ්ණයය. තවත් පැහැදිළිව කියන්නේ නම් ජරා, ව්‍යාධි, මරණය. මේ ගැටළුවට පිළිතුර  ඇති බුදු දහම පැතිර යාම නතර නොවේ.අශෝක අධිරාජයා ගෝලීය කරන ලද එම උත්තර සහිත බුදු දහමට දේශපාලන නායකත්වය අහිමි වූයේය.ඒ මෞර්ය අධිරාජය බිද වැටීම සමඟය. ඒ සදහා විටින් විට මතුවන අධිරාජ්‍ය සියල්ල බුදු දහමේ ධාර්මික ප්‍රභේදයන් වල නියෝජනය වීමට පටන් ගනී . ඒ අනුව ථෙරවාද බුදු දහමට විවෘත දේශපාලන නායකත්වය සහිත ඉඩක් හිමි වූයේය.

ඒ ඉඩ මනා කොට දුටුවේ ශ්‍රී ලාංකික මහා විහාර ඥාණ පරම්පරාවයි. එම නිසා මහා විහාරය අශෝක අධිරාජ්‍යයේ දේශපාලන බලය තුළින්ද පැතිර ගිය ථෙරවාද ලෝකයේ නායකත්වය හිමිකර ගැනිමට ඥාණ මාවත පෙන්වා දුන්නේය.

 000

 ඊළගට පාදමේ කරුණ ජෛනයන්ට මුහුණ දුන් ආකාරය. ජෛනයන් යනු මහා විහාරය නිසා සහමුලින්ම පරාජය කරා ගිය පිරිසය. බ්‍රාහ්මණ හින්දු ආගමට ප්‍රතිවිරුද්ධව ගොඩනැගුණු භාරතීය ආකෘතියේ නව අධ්‍යාත්මික දහරාව තිබුණේ ජෛන දැක්මමය. එය ලංකාව මෙන්ම ලෝකය පුරා වේගවත් වූයේ වානිජවාදීන්ගේ ප්‍රියතම ආගමික දැක්ම බවට පත්වීමෙන්ය. වෙළද වාදීන් වේගයෙන් ජෛන දැක්මට ගමන් කල අතර, ජෛන දැක්ම බුදුදහම බිහිවීමත් සමඟ පරාජය වූවද මතවාදී සහ ධන බලය පිරිස් බලය සහිතව පෙරමුණේ තිබූ දැක්මයි. බොහෝ විට ජෛන දැක්ම බුදු දහමට සමාන යැයි සිතන තරමට ජෛන සිතුවිලි අදත් බුදු දහම තුල පැටලී පවතී. මේ තත්වය එකල බෞද්ධ ලෝකය කරා එල්ල වූ අභියෝගයකි. මෙම අභියෝගය සමඟ මැනවින් සුසංයෝගී වීමට මහා විහාරයට හැකි විය.

ඒ නිසා ලංකාවේ ජෛන ශාසනයක් මතුවූයේ නැත. ඇත්තෙන්ම හින්දු ,ඉස්ලාම්, කිතුණු ලෙස බුදු දහමට සපුරා වෙනස් සර්ව බලධාරී දේව ආගම් පැතිර ගිය ලංකාවේ ජෛන දැක්ම පැතිර නොගියේ මන්ද. එය බුදු දහමට සමීපව ගමන් ගන්නා දැක්ම සේ පෙනී තිබියදී එසේ සිදුවූයේ මන්ද. ජෛන දැක්මට ලංකාවේ තිබූ ඉඩ සහමුලින්ම නැතිව ගියේ මන්ද. එමෙන්ම ජෛනකරණය අග්නිදිග ආසියාව කරා ගමන් කිරීම ඒ සමඟ නතර වූයේය. ඉතිහාසය ගැන හිතන කවුරුත් නොහිතන තැන් මේවාය. මහා විහාරය පරදවමින් එදත් අදත් මතවාද හසුරවන අයට නොවැටහෙන මේ වටිනාකම කුමක්ද ? මේ වූ කලී මහා විහාර ඥාන දහරාව විසින් ඉටුකල ප්‍රමුඛතම ප්‍රඥා අරගලයේ ප්‍රතිඵලයකි. එබැවින් මහා විහාරය ලංකාවේ අධිනිශ්චය සහිත බෞද්ධ කේන්ද්‍රය වීමට මෙම කරුණ අති ප්‍රබල දායකත්වය සැපයූ බව කිව යුතුය.

Abhayagiriya 1885

පුදුමය නම් මෙම ජෛනයන්ගේ පරාජය සඳහා මහාවිහාරයට ගෞරවයක් ලැබී නැති වීමය. සිතිය යුත්තේ ලංකාවේ එකම ජෛන ආරාමයක් ස්ථාවර නොවන ආකාරයය. මහාවිහාරය ජෛන දැක්ම මතවාදී තලයේ පරාජය කර දැම්මෙ ඉතා ශූර ලෙසය.  බුදු දහම භාරතයේ පරාජය කල හින්දුන්ට පවා ජෛන දැක්ම භාරත භූමියෙන් ඉවත් කල නොහැකි වූයේය. එය ලංකාවේ සිදු කලේ මහා විහාරය කෙසේද? අභයගිරිය, ජේතවනාරාමය විසිර යාමේ සිට ශ්‍රී ලංකාවේ මහායානය සහ තන්ත්‍රයානය පරාජය වීම සිදුවිය. එය වටහා ගැනීමට මෙසේ මහා විහාරීය ජයග්‍රහණයේ පාදම සොයා ගැනීම කල යුතුය.

 
ඉතා පුරුදු තේමාවන් වලට කරගසා ඉතිහාස විෂයට යාමෙන් මිදෙන්න යැයි මම නිතර කියන්නේ ඒකය. නුහුරු තැන යනු විටෙක අප සොයන තැන විය හැකිය. ඒ නිසා මනාපයන් තුලම ගල් ගැසී සිටීමෙන් මිදී විවෘත අවකාශයක ඉතිහාසය තබා ගන්න උත්සුක විය යුතුය. මහා විහාරය මෙලෙස ලාංකීයත්වයේ මූල භූමිය ලෙස මතවාදී  තලයේද දේශපාලන දහරාවේද පූජනීය තේමාවේද තහවුරු වීම ගැන කතිකා තලය හැර ගත යුතුය මන්ද ලාංකිකත්වයට ලෝක දායාද තුනක් පවතින්නේ මහා විහාර ඥණ පරම්පරාව නිසාය. 

201962 removebg preview

එනම් ථෙරවාද ත්‍රිපිටකය ලේඛණගත කොට ආරක්ෂා කර ගැනීම හා ථෙරවාද ශාසනය චිරන්තනය කර ගැනීමය. අනෙක සිංහල භාෂාව සුරක්ෂා කොට ජීව භාෂාවක් සේ නොසිදී පවත්වා ගැනීමයි. මේ අවස්ථා තුනම  ලෝක තලයේ පුදුමයන්ය. එපමණක් නොව මහාවිහාරීය ඥාණ පරම්පරාව  තමන්ට එරෙහි බලවේග පරදවාලීම සිදුකලේ මහා ඥාණ සංහාරය තුළින්  හෝ  ශාරීරික ඝාතන සංහාරයන් තුළින් නොවේ. එසේ නම් මහා විහාරය කැණීම් කල යුතුය. එහි පුරාවිද්‍යා භූමිය සොයා ගැනීම පහසුය. අසීරුව මහාවිහාරීය ප්‍රඥා ප්‍රභාවේ තාලය සොයා ගැනීමය. මහා විහාරයට එරෙහිව සිතන අය නොදන්නේම එයයි. වඩාත් පුදුමය නූතන යති සසුනට නොවැටහෙන තැන මෙතැනය. ඒ මහා විහාර සිරිතය.

 
Sujith 2021

 

 

 

 

(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
sa4408@gmail.com
වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...