The Leader News
BREAKING
Top Ad
වායාම

පරිසඤ්ඤු පාලකයා (වායාම 55) - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

October 7, 2022 • 9:01 AM

පරිසඤ්ඤු පාලකයා (වායාම 55) - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුදුන් වහන්සේ දක්වන කරුණ ගැන සිතිය යුතුය.
  • රාජ සම්මත යුගයේ මෙන්ම ජන සම්මත යුගයේ පවා ලංකාව පාලකයන් තුළින් පාලනය වූ රාජ්‍යයක් ලෙස ඇති දීර්ඝ අත්දැකීම් විශේෂයකි.
  • ඒත් එක් රටක් ලෙස නැඟී සිටින ප්‍රභාවක් හෝ ක්‍රමයක් නැති වී ඇත්තේ කුමන හේතුවකටද යන්න තවමත් විසඳා ගත් බවක් නොපෙනේ.
  • රාජ්‍යය බෞද්ධ ප්‍රතිපදාව මත ක්‍රියාත්මක විය යුතු බවට අපේ රටේ සම්මතයක් පවති.
අකුරු ප්‍රමාණය (Font Size):
බුදුන් වහන්සේ දක්වන කරුණ ගැන සිතිය යුතුය. කෙසේ නමුත් පාලකයා විදියට හඳුනාගත යුත්තා කවුරුද යන්න දෙස බැලිය යුතු තරම් වටිනාම අදහස් අතර බුදුන් වහන්සේ වදාරන පරිසඤ්ඤු පාලකයා ගැන සොයා යා යුතුය. දීර්ඝ රාජ්‍ය පාලනයක් සහිත රටක් සේ ලංකාව ප්‍රකටය. රාජ සම්මත යුගයේ මෙන්ම ජන සම්මත යුගයේ පවා ලංකාව පාලකයන් තුළින් පාලනය වූ රාජ්‍යයක් ලෙස ඇති දීර්ඝ අත්දැකීම්  විශේෂයකි.
 

ඒත් එක් රටක් ලෙස නැඟී සිටින ප්‍රභාවක් හෝ ක්‍රමයක් නැති වී ඇත්තේ කුමන හේතුවකටද යන්න තවමත් විසඳා ගත් බවක් නොපෙනේ. රාජ්‍යය බෞද්ධ ප්‍රතිපදාව මත ක්‍රියාත්මක විය යුතු බවට අපේ රටේ සම්මතයක් පවති. එය ඇත්තකි. ඒත් ප්‍රශ්නය වන්නේ බෞද්ධ ප්‍රතිපදා ලෙස හඳුනාගෙන ඇත්තේ  බුදුන් වදාල ප්‍රතිපදාද යන්නය.
 
 
බුදුන්ගේ දහම නමින් ප්‍රචලිත කරගෙන ඇත්තේ බෞද්ධ දේශපාලන දැක්ම නොව වෙනත් කාගේ හෝ අදහස්ය. ඒ නිසා පාලකයා ලෙස වර්ණනාවට සම්භාවනාවට පාත්‍ර වූයේ උදේ හවස ජනතාව ඉදිරියේ මල් පූජා කරන බණ අසන සහ පූජා මංගල්‍යයන් වල හැසිරෙන පාලකයාය. මෙවන් අසීමාන්තික භක්තිවාදයන් බුදුන් වහන්සේ වදාල ලෞකික පාලකයාගේ දර්ශනය නම් නොවේ. ඒ අතර මතින් තොර රටක් ගැනද පෝදා සියල්ල වසා දැමීමද රාග නිදහසට නීති බාධා පැමිණවීමද, රාජ්‍ය පාලකයාගේ රාජ්‍ය යුතුකම ලෙස අණපනත් පනවාගෙන ඇත. මෙවන් පිළිවෙත් කිසිවක් රාජ්‍ය පාලනයට අදාලව බුදුන් වහන්සේ පනවා ඇති තැනක් සොයා ගත නොහැක.
 

සැබවින්ම ගෞතමයාණන් වහන්සේ ගිහියන් කාමභෝගීන් බවද ඒ නිසාම රාජ්‍යය කාම්භෝගී විය යුතු ද බව මැනවින් දන්නා එමෙන්ම එය දේශණා කල ශාස්තෘවරයෙකි. එබැවින් උන්වහන්සේ රාජ්‍ය පාලනය ගැන දේශනා කරන කවර සුත්‍ර ධර්මයකවත් ලෞකික රාජ්‍යයට බාධා වන රීති නීති තබා වෘත චාරිත්‍ර ධර්ම හෝ ආචාර ධර්මයක් පනවා නැත.
 
lksjhy
 
 
උන්වහන්සේ පනවා ඇත්තේ ජනයාගේ ලෞකික ජීවිතය වඩා ඔප් නංවාලිය හැකි විනය මූලික මාවතය. එය ආචාර ධාර්මික කිරීම මිස එයට බාධා පමුණුවන කිසිවක් එහි නැත.පැවිදි විනය මිසක ගිහි විනයැයි කිසිවක් රාජ්‍යය වෙත තනා දීමක් බුදු දහමේ නැත. මේ අතර පාලකයා නිතරම නැවුම් විය යුතු බැවින් ඔහු සතු වටිනා ගුණයක් සේ වගා කර ගැනීමට දෙන උපදෙසක් වේ. ඒ නම් පරිසඤ්ඤු පාලකයෙකු වන ලෙසය.
 

බුදුන්වහන්සේ පවසන මේ පිළිගැනීම රාජ්‍ය පාලකයාගේ චින්තනමය නවීකාරක කමට බලපාන අයුරු උන්වහන්සේ වදාරනවා. ලෝකය ප්‍රවාහයක් නිසා එහි වෙනස්කම් හා ගලා යාමද අනාගතයද ප්‍රවේශයද ඇති තැන වටහා ගැනිම වැදගත්. ඒ අර්ථයෙන් ගත්තාම “ පරිසඤ්ඤු පාලකයා ”  බවට පත්වීම රාජ්‍යය සාර්ථක කර ගන්න බලපාන කාරණයක් විදියට පෙන්වා දී තිබෙනවා. මේ පරිසඤ්ඤු ගුණය ලෙස බුදුන්වහන්සේ පසසන ලක්ෂණය කුමක්ද? පාලකයෙක් කියන්නේ පිරිවර අතරින් විශේෂ පිරිවරක් ඇති අයෙක්. ඒ පිරිවර අතර විශේෂ වටිනාම පිරිවර ඇති නායකයාට පරිසඤ්ඤු ලක්ෂණ සහිත ගුණය ඇති බවට සඳහන් කරන්නේය.
 

බුදුන් වහන්සේ මෙය නායක ගුණයක් දක්වා නම්කර තිබෙනවා.
 
 
මේ පරිසඤ්ඤු ලක්ෂණය නම් නායකයාගේ පිරිවර අතර ඥානයෙන් හා ගුණයෙන් හැකියාවෙන් ප්‍රියශිලි බවින් ශිල්ප නිපුනතාවයෙන් පිරි නවිකාරක යෞවනයන්ද ඇති බවයි. යම් නායකයෙක් සතුව මෙවන් තරුණ සහපිරිවර පිරී පවතී නම් ඔහු සුවිශේෂිම නායකයෙක් බව බුදුන්වහන්සේ පවසා තිබේ.
 
 
මේ කරුණ දැන් ලංකාවේ නායකයන් අතර ප්‍රයෝගි කාලයේ දිස් වනුයේ කෙසේද?
 
 
බුදුන් වහන්සේ පවසන ආකාරයට නායකයා වන්නේ වෘද්ධ ඥාණමය දීර්ඝ අත්දැකීම් බහුලතාවය සහිත පුද්ගලයා විය යුතුය. එමෙන්ම තථාගත ඔවදන අනුව එවන් නායකයා වටා මදමත් යෞවනයේ පිරිපුන් ප්‍රාණ නිපුන කෞෂල්‍ය සහිත ප්‍රිය උපදවන යොවුන් සේනාවක් සිටිය යුතු බව කියා දෙයි.
 

මෙමඟින් උන්වහන්සේ පෙන්වන්නේ රාජ්‍යය හා පාලකයා නිබඳවම රටේ නවීකාරක පිළිබිඹුව විය යුතු බවයි. එසේනම් ලංකාව බලගතු සමාජයක් කරා ගෙන යාමට නායකයා පරිසඤ්ඤු බලය සහිත විය යුතුය. පරිසඤ්ඤු බලය හෙවත් පිරිස් බලය අතර බබලන යෞවන බලයක් සතු වීම ප්‍රාණ ධීර ශූර ආකර්ශණීය නායකත්වයේ ලක්ෂණයක් සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දි ඇත්තේය. ඒත් පුදුමය ලංකාවේ බෞද්ධ සමාජය ගතානුගතික චින්තාවේ ගිලුණු උපාසක පාලකයන් ගැන කතා කොට ඔවුන්වම රාජ්‍යත්වයට නංවාගෙන ආගාධයේ පතුල දුටු රටකි. බෞද්ධයන් පරිසඤ්ඤු ගුණැති නායකයා ගැන අසාවත් නැතී සේය. එබැවින් බුදුන් වදාල රාජ්‍ය දාර්ශනිකයා නොදුටු රටකි. පරිසඤ්ඤූ ගුණයේ අනූන රාජ්‍යය නායකයන් දෙසට හැරෙන්න පමා වූ රටකි. ඒ පමාව නොපමාව අත්හල යුතුය. එසේ නම් වැඩිම පරිසඤ්ඤු ගුණය ඇති නායකයා කවරෙක්දැයි සොයා ගත යුතුය. ලංකාව බබලන්නේ එවිටය.

 

සරාග රසායනය - (වායාම 21 : සුජිත් අක්කරවත්ත)

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක

sa4408@gmail.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...