The Leader News
BREAKING
Top Ad
වායාම

රක්‍ඛාවරණ ගුත්ති - (වායාම 63) - සුජිත් අක්කරවත්ත)

T

The Leader Desk

November 25, 2022 • 10:06 AM

රක්‍ඛාවරණ ගුත්ති - (වායාම 63) - සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැනීමට මිනිසාට නොහැකි නිසාමය.
  • මිනිස් සිතෙහි අනියත බිය පහ කර දීම රාජ්‍යයේ වගකීම බවට පත්වන්නේ එතැන් පටන්ය.
  • එය උදාවන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් නිවාස බේත්හේත් වගේම නිදහස හා සතුටද ඇති තැනය.
  • ජීවිතය සසරට බැඳී ඇති හේතු මූලයෙන් දකින තථාගතයන් එය ලිහා ගැනීමට මඟ සොයා ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැනීමට මිනිසාට නොහැකි නිසාමය. රැකවරණය හා ආරක්ෂාව පිණිසම මිනිස් සිත් යාය එකට බැඳෙන තැනින් ප්‍රජාව හෙවත් සමාජය ජාතිය රාජ්‍යය හා රාජ්‍ය පාලකයා දක්වා වියමනක් බැඳේ. මේ වියමන රාජ්‍ය හා දේශපාලනය වන අයුරු මනාව නිරීක්ෂණය කළ හැකිය. මිනිස් සිතෙහි අනියත බිය පහ කර දීම රාජ්‍යයේ වගකීම බවට පත්වන්නේ එතැන් පටන්ය. නිරතුරුව නිදහස සතුට හා තෘප්තිමය පැවැත්මක් මනුෂ්‍ය හිත සොයා යයි. එය උදාවන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් නිවාස බේත්හේත් වගේම නිදහස හා සතුටද ඇති තැනය.

 

කෑමෙන් බීමෙන් පමණක් ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන්නම් නිදහස නමින් අදහසක් පැන නඟින්නේ නැත.සමාජවාදය පෙරළා දමන්නට රුසියන් වරු නැගිටින්නේද නැත. ධනය තිබූ පමණින්ම නිදහස නොවන්නේනම් සිදු වන්නේ එයමය.ඩොනල් ට්‍රම්ප් වර්ගයේ චරිත ඇමරිකානු ජනතාව පලවා හරින්නේ ඒකය. මේ තනිමාන අදහස් ලෝකය කාලයකට පිළිගෙන වහා අතහැර දමන්නේ ඒකය. ඒත් ලෝකය දාර්ශණික තලයේ තනිවාද මතයක් මත රාජ්‍යය දේශපාලනය හා පුරවැසියා අතර සහබැඳීම අර්ථ කථනය කර ගන්නේය. ඒ අනුව තනි මානි දේශපාලන බලවේග බිහිකොට බලය ලබා ගනී. නමුත් ජනතාව රැකවරණය ආරක්ෂාව නැති තැන එයට එරෙහිව තව යමක් සොයයි. මේ ලෝක සත්වයාගේ ප්‍රායෝගිත ගැටළුවය.

 

ජීවිතය සසරට බැඳී ඇති හේතු මූලයෙන් දකින තථාගතයන් එය ලිහා ගැනීමට මඟ සොයා ගත්තේය. ඒ සොයා ගැනීම ජීව ලෝකය තුළ අවබෝධ කර ගැනීමට නම් මානවීය ජීවිතය සමඟ බද්ධව ගෙන යා යුතුය. එබැවින් මානවයා වඩා ආරක්ෂාව  රැකවරණය සහිත මානව වාසයක ජීවත් වීම බුදුන් වහන්සේ නිවන සඳහා තෝරා ගත් මාවතේ ආරම්භයයි. රාජ්‍ය දෙස බලමින් නිවන සොයා යන මඟ රාජ්‍යය වඩාත් නිවැරදිව පවත්වා ගැනීමට මාවත සේ උන්වහන්සේ යෝජනා කරන්නේ එබැවිනි. ලෞකික රාජ්‍යයයේ මාර්ග සිතියම, ලොව්තුරු නිවන සොයා දුන් ගෞතමයන් වහන්සේගේ ඥාණ දහමින් ඔපවත්ව ඇත්තේ එබැවිනි. එම නිසා උන්වහන්සේ තනි ඒකල මාන මතවාද දෙස බැලීම පසෙක තබයි. ඒ වෙනුවට සමස්තය දෙස බලමින් උත්තරයක් ලබා දේ. ඒ නම් වඩාත්ම ආරක්ෂක හා රැකවරණය සහිත මානව සමාජයක පැවැත්ම තහවුරු කරලීම පිළිබඳවයි. මේ කරුණ ගැන උන්වහන්සේ වදාරන වඩාත් වටින බුදු වදනක් වේ. එනම්,

 

- රක්ඛාවරණ ගුත්ති -


රාජ්‍ය නායකයා රාජ්‍යයට රැකවරණය දිය යුතුය. මානව ජීවිත වලට ආරක්ෂාව දිය යුතුය. රාජ්‍යයේ ස්ථාවරත්වය පවතින්නේ රැකවරණ පවතින්නේ මනුෂ්‍ය නිදහස සතුට කෑම බීම නිවාස හා අවශ්‍ය අන් සියල්ල ලැබෙන තැන ලෙස උන්වහන්සේ දකින්නේය. මේ බුදු ඔවදන කියා දෙන්නේ මානවයාගේ පොදු හැඟුම් ජනනය පවතින තැනය. ඒ පොදු බව මුළුමනින්ම ලෞකිකය. අනියත බිය අනාරක්ෂිත බව ඇති තැන මිනිස් සිතුවිලි විකෘති වේ. නිදහස අහිමි වූ විට එම සිත් ව්‍යාකූලව ප්‍රචණ්ඩ වේ. එසේ නම් බුදුන් වහන්සේ රාජ්‍යයට ලෞකිකත්වය උදා කර ලීමේ වගකීම ගෙන කටයුතු කිරීමේ වගවීම රාජ්‍ය නායකයාට පවරයි. රාජ්‍ය නායකයා තම රටේ ජනතාව රකින්නා විය යුතුය. නීතිය මූලික කොට එහි ආධිපත්‍යය පවත්වා ගත යුතුය. ජනතාවට සෙවනක් සේ රාජ්‍ය නායකයා අභ්‍යන්තර පාලනය මනාව පවත්වා ගත යුතුය. ස්වකීය රාජ්‍ය බිඳ දමන නොසන්සුන් භාවය ඇති වීමට ඉඩ නොතබා ජනතාවතගේ චිත්ත ප්‍රබෝදය පවත්වා ගන්නා පුද්ගලයා රාජ්‍ය නායකයා ලෙස හඳුන්වයි. මේ සියල්ල සඳහා රාජ්‍ය නායකයා “රක්ඛාවරණ ගුත්ති ” යන ධර්මය වටහා ගත යුත්තේය. මෙලෙස රාජ්‍ය නායකයා කවරාකාර දැයි පවසා උන්වහන්සේ මේ ඔස්සේ වැදගත් පණිවිඩයක් ලබා දේ. ප්‍රජාවේ ආරක්ෂාවට බාධා ගෙන එන කවර බාධාවකට හෝ නොබියව නිර්භයව නායකත්වය දෙන නායකයා රාජ්‍ය නායකයා බවය.


මේ බුදුන් වහන්සේ රැකවරණය ආරක්ෂාව ලෙස දකින්නේ කවරක් වේද? “ රක්ඛා ” කියන්නේ රැකවරණය  නොවේ නම් සැලකිලිමත් බවයි.  “ ගුත්ති ” නම් ආරක්ෂාවයි. එනම් යුතුකම් අයිතිවාසිකම් තහවුරු කිරීමයි. ජනයාට ඇති අයිතිය හා යුතුකම් නම් තම ලෞකික සුවය ලබා ගැනීම හා එය මනා කොට පවත්වා ගැනීමයි. මෙමඟින් බුදුන් වහන්සේ පවසා සිටින්නේ ජනතාවට මනාව ලෞකික සැලකිල්ල රාජ්‍ය නායකයා ලබා දීමය. එමෙන්ම ලෞකිකස්වාදය ලබා ගැනීමට බාධා ඇත්තේ නම් හෝ එයට එරෙහිව මතවාද ක්‍රියාමාර්ග හා සංවිධාන තර්කන වේ නම් ඒ සියල්ල මැඩපවත්වා දැමීම පාලකයාගේ යුතුකම බවයි. මේ තරම් අපූරුවට මේ බුදුන් වහන්සේ කියා සිටින්නේ මනුෂ්‍යයන්ගේ ජිවිතය සතුටින් හා නිදහස්ව තබා ගැනීමට අවශ්‍ය බවය. එබැවින් උන්වහන්සේ ඒ වෙනුවෙන් රාජ්‍යයට කරන යෝජනාව නම් “රක්ඛාවරණ ගුත්ති ” ය.


නමුත් සිදු වී ඇත්තේ රැකවරණය, ආරක්ෂාව සහිතව මනුෂ්‍යයන්ගේ කාමභෝගී ජීවිත අවහිර කිරීමට කටයුතු කිරීම බුදුන් වදාල රාජ්‍ය පාලනය යැයි තහවුරු වීමයි. මෙලොව ජීවිතය වින්දනය නොකරන කවර මනුෂ්‍යයකු හටවත් මෙලොවදී ලබා ගත හැකි නිවීම සොයා ගැනීමට හැකියාවක් නැත. එබැවින් ගෞතමයන් වහන්සේ තමන් වදාල ධර්මය ග්‍රහණය කර ගැනීමට නම් ලෞකික සුඛිත බව ජනතාවට යෝජනා කරන්නේය. ප්‍රඥාව සහ සීලය සමාධිය වැඩීමට  රැකවරණ නොලබන ආරක්ෂාව නැති තැන බැරිය. රාජ්‍යත්වයටම ලෞකික දියුණුව රැක ආරක්ෂා කර ජනතාව කාම සුඛස්වාදයෙන් එතෙර කරවීමේ වගකීම බුදුන් වහන්සේ පවරයි. රාජ්‍යය මෙතරම් ලෞකික ලෙස බුදුන්වහන්සේ අර්ථ ගන්නවා ඇත්තේ එය ප්‍රායෝගිකව සනාථ කරමින්ය. මන්ද රාජ්‍යය දෙවියන්ගේ නිර්මාණයක් නොව මනුෂ්‍යයන්ගේ නිර්මාණයක් බව උන්වහන්සේ වදාරයි.

 

මනුෂ්‍යයාගේ ජීවන ලාලාසාවන් නිවන දක්වා මාර්ග ගත කර ගැනීමට ගෞතම දහම මඟ පෙන්වයි. ඒ කියන්නේ මානව ජීවන ලාලසාවන් ගෞතමයන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරයි. එය නිවනට සාපේක්ෂ කරගත යුතු මාවත කියා දෙයි. මේ මඟ පෙන්වීම සහමුලින්ම කණපිට පෙරලාගෙන ලංකාවේ ජය ලබන්නේ විකාර රූපී අදහසකි. ඒ නිසා රාජ්‍ය නායකයන්ට ජනතාවගේ ලෞකික ජීවිතයට රැකවරණය හෝ ආරක්ෂාව ලබා දීමට බැරිවිය. එම නිසාම ලෞකිකත්වය සීමා කරන්නා හෙවත් එය අනාරක්ෂිත කොට ආවරණය කරන්නා බෞද්ධයා බවට විකෘති අදහසක් බිහි විය. ඒ විකෘතිය විසින් බුදුන් වහන්සේගේ ධර්මය වෙනුවට සටෝප ආගමික පිටපොත්තකින් වසා ගත් ලෞකික සතුට අහිමි අසරණ   මානව   සැකිලි  බවට  ලාංකික  ජනතාව  පත්වූයේය.  එම  නිසා  රාජ්‍ය  පාලකයා  යනු “ රක්ඛාවරණ ගුත්ති ” නමින් සුඛිත ලෞකික වාදයක ආරක්ෂාකාරී සැලකිලිමත් කරවා යැයි දකින්න ජනතාව මැලිවිය. ඉතින් අපිට බුදුන් වදාල ලෞකික රාජ්‍යය තවමත් දකින්නට බැරිව ඇත. මේ උදා වී ඇත්තේ බුදුන් වදාල ලෞකික රාජ්‍ය උදාකරගන්නට කාලයයි.

 

Sujith 2021(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
sa4408@gmail.com



වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...