BREAKING
Top Ad
පුවත්

ජිනීවා : විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම, ශ්‍රී ලංකාව UN යෝජනාවෙන් ඉවත්වීම හෙළාදකී

T

The Leader

February 28, 2020 • 9:17 AM

ජිනීවා : විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම, ශ්‍රී ලංකාව UN යෝජනාවෙන් ඉවත්වීම හෙළාදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී සම්මත කරන ලද යෝජනාවෙන්, ශ්‍රී ලංකාව ඉවත්වන බව දැනුම් දීම "හෙළාදකින" බව විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) පවසයි.
  • 26) දැනුම් දෙනු ලැබුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි.
  • ඒ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය අමතමිනි.
  • අදාළ යෝජනාවලියෙන් ඉවත්වීම නිසා, පවතින එකම විකල්පය ලෙස පෙනී යන්නේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් විභාග කිරීම බව ඔහු සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

2019 මාර්තු මස ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් සම්මත කර ගන්නා ලද "සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය" මැයෙන් යුත් 40/1 යෝජනාවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාව තීරණය කළ බව මානව හිමිකම් මණ්ඩලයට බදාදා (පෙබ. 26) දැනුම් දෙනු ලැබුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි.

ඒ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය අමතමිනි.

ජාත්‍යන්තර යාන්ත්‍රණයක්:

"සත්‍යය, යුක්තිය, වගවීම සහ සංහිඳියාව වෙනුවෙන් ඵලදායී පියවර ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, ජාත්‍යන්තර නීතිය යටතේ තම බැඳීම් උල්ලංඝනය කිරීමක්," බව විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසමේ ආසියානු හා ශාන්තිකර කලාපය භාර අධ්‍යක්‍ෂ ෆෙඩ්රික් රවුස්කි නිවේදනයක සඳහන් කර තිබේ.

අදාළ යෝජනාවලියෙන් ඉවත්වීම නිසා, පවතින එකම විකල්පය ලෙස පෙනී යන්නේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් විභාග කිරීම බව ඔහු සඳහන් කර තිබේ.bbc text 2020.02.28

"ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීම, ජාත්‍යන්තර යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා හදිසි පියවර ගැනීම හෝ සාර්වත්‍ර අධිකරණ බලයක් යෙදවීම ඊට ඇතුළත් විය හැකි" යැයි ද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.


 111063660 02306c4d 3987 4fc3 99c4 c2955f83fc91                                විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමුළුව අමතමින්
දිනේෂ්ගේ ප්‍රකාශය

ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරන ලද යෝජනාවෙන් ඉවත්වන නමුත් තිරසාර සාමයක් සහ සංහිඳියාවක් සඳහා යන ගමනට අවශ්‍ය වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාව ලබා දුන් ඉලක්ක ජය ගැනීම පිණිස ශ්‍රී ලංකාව තවදුරටත් කැප වන බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

පළමුව රජයේ ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරමින් දැනට පවත්නා යාන්ත්‍රණ යෝග්‍ය පරිදි අනුවර්තනය කර ගැනීම ඇතුළු සියල්ල අන්තර්ගත, දේශීය වශයෙන් නිර්මාණය කර ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා සහ වගවීමේ ක්‍රියාදාමයක් ඔස්සේ තිරසාර සාමය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම ද එහිදී ප්‍රකාශයට පත් විය.

 111063659 c67df518 cf86 4d51 8623 267be4f27912                                                                         එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ
මහ කොමසාරිස්වරිය:

මේ අතරතුර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය අමතමින් එහි මහ කොමසාරිස්වරිය සිය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව අදාළ යෝජනාවලියෙන් ඉවත්වීම වලක්වා ගැනීමට සහ වගවීම ඉදිරියට ගෙනයෑම සඳහා ගත හැකි සෑම මාර්ගයක් ම පිළිබඳව සොයා බලන ලෙසය.

ශ්‍රී ලංකා ආණ්ඩුව "වෙනස් ප්‍රවේශයක්" නිවේදනය කිරීම පිළිබඳව තමා කනගාටු වන බවද මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.

"ආණ්ඩුව රටේ හැමදෙනාගේම සහ සෑම ජන කොට්ඨාශයකගේ ම අවශ්‍යතා සඳහා වැඩ කළ යුතුයි. විශේෂයෙන් ම සුළු ජන කොටස් පිළිගැනීම සහ ආමන්ත්‍රණය සිදුවිය යුතුයි." මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ පැවසුවාය.

"විශේෂයෙන්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලයට, දේශපාලන හා සම්පත් සහාය ලබා දෙන බවට සහතික වන ලෙස මම ආණ්ඩුව දිරිගන්වමි. සියලු ජන කොටස්වල අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය හා විසඳුම ලැබිය යුතුයි."

පසුගිය වසර කිහිපය පුරා ලබා ගත් දියුණුව ආරක්ෂා කර ගැනීමටත් එය තවදුරටත් වර්ධනය කරගැනීමටත් කටයුතු කරන ලෙස ඇය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් දැඩි ඉල්ලීමක් කළාය.

වාර්තාවක කරුණු:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ද කරුණු රැසක් මතු කර තිබේ.

ඇය එම වාර්තාවෙහි සඳහන් කර ඇත්තේ, 30/1 යෝජනාවට අනුකූලව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් ලබා ඇති බවය.

එහෙත්, ශ්‍රී ලංකා ආණ්ඩුව දඬුවම් ලබා දීමට අපොහොසත් වීම හා ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට දක්වන නොහැකියාව නිසා මානව හිමිකම් උල්ලංඝණයවීම් නැවත ඇති වීමට හේතු විය හැකි බව එහි සඳහන් කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක 30/1 යෝජනාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන ලෙසත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිය වාර්තාවෙන් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබිණ. 

(බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :

ජිනීවා : ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්ෂණයක් පැනවීමේ අනතුරක් !

Please, ශ්‍රී ලංකාව බහුවාර්ගික රටක් කිව්ව දිනේෂ්ගේ ජිනීවා කතාවට කෝචෝක් කරන එපා ! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...