රුපියල් ලක්ෂ 104ක මුදලක් ව්‍යාජ ලේඛන සකසා ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
රුපියල් ලක්ෂ 104ක ව්‍යාජ අත්සන් ගනුදෙනුව
මීගමුව සම්පත් බැංකු ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකින් රුපියල් ලක්ෂ 104ක මුදලක් වංචනිකව ලබාගෙන ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබිණි.
අදාළ චෙක්පත සඳහා භාවිත කර ඇත්තේ සමාගමේ ප්‍රධාන ආයෝජිකාව මෙන්ම නීත්‍යානුකූල හිමිකාරිත්වය දරන මෙලනි ප්‍රනාන්දු මහත්මියගේ අත්සනට සමාන ව්‍යාජ සටහනක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධියට අදාළව P/21583/26 දරන නඩු අංකය යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබේ.
හවුල්කාරිත්වයේ සිට අධිකරණ කූඩුව දක්වා
රත්මලාන ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගනිමින් ගුවන් ගමන් මෙහෙයුම් සිදුකරන මෙම සමාගම ආරම්භ කර මුල් මාස හය ඇතුළත අසිත මානගේ මෙහෙයුම් කටයුතු භාරව සම්බන්ධ වී ඇත.
පසුකාලීනව ආයෝජිකාව විසින් ඔහු වෙත සමාගමේ කොටස් හිමිකාරිත්වයක්ද පවරා දී ඇති පසුබිමක, ආයතනයේ මූල්‍ය පාලනය තුළ බරපතල අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට පාර්ශ්වයන් අතර මතභේද හටගෙන තිබිණි.
ඩොලර් මිලියනයක තවත් විමර්ශන 4ක්
දේශීය බැංකු ගිණුමකින් මුදල් ලබාගැනීමේ සිදුවීමට පරිබාහිරව, ඇමෙරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් තවත් මුදල් අක්‍රමිකතා හතරක් සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව විශේෂ විමර්ශන ක්‍රියාත්මක වේ.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.



