The Leader News
BREAKING
ගෑස් අර්බුදයේ නීතිමය ගැටුම: ලාෆ් සමාගමට එරෙහි නඩුව දෙසැම්බරයට●HSBC මෙහෙයුම් වසා දැමීමට එරෙහිව රවීගෙන් ගෝලීය නායකත්වයට ලිපියක්●2027 අය-වැය ආර්ථික විප්ලවයක ආරම්භයක්: නි.ඇමති නිශාන්ත ජයවීර●ලාහෝර් වායු දූෂණය හමුවේ ලංකා-පාකිස්තාන ටෙස්ට් තරග බිම මාරු වෙයි●ඉන්දුනීසියාවේ ඉ-සිගරට් භාවිතයට ආගමික තහනමක්●මාධ්‍යවේදිනී රබියා වෙඩි වැදී මරුට: සැමියාගෙන් පාපෝච්චාරණයක්●AI සමාගම්වලට අපරාධ නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවෙන් ඓතිහාසික පියවරක්●ප්‍රතිකාර ලැබූ ඉම්රාන් ඛාන් යළිත් සිරමැදිරියට: සෞඛ්‍ය අර්බුදය දේශපාලනය යළි දල්වයි●උසාවි නියෝගයෙන් වතු නිවාස කඩයි - බදුල්ලේ මලයහ පවුල් කීපයක් අසරණයි●DIGEnote | අයවැය අතිරික්තය බිලියන 22 දක්වා ඉහළට: ප්‍රාථමික අතිරික්තය ට්‍රිලියන 1.8යි●
Top Ad
පුවත්

2027 අය-වැය ආර්ථික විප්ලවයක ආරම්භයක්: නි.ඇමති නිශාන්ත ජයවීර

Pasan

Pasan

November 11, 2026 • 9:01 PM

2027 අය-වැය ආර්ථික විප්ලවයක ආරම්භයක්: නි.ඇමති නිශාන්ත ජයවීර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම අය-වැය ලේඛනය හෙට දින පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරනු ඇත.
  • හුදෙක් ඉලක්කම් ලේඛනයක් නොවූ ප්‍රතිපත්තිමය සැලැස්මක් 2027 අය-වැය පිළිබඳව සිය අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ, "මෙවර අය-වැය හුදෙක් වාර්ෂික රාජ්‍ය ආදායම් සහ වියදම් කළමනාකරණයකට සීමා නොවේ.
  • රටේ ඉදිරි ආර්ථික සංවර්ධන දිශානතිය තීරණය කරන ප්‍රතිපත්තිමය සැලැස්මක් ලෙස මෙය හැඳින්විය හැකියි" යනුවෙනි.
  • ඒ අනුව, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, අපනයන ආදායම් ඉහළ නැංවීම, එහි ප්‍රතිලාභ සමස්ත ජනතාව වෙත ළඟා කරවීම, නව රැකියා අවස්ථා බිහි කිරීම සහ සමස්ත ආර්ථිකයේ ඵලදායිතාව වර්ධනය කිරීම වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර කෙරෙහි මෙවර අය-වැයෙන් සුවිශේෂී අවධානයක් යොමු වන බවද නිශාන්ත ජයවීර පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ අභියෝගය ජය ගැනීමෙන් පසු, වේගවත් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරමින් සහ එහි ප්‍රතිලාභ කිසිවෙකුත් අත් නොහැර සමාජයේ සෑම ස්ථරයකටම බෙදා හැරීම අරමුණු කරගත් 2027 වර්ෂය සඳහා වන අය-වැය හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර ප්‍රකාශ කරයි.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම අය-වැය ලේඛනය හෙට දින පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරනු ඇත.

හුදෙක් ඉලක්කම් ලේඛනයක් නොවූ ප්‍රතිපත්තිමය සැලැස්මක්

2027 අය-වැය පිළිබඳව සිය අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ, "මෙවර අය-වැය හුදෙක් වාර්ෂික රාජ්‍ය ආදායම් සහ වියදම් කළමනාකරණයකට සීමා නොවේ. රටේ ඉදිරි ආර්ථික සංවර්ධන දිශානතිය තීරණය කරන ප්‍රතිපත්තිමය සැලැස්මක් ලෙස මෙය හැඳින්විය හැකියි" යනුවෙනි.

ඒ අනුව, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, අපනයන ආදායම් ඉහළ නැංවීම, එහි ප්‍රතිලාභ සමස්ත ජනතාව වෙත ළඟා කරවීම, නව රැකියා අවස්ථා බිහි කිරීම සහ සමස්ත ආර්ථිකයේ ඵලදායිතාව වර්ධනය කිරීම වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර කෙරෙහි මෙවර අය-වැයෙන් සුවිශේෂී අවධානයක් යොමු වන බවද නිශාන්ත ජයවීර පෙන්වා දෙයි.

ස්ථාවරත්වයේ සිට වර්ධනය දක්වා ගමන් මඟ

වර්තමාන රජය විසින් 2025 සහ 2026 වර්ෂ සඳහා ඉදිරිපත් කරන ලද අය-වැය හරහා ඉලක්ක කළ ආර්ථික ජයග්‍රහණ, අපේක්ෂිත සීමාවන් ද ඉක්මවා යමින් ළඟා කර ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, ආර්ථික ස්ථාවරත්වයේ සිට සැබෑ වර්ධනය කරා යන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 2027 අය-වැය ඉතිහාසයට එක්වනු ඇති බව ඔහුගේ අදහසයි.

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...