The Leader News
BREAKING
අධිකරණයට අපහාස චෝදනාවෙන් පොලිසිය බලය පැහැරගන්න හැදුවාද?●කාවන්තිස්ස ඛේදවාචකය: ඇතාගේ උදරයෙන් මූනිස්සම්; විමර්ශන CIDයට●ත්‍රිකුණාමල වෙරළේ පිළිම සිද්ධිය: බලංගොඩ කස්සප හිමිට වරෙන්තු●බදුලු බස් අනතුර: කොතලාවල සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් වන්දි?●රනිල්ගේ ලන්ඩන් ගමනේ නඩුව නීතිපති තීරණය තෙක් කල්යයි●ගෑස් අර්බුදයේ නීතිමය ගැටුම: ලාෆ් සමාගමට එරෙහි නඩුව දෙසැම්බරයට●HSBC මෙහෙයුම් වසා දැමීමට එරෙහිව රවීගෙන් ගෝලීය නායකත්වයට ලිපියක්●2027 අය-වැය ආර්ථික විප්ලවයක ආරම්භයක්: නි.ඇමති නිශාන්ත ජයවීර●ලාහෝර් වායු දූෂණය හමුවේ ලංකා-පාකිස්තාන ටෙස්ට් තරග බිම මාරු වෙයි●ඉන්දුනීසියාවේ ඉ-සිගරට් භාවිතයට ආගමික තහනමක්●
Top Ad
පුවත්

අධිකරණයට අපහාස චෝදනාවෙන් පොලිසිය බලය පැහැරගන්න හැදුවාද?

Pasan

Pasan

November 11, 2026 • 11:15 PM

අධිකරණයට අපහාස චෝදනාවෙන් පොලිසිය බලය පැහැරගන්න හැදුවාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහේස්ත්‍රාත්ගේ පැමිණිල්ලට අභියාචනාධිකරණයේදී දැඩි විරෝධය හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ගොනු කළ අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.
  • රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම පැමිණිල්ල නෛතික පදනමකින් තොර, දුෂ්ට චේතනාවෙන් ගොනු කළ එකක් බවයි.
  • අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම වැළැක්වීමේ පනතේ 03 වන වගන්තියට අනුව පොලිස් විමර්ශන හෝ අත්අඩංගුවට ගැනීම් යනු විධායකයේ ක්‍රියාවන් මිස අධිකරණ ක්‍රියාවන් නොවේ.
  • ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් විවේචනය කිරීම අධිකරණයට කළ අපහාසයක් ලෙස හුවාදක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ බලය අත්තනෝමතික ලෙස අවභාවිත කර ඇති බව නීතිඥවරයා අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහේස්ත්‍රාත්ගේ පැමිණිල්ලට අභියාචනාධිකරණයේදී දැඩි විරෝධය

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ගොනු කළ අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම පැමිණිල්ල නෛතික පදනමකින් තොර, දුෂ්ට චේතනාවෙන් ගොනු කළ එකක් බවයි.

CID විමර්ශන අධිකරණ විෂය පථයට අයත් නැහැ

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පෙන්වා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ රඳවා තබා ගැනීමේදී සිදුවූ බව කියන අමානුෂික සැලකීම් පිළිබඳව සිය සේවාදායකයා මහජන නියෝජිතයෙකු ලෙස කරුණු දැක්වූ බවයි.

2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම වැළැක්වීමේ පනතේ 03 වන වගන්තියට අනුව පොලිස් විමර්ශන හෝ අත්අඩංගුවට ගැනීම් යනු විධායකයේ ක්‍රියාවන් මිස අධිකරණ ක්‍රියාවන් නොවේ. ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් විවේචනය කිරීම අධිකරණයට කළ අපහාසයක් ලෙස හුවාදක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ බලය අත්තනෝමතික ලෙස අවභාවිත කර ඇති බව නීතිඥවරයා අවධාරණය කළේය.

මහේස්ත්‍රාත් රබර් මුද්‍රාවක් සේ ක්‍රියාකළාද?

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රශ්න කළේ රූපවාහිනී වැඩසටහනක සාකච්ඡාවකින් එක් වාක්‍යයක් පමණක් කපා වෙන්කරගෙන අපහාස චේතනාවක් ආරෝපණය කළේ කෙසේද යන්නයි.

අදාළ වැඩසටහනේදී අධිකරණය කෙරෙහි ඇති ගෞරවය සහ විශ්වාසය තහවුරු කර තිබියදී, පොලිසිය ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් මහේස්ත්‍රාත්වරයා "රබර් මුද්‍රාවක්" සේ ක්‍රියා කර ඇති බව ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය. එකිනෙකට වෙනස් ප්‍රකාශ එකම පැමිණිල්ලකට ගොනුකිරීම නීතිය ඉදිරියේ පවත්වාගත නොහැකි තත්ත්වයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

අධිකරණ බලය පොලිසිය අතට ගැනීමේ අනතුර

මෑතකදී ගෙන ආ පනත් කෙටුම්පත් හරහාද අධිකරණ බලය පොලිසියට හා කොමිෂන් සභාවලට පැවරීමට ගත් උත්සාහයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වූ බව සිහිපත් කළ නීතිඥ අලි සබ්රි, මෙම පැමිණිල්ලද පොලිසිය අධිකරණ බලය ඩැහැගැනීමට දරන එවැනිම භයානක උත්සාහයක් බව අනතුරු ඇඟවීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවමින් දුෂ්ට චේතනාවෙන් කටයුතු කර ඇති බව මෙහිදී සෘජුවම මතු විය.

සමාව අයැදීම සහ විධායකයේ සීමාවන්

කථිකාචාර්ය මහින්ද පතිරණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි සඳහන් කළේ අදාළ සමාජ මාධ්‍ය සටහන පැය 24ක් තුළ ඉවත් කර, කොන්දේසි විරහිතව සමාව අයැද ඇති බැවින් නඩුකරයෙන් නිදහස් කරන ලෙසයි.

අසංක නවරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ද තහවුරු කළේ පොලිසිය යනු විධායකය නියෝජනය කරන ආයතනයක් බැවින් ඔවුන් අධිකරණ විෂය පථයට ඇතුළත් කළ නොහැකි බවයි. වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දිනට නියම විය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...