BREAKING
Top Ad
විදේශ

ගාසා තිරයේ කිසිම තැනක් ආරක්‍ෂිත නැහැ - UN

T

The Leader

October 26, 2023 • 3:32 AM

ගාසා තිරයේ කිසිම තැනක් ආරක්‍ෂිත නැහැ - UN

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තිරයේ කිසිදු ස්ථානයක් ආරක්‍ෂිත නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
  • "ඉන්න තැනම ඉන්න හරි වෙනත් තැනකට යන්න හරි තීරණය කළත්, කොහේ හිටියත් සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව තිබිය යුතුයි.
  • නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ "මිනිස්සු ඉවත් වෙන්නේ නැත්තේ, ඔවුන්ට යන්න තැනක් හෝ ගමන් කිරීමට හැකියාවක් නැති නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාසා හි වෙසෙන ජනතාවට ඉවත්වන ලෙසට ඊශ්‍රායලය සිදු කරන දැනුම්දීම්වලට ප්‍රතිචාර දක්වමින්, මැදපෙරදිග සාම ක්‍රියාවලිය සඳහා නියෝජ්‍ය විශේෂ සම්බන්ධීකාරක සහ පලස්තීන භුමි ප්‍රදේශය සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක ලින් හස්ටින්ග්ස් මේ බව ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ "මිනිස්සු ඉවත් වෙන්නේ නැත්තේ, ඔවුන්ට යන්න තැනක් හෝ ගමන් කිරීමට හැකියාවක් නැති නිසා. පූර්ව අනතුරු ඇඟවීම් කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ," යනුවෙනි.

lyn
"ඉවත් වෙන්න තියෙන මාර්ගවලට බෝම්බ ගැහුවම, උතුරේ වගේම දකුණේ ජනතාව යුද්දෙට මැදි වුණාම, පණ ගැටගහගන්න අත්‍යවශ්‍ය දේ හිඟ වුණාම, ආපසු එන්න පුළුවන් ද කියන එක ගැන සහතිකයක් නැති වුණාම, මිනිස්සුන්ට ඉතිරි වෙන්නේ අමාරු තීරණ ගන්න එක විතරයි."     

"ගාසා තිරයේ කොහෙවත් ආරක්‍ෂිත නැහැ."

එසේම, ඇය අවධාරණය කර තිබුණේ අවි ගැටුම් ජාත්‍යන්තර නීතියෙන් පාලනය විය යුතු බවයි.

"ඉන්න තැනම ඉන්න හරි වෙනත් තැනකට යන්න හරි තීරණය කළත්, කොහේ හිටියත් සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව තිබිය යුතුයි. ඒ වගේම ජිවත් වීමට අවශ්‍ය අවම පහසුකම් හෝ ඔවුන්ට තිබිය යුතුයි."  

"ඒ වගේම සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි."  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...