BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!

T

The Leader

April 26, 2023 • 6:30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි ජීවත් වෙන්නෙ තුන්වෙනි ලෝකයේ රටකය.
  • " පොඩ්ඩක් හිටපං මචං " යනුවෙන් ඇතුළෙන් හඬක් ඇසේ.
  • එසේ වන්නේ ඇතුළේ වැඩක් යන බැවින් හා දොර ඇරියහොත් ඒ සියල්ලම විනාශ වන බැවිනි.
  • " තුන් වැනි තට්ටුවත් දැම්මොත් ඩාර්ක් රූම් එක ඇතුළෙන් ගලා එන්නේ කුණුහරුප වරුසාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ සම්මජ්ජාතියේ අපි දෙවනි ලෝකයේ රටක් වන්නේ නැත.

එසේම මේ කල්පය ගෙවී තව කල්ප දහසක් පසු වූවත් අපට පළමුවන ලෝකයේ රටක් වන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

මේ ලෝකවලට අමතරව තවත් ලෝකයක් තිබේ.

එය ඇඩ්වර්ටයිසිං ලෝකයයි.

see fewer ads 1200x630 cropped

ඇඩ්වර්ටයිසිං ලෝකය වැසුණු එකකි.

අද පටන් අපි ඔබට ඒ වැසුණු ලෝකය විවර කරන්නෙමු.


කන්දප්පාට කුණුහරුප වරුසාවක්!

RF 23

රෙජී කන්දප්පාගේ කාටූන් නිර්මාණ

 

රෙජී කන්දප්පා යනු ග්‍රාන්ට්ස් ප්‍රචාරක ආයතනයේ ලොක්කා ‍ය.

මෙරට දැන්වීම් ක්ෂේත්‍රයේ ගෝඩ් ෆාදර් ය.

එහෙව් කන්දප්පාටත් දිනක් ග්‍රාන්ට්ස් එකේදී කුණුහබ්බ අසන්නට සිදුවිය.

කතාව මේකය.

ඉස්සර ග්‍රාන්ට් එකේ ඩාර්ක්‍ රූම් එකක් තිබුනේය.

ඩාර්ක් රූම් එකක් අවශ්‍ය වූයේ එකල දැන්වීම් නිර්මාණය කළේ බ්‍රෝමයිඩ්ස්වලින් නිසාය.

මේ අතුරු කතා ටික කියන්න සිදුවූයේ අද දැන්වීම් කලාවේ නියුතු බහුතරයක් බ්‍රෝමයිඩ්ස් යනු මොනවාද යන්න නොදන්නා හෙයිනි.

ඩාර්ක් රූම් එකේ දොර එකවර විවෘත කළ නොහැක.

මුළින්ම තට්ටුවක් දැමිය යුතුය.

" පොඩ්ඩක් හිටපං මචං " යනුවෙන් ඇතුළෙන් හඬක් ඇසේ.

පළමු වරම ඩාර්ක් රූම් දොර විවර වන්නේ නැත.

එසේ වන්නේ ඇතුළේ වැඩක් යන බැවින් හා දොර ඇරියහොත් ඒ සියල්ලම විනාශ වන බැවිනි.

ඒ ඩාර්ක් රූම් එකට අධිපතිව හුන්නේ ජයන්ත කළුපහන යි.

මද වෙලාවක් නික්ම පසු දොර විවෘත නොවුනහොත් දොරට දෙවැනි තට්ටුව දැමීමට සිදුවේ.

එවිට කළුපහනට තරමක් මඳ කිපේ.

" තදියමද? පොඩ්ඩක් ඉන්න බැරිද තොට....? "

තුන් වැනි තට්ටුවත් දැම්මොත් ඩාර්ක් රූම් එක ඇතුළෙන් ගලා එන්නේ කුණුහරුප වරුසාවකි.

සමහර දිනවලදී කන්දප්පාද බ්‍රෝමයිඩ්ස් ගැනීමට පැමිණේ.

රෙජී කන්දප්පා බ්‍රෝමයිඩ්ස් ගන්න දුර තියා එනු දකින ස්ටුඩියෝ එකේ කොල්ලන් කරන්නේ පළමු තට්ටුව දැමීමයි.

කන්දප්පා ළංව එන විට දෙවැනි තට්ටුවත් දමයි.

මේ කිසිත් නොදන්නා ඔහු ඩාර්ක් රූම් දොරට තට්ටු කරයි.

එය කන්දප්පාට පළමු තට්ටුව වුවත් කළුපහනට තුන්වෙනි තට්ටුව ‍ය.

කළුපහන කුණුහරුපයෙන් දෙසන්නේ මල්ටි බැරල් ප්‍රහාරයක් මෙනි.

" හාහ්.. හහ්... හා.... එයාට තරහා ගිහිල්ලා ..."

එසේ පවසා අප දෙස බලා සිනාසී කන්දප්පා පඬිපෙළ බැස යයි.

ආයතන ප්‍රධානියා බව නොදැන කළුපහන බනින්නේ සේවයට ඔහු තුල තිබූ අවංක කැපවීම නිසාය.

තම සේවකයාගෙන් කුණුහරුප අසා නිහඬව ආපසු යන්නේ කන්දප්පා තුල වූ මහත්මා ගතිය නිසාය.

එවැනි කැපවීමුත් නැති එවැනි මහත්වරුනුත් නැති හිස් ලෝකයක අද අප අතරමංව සිටිමු.


(ඇඩ්ඩා විසින් ලියන ලදි.)


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...