BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (57) : මොළ කුණාටුව

T

The Leader

December 7, 2023 • 4:12 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (57) : මොළ කුණාටුව 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම ඒජන්සියක 'හුරතලුන්' කියා කොටසක් සිටී.
  • ඒජන්සියේ ලොක්කන් වහා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර brainstorm එකක් කැඳවන්නේ තම හුරතලුන් ටික බේරගන්නටය.
  • උපන් ගෙයි මෝඩයන් වන අපි අවංකවම හිතට එන අදහස් මේ මොළ කුණාටු රැස්වීම්වලදි ප්‍රකාශ කරන්නෙමු.
  • කාල වකවානුව 2005 - 2006 වසර දෙකින් එකක මාර්තු මාසය වගේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ උදවිය එක්කෝ කළමනාකාරීත්වයේ හුරතලුන් ය.

නැත්තං විධායක නිර්මාණ අධ්‍යක්ෂවරයා ගේ හුරතලුන් ය.

සමහර කැම්පේන් කරන්නට ගිය විට මේ හුරතලුන් ට මෙළෝ අදහසක් පහළ නොවන අවස්ථා එමට තිබේ.

එවිට ඔවුන් ගේ පිහිටට එන්නේ brainstorm ය.

ඒකට අපි සිංහලෙන් කිව්වේ 'මොළ කුණාටුව' කියාය.

WhatsApp Image 2023 12 07 at 2.21.16 PM

ඒජන්සියේ ලොක්කන් වහා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර brainstorm එකක් කැඳවන්නේ තම හුරතලුන් ටික බේරගන්නටය.

උපන් ගෙයි මෝඩයන් වන අපි අවංකවම හිතට එන අදහස් මේ මොළ කුණාටු රැස්වීම්වලදි ප්‍රකාශ කරන්නෙමු.

එහිදී අහුලා ගන්නා අදහස්වලින් ටොයියන් ආතල් එකේ ගොඩ යයි.

අප ඉදිරිපත් කළ අදහස් ලස්සන ඉංග්‍රීසි වචන යොදා ඔවුන් ඉදිරිපත් කරන විට අප ද හොල්මං වී යයි.

ඒජන්සිවල සිටින කබ්බන් ගේ අදහස්වලින් පොෂ් ටොයි හුරතලුන් ෆෝම් කිරීම මේ brainstorm හෙවත් මොළ කුණාටුවේ අවසන් ප්‍රතිඵලයයි.

කොයි ඒජන්සියේ වුණාත් brainstorm එකෙන් වෙන්නේ ඕකය.

මේ අටුවා ටීකා ලියුවේ ඇඩ්ඩා සහභාගී වූ එක් brainstorm එකක් ගැන ලියන්නටය.

ඒ තරම් සුන්දර brainstorm එකකට ඇඩ්ඩා මේ තාක් සහභාගි වි නැත.

ඒ කාලේ අපි හිටියේ ග්‍රාන්ට්ස් එකේය.

WhatsApp Image 2023 12 07 at 2.21.17 PM 3
අපේ කණ්ඩායමේ නායකයා වූයේ රැන්ස්ලි බරෝස් ය.

කාල වකවානුව 2005 - 2006 වසර දෙකින් එකක මාර්තු මාසය වගේය.

මාර්තු මාසය බව මතක ඒ කාලය වන විට ග්‍රාන්ට්ස් එකේ ලොක්කන් ඇඩ් ෆෙස්ට් එකට සහභාගි වීම සදහා බැංකොක් බලා ගොස් ගොස් සිටින බැවිනි.

ඔවුන් ගියේ නිකම් නොවේ. සන්ටෙල් දුරකථන ජාලය වෙනුවෙන් කැම්පේන් එකක් අප අත තබාය.

වෙන එකක් තබා අපට බ්‍රීෆ් එක ලබාදුන් නලින්ද හා ඇනීටා හිටියේත් ඇඩ්ෆෙස්ට් එකට රට ගිය ගොඩේය.

" බලපං බං අපට වැඩ දීලා අරුන් රට ගියා"

රැන්ස්ලි වැඩේ පටන් ගත්තේ එහෙමය.

WhatsApp Image 2023 12 07 at 2.21.18 PMඑදාම හැන්දෑ වරුවේ ඔෆිස් එකෙන් සල්ලි ටිකක් ඉල්ලා ගත් රැන්ස්ලි brainstorm කිරීම පිණිස අපව කැටුව ගියේ රන්දෝලි එකටය.

මෙසේ ගිය පිරිසට 4 දෙනෙකු ඇතුළත් විය.

ඒ රැන්ස්ලි, ප්‍රභාත්, රුෂේන් හා ඇඩ්ඩා ය.

brainstorm නිකං කරන්න බැරිය.

ඊට අවශ්‍ය අඩුම කුඩුම ටික රැගෙන වේටර් මල්ලි පැමිණියේ සන්ටෙල් කැම්පේන් එකේ ඔහුද කොටස්කරුවකු බව හඟවමිනි.

" මචං, අපට ප්‍රශ්න තියාගෙන brainstorm කරන්න බෑනේ... අපි ඉස්සෙල්ලා අපේ ප්‍රශ්න කතා කරලා ඉමු..."

රැන්ස්ලි එසේ brainstorm එක ආරම්භ කළේය.

මුළින්ම කතා කළේ ප්‍රභාත් ය.

ප්‍රභාත් ගේ ප්‍රශ්න කියා අවසන් වූ පසු රුෂේන් පටන් ගත්තේය.

ඊට පසු ඇඩ්ඩා ය.

ඇඩ්ඩාට පසු රැන්ස්ලි ය.

දැන් සියලු දෙනාම ප්‍රශ්න කතා කර හමාරය.

බෝතල් දෙක තුනකුත් හමාරය.

WhatsApp Image 2023 12 07 at 2.21.17 PM 2බයිට් ප්ලේට්වල කරපිංචා කොළ කිහිපයක් පමණක් ඉතිරිව ඇත.

වෙලාව රෑ 11 පැන ඇත.

" මචං, අපි අපේ ප්‍රශ්න ඔක්කොම කතා කළානේ... දැන් ගෙදර යං..."

එසේ පැවසූ රැන්ස්ලි brainstorm එක නිමා කළේය.

ඔන්න දැන් පහුවදා උදේ ය.

අපට රැන්ස්ලි ගෙන් කැඳවීමක් ලැබුණි.

" මචං, ඊයේ අපි අපේ ප්‍රශ්න සේරම කතා කළානේ... දැන් ප්‍රශ්න මුකුත් නෑනේ... වැඩේ කරමු නේද? "

සන්ටෙල් කැම්පේන් එක පටන් ගැනුනේ ඔන්න ඔහොමය.

ලොක්කන් බැංකොක් සිට පැමිණෙන විට අප වැඩේ කර අවසන් ය.

දෙදිනකට පමණ පසු අපි ප්‍රසන්ටේෂන් එකට ගියෙමු.

පළවෙනි ස්ලයිඩ් එක තිරයේ ය.

කියාගන්න ලැබුනේ වාක්‍යය දෙකකි.

Full 0421 Brainstorm timing e501e24c91d1dd1bb53c2057524667f0
ක්ලයන්ට් වහාම ප්‍රසන්ටේෂන් එක නතර කළේය.

" කවුද මේ බ්‍රීෆ් එක දුන්නේ ...? මේක වැරදියි... අපට ඕන මේක නෙවෙයි...!"

ක්ලයන්ට් කඩාගෙන පැන්නේය.

ඉන්පසු සන්ටෙල් ක්ලයන්ට් ආපහු කවදාවත් අපට කතා කළේ නැත.

ඒ කාලේ සන්ටෙල් ක්ලයන්ට් සර්විසිං කළ නලින්ද හොඳ මිනිහෙකි.

පොඩි කොලිටියක් ඇති මිනිහෙකි.

නලින්ද වහාම  බ්‍රීෆ් එකේ වගකීම භාර ගත්තේය.

එදා අපේ ජොබ් බේරුනේ එබැවිනි.

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින් 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...