BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ෆීනික්ස් ඇත්තන්ගේ ඇඩ්වර්ටයිසිං ලෝකය

T

The Leader

December 6, 2023 • 1:06 AM

ෆීනික්ස් ඇත්තන්ගේ ඇඩ්වර්ටයිසිං ලෝකය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිං ලෝකය ලියන්නට පටන් ගත්‍තේ පරණ මතක අවදි කරන්නට ය.
  • දිනය ලබන 12 වැනි අඟහරුවාදා ය.
  • සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නේ 10 වැනිදා නම් ස්පෙන්සර් අපට කියන්නේ වැඩේ තියෙන්නේ 5 වැනිදා කියායි.
  • ඒ කියන්නෙත් 3 වැනිදා හවස 5 ට විතර ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇඩ්ඩා බොහෝ විට ලිව්වේ ඇඩ්වර්ටයිසිං ලෝකය තුල සිදු වූ සොඳුරු මතකයන් ය.

එහිදී ලියැවුණේ ඇඩ්වර්ටයිසිං ලෝකය සුන්දර කළ මිනිසුන් ගැනය.

නැවතත් ඇඩ්වර්ටයිසිං ලෝකය ගැන ලියන්නට නිමිත්තක් එළැඹ තිබේ.

ඒ ප්‍රථම වතාවට ආදී ෆීනික්ස් සගයින් ගේ හමුවක් සංවිධානය වෙමින් තිබීමයි.

ඇඩ්වර්ටයිසිං ලෝකය (16) : අයි ටෝල්ඩ් යූ ලල්ලා
දිනය ලබන 12 වැනි අඟහරුවාදා ය.

ස්ථානය කොළඹ ඩ්ච් බර්ගර් යුනියන් ශාලාව ය.

අන්තිම මොහොත දක්වාම ඇඩ්ඩා හිතන් හිටියේ මේ වැඩේ වෙන එකක් නෑ කියාය.

හේතුව මෙය සංවිධානය කරන්නේ ස්පෙන්සර් මැනුවල්පිල්ලේ නිසාය.

ඇඩ්වර්ටයිසිං ලෝකය (17) : පොඩි අජිත් ගේ හඳ
ස්පෙන්සර් ෆෝම් වෙන්නේ අන්තිම හෝරාවේදී ය.

ස්පෙන්සර් එක්ක ඇඩ්වර්ටයිසිං කළ හැමෝම වාගේ මේ කාරණාව හොදින් දනී.

සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නේ 10 වැනිදා නම් ස්පෙන්සර් අපට කියන්නේ වැඩේ තියෙන්නේ 5 වැනිදා කියායි.

ඒ කියන්නෙත් 3 වැනිදා හවස 5 ට විතර ය.

ඒ ඌට ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ එකෙක්වත් ෂුවර් නැති නිසා ය.

8ed74704f807591afe096418c62a298b
මේ පාටිය 12 වැනිදාට තිබෙනවා කියා ස්පෙන්සර් කීවාට අප හිතාගෙන හිටියේ 20 වැනිදා විතර වැඩේ වෙයි කියාය.

ඒ අපට ස්පෙන්සර්ව ෂුවර් නැති නිසාය.

කෙසේ හෝ දශක ගණනාවකට පසු ස්පෙන්සර් කියූ දෙයක් නියමිත දිනට සිදුවීමම පාටියක් දැමිය යුතු කාරණාවකි.

ෆීනික්ස් පැරණි සගයින් අපට සෑහෙන කාලයකින් හමුවී නැත.

වෙන එකක් තබා ෆීනික්ස් එකේ ලොක්කා වූ අර්වින්ව වසර 19 කින් පමණ ඇඩ්ඩාට හමු වී නැත.

ප්‍රථම වතාවට සිදුවන ආදී ෆීනික්ස් සගයින් ගේ හමුව ගැන " ද ලීඩර් " පිටුවට මෙන්ම ඇඩ්ඩාට ද සියුම් සතුටක් තිබේ.

ඒ වූකලී මෙවැනි හමුවක් සංවිධානය කරන්නට සිතිවිල්ලක් පහළ වීමේ කොනක අප ද සිටීම ගැනයි.

IMG 20231206 WA0083
(ඇඩ්ඩා විසින් ලියන ලදි)

සබැඳි ලිපිය :
ඇඩ්වර්ටයිසිං ලෝකය (26) : තාත්තලාගේ ෆීනික්ස් දරුවෝ

''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...