The Leader News
BREAKING
ඉසබෙල් අයියන්දේට ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක්●විදෙස් ශ්‍රමික අයිතීන්ට ෆයිසර් මුස්තාෆාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්●කෝපි බීමෙන් බඩවැලේ සිදුවන පෙරළිය ගැන විද්‍යාත්මක හෙළිදරව්වක්●ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නෙතන්යාහුට එරෙහි දැඩි ව්‍යවස්ථාපිත ප්‍රහාරයක්●නෞකාවෙන් සාගරයට වැටුණු වාදකයා පැය නවයකින් බේරෙයි●ක්වන්ටාස් තොරතුරු තාක්ෂණ රැකියා 850ක් බාහිරට දෙයි●මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි විවෘත කිරීමට ඉල්ලුම්පතක්●NDB බිලියන 13 මූල්‍ය හිඩැස: මෙරට බැංකු පද්ධතිය හමුවේ බරපතළ පරීක්ෂණයක්●යාපනයේ සමූහ මිනීවලවල්: පොලිසිය කල් මරන බවට චෝදනා●
Top Ad
සාහිත්‍ය - කලා

ඉසබෙල් අයියන්දේට ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක්

Awara

Awara

November 11, 2026 • 11:31 AM

ඉසබෙල් අයියන්දේට ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චිලී-ඇමෙරිකානු ජාතික ප්‍රකට ලේඛිකා ඉසබෙල් අයියන්දේ (Isabel Allende), ස්පාඤ්ඤය විසින් පිරිනමනු ලබන ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක් වන ප්‍රෙමියෝ ප්ලැනටා (Premio Planeta) සම්මානය සහ යුරෝ මිලියනයක (ඩොලර් මිලියන 1.1කට අධික) ත්‍යාග මුදලක් දිනාගෙන ඇත.
  • ඇය මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ 2026 ඔක්තෝබර් මාසයේ දී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේ 75වන සංවත්සරයේ දී ය; ඒ, "ලුස් වෙන්චුරා" (Luz Ventura) නමැති අන්වර්ථ නාමයකින් තරගයට ඉදිරිපත් වෙමිනි.
  • ඉසබෙලා අයියන්දේ මෙම කෘතිය"ලුස් වෙන්චුරා" (Luz Ventura) නමැති අන්වර්ථ නාමයකින් ඉදිරිපත් කළේ ඇයි ද යන්න විමසූ විට ඇය පවසා ඇත්තේ එය ඇගේ මුල් කෘතියේ එන ආලෝකවත් කාන්තා චරිතවලට උපහාරයක් ලෙස තෝරාගත් බව යි.
  • Premio Planeta සම්මානය යනු කුමක් ද…?
අකුරු ප්‍රමාණය (Font Size):

චිලී-ඇමෙරිකානු ජාතික ප්‍රකට ලේඛිකා ඉසබෙල් අයියන්දේ (Isabel Allende), ස්පාඤ්ඤය විසින් පිරිනමනු ලබන ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක් වන ප්‍රෙමියෝ ප්ලැනටා (Premio Planeta) සම්මානය සහ යුරෝ මිලියනයක (ඩොලර් මිලියන 1.1කට අධික) ත්‍යාග මුදලක් දිනාගෙන ඇත.

ඇය මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ 2026 ඔක්තෝබර් මාසයේ දී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේ 75වන සංවත්සරයේ දී ය; ඒ, "ලුස් වෙන්චුරා" (Luz Ventura) නමැති අන්වර්ථ නාමයකින් තරගයට ඉදිරිපත් වෙමිනි.

සම්මානනීය කෘතිය සහ පසුබිම

ඇය මෙම සම්මානය දිනාගත්තේ "La hora antes del alba" (The Hour Before Dawn / අරුණෝදයට පෙර පැය) නම් නවකතාව සඳහා ය. මෙම කෘතියේ විශේෂත්වය වන්නේ ඇය 1982 වසරේදී ලියා මහත් ප්‍රසිද්ධියට පත් වූ ඇගේ ප්‍රථම නවකතාව වන "The House of the Spirits" (La casa de los espíritus) (මෙම කෘතිය 'මායා වාස' යන මැයෙන් ගැමිණී වියන්ගොඩ විසින් ප්‍රඥමයෙන් ම 2002 වසරේ දී සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී.) කෘතියේ දෙවැනි කොටස (Sequel) ලෙස නිර්මාණය කර තිබීම ය.

ඉසබෙලා අයියන්දේ මෙම කෘතිය"ලුස් වෙන්චුරා" (Luz Ventura) නමැති අන්වර්ථ නාමයකින් ඉදිරිපත් කළේ ඇයි ද යන්න විමසූ විට ඇය පවසා ඇත්තේ  එය ඇගේ මුල් කෘතියේ එන ආලෝකවත් කාන්තා චරිතවලට උපහාරයක් ලෙස තෝරාගත් බව යි.

Premio Planeta සම්මානය යනු කුමක් ද…?

මෙම සම්මාන උළෙල ස්පාඤ්ඤ භාෂිත ලෝකයේ දැවැන්තම ප්‍රකාශන ආයතනයක් වන Grupo Planeta විසින් සංවිධානය කරනු ලබයි. තරග නීතිවලට අනුව ලේඛක ලේඛිකාවන් සිය අනන්‍යතාව සඟවා අන්වර්ථ නාමයකින් සහ වෙනත් තාවකාලික මාතෘකා යටතේ කෘති ඉදිරිපත් කළ යුතු අතර, ජයග්‍රාහකයා කවුදැයි නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ සම්මාන රාත්‍රියේ දී ම පමණි.

බාර්සිලෝනා නුවර පැවැති උත්කර්ෂවත් උළෙලක දී අවුරුදු 84ක් වයසැති ඉසබෙල් අයියන්දේ වෙත මෙම සම්මානය පිරිනමනු ලැබුවේ ස්පාඤ්ඤයේ VI වැනි ෆෙලිපේ රජු සහ ලෙටීසියා රැජින අතිනි.

 

ජාත්‍යන්තර පුවත් ඇසුරිනි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...