BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (12) : කවුද අනේ ජේ. බී...?

T

The Leader

May 8, 2023 • 11:39 PM

ඇඩ්වර්ටයිසිං ලෝකය (12) : කවුද අනේ ජේ. බී...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන්වීම් ප්‍රචාරක ආයතනයක පොෂ් වීමට නම් සිතින්, ගතින්, ක්‍රියාවෙන් පොෂ් විය යුතුය.
  • උදාහරණයක් හැටියට ගත්තොත් මල්ලිකා යන නම ඇති කෙනෙක් ඇඩ්වර්ටයිසිං සදහා බෞතීස්ම කරන්න නම් මෙලීසා ලෙස වෙනස් කළ යුතුය.
  • ගස්ලබූ ජූස් එකක් බොන්න අවශ්‍ය නම් ඕඩර් කළ යුත්තේ පපායා ජූස් එකක් දෙන ලෙසිනි.
  •   සිංහල හා සිංහල සංස්කෘතියට බද්ධ දේ නොහඳුනන බව හැඟවීම ද පොෂ් බවේ සංකේතයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

නම වුණාත් පොෂ් කරගත යුතුය.

උදාහරණයක් හැටියට ගත්තොත් මල්ලිකා යන නම ඇති කෙනෙක් ඇඩ්වර්ටයිසිං සදහා බෞතීස්ම කරන්න නම් මෙලීසා ලෙස වෙනස් කළ යුතුය.

ලීලාවතී යන නම ඇඩ්වර්ටයිසිං ලෝකයට පොෂ් මදිය.

ලීලාවතී ලයිලා විය යුතුය.

ගස්ලබූ ජූස් එකක් බොන්න අවශ්‍ය නම් ඕඩර් කළ යුත්තේ පපායා ජූස් එකක් දෙන ලෙසිනි.

පානිය හා සෝබනය ගැන හොඳට දැනගෙන සිටිය  යුතුය.

මේ දෙකම නිසි පදමට හදාරා තිබූ කෙනෙක් වූයේ සන්ධ්‍යා සල්ගාදු ය.

ඒ ගැන වෙනම චැප්ටර් එකක් ලිවිය යුතුය.

 

සිංහල හා සිංහල සංස්කෘතියට බද්ධ දේ නොහඳුනන බව හැඟවීම ද පොෂ් බවේ සංකේතයකි.

 

කොස්, දෙල්, අල, බතල වෙනුවට බටහිර පන්නයේ කෑම අමාරුවෙන් හෝ ගිල දැමිය යුතුය.

පොෂ් සමාජයට දොර  ඇරෙන්නේ එවිටය.

සෝවියට් දේශය ගොර්බචොව්කරණයට ලක්වීමෙන් පසු ලෙනින්ගේ හැඩයට තැනූ කේක් එකක් කපා කෑ පුවත අපගේ සංවේගයට හේතුවක් විය.

එදා දවස පටන් ගත්තේ මේ ගැන කතා කරමිනි.

අපගේ වට මේස සාකච්ඡාව යන අතරේ එතැනින් ගිය ඉංග්‍රීසි පිටපත් රචිකාවිය වූ මිෂෙල්ට යාන්තමින් මේ කතාව ඇසුණි.

 

cala

ඈ මෙසේ අපෙන් ඇසුවා ය.

" කවුද අනේ ලෙනින් කියන්නේ ...? "

කාලයක් රංජන අමරදේව අප හා වැඩ කළේය.

රංජන ගේ පැමිණීමත් සමග අමරදේව නාමය සම්බන්ධ කතා බහ වැඩි විය.

 

amrdeev

මෙය ක්ලයන්ට් සර්විස් අංශයේ ශානිට බරපතල ප්‍රශ්නයකි.

ඇය තම ගැටළුව ඉදිරිපත් කළේ මෙලෙසිනි.

" අමරදේව කියන්නේ කවුද ...?"

තවත් දිනෙක රැස්වීමකට සහභාගිවීම සදහා යෑමට සුවන්ත සමග මා කාර්යාලය ඉදිරිපිට ඉන්නා විට කඩිමුඩියේ පැමිණියේ කේමදාස මාස්ටර් ‍ය.

මාස්ටර් මාත්  සමග වචන තුන හතරක් කතා කර ඇතුළට ගියේය.

මාස්ටර් ගිය පසු සුවන්ත මෙසේ ඇසීය.

" කවුද මචං ඒ පොර..? දැකලා පුරුදුයි වගෙ..."

 

kemadasa nes 4 600x443

වාසනාවකට කේමදාස මාස්ටර්ට ඒක ඇහුනේ නැත.

ඇහුනා නම් ඒ දිනවල ඔහු සංගීත නිර්මාණය කරමින් සිටි පැනඩෝල් වෙළෙඳ දැන්වීමට කුද ගහගන්න කියා දමලා ගහලා යනු නොඅනුමානය .

තවත් දිනෙක අප බණ්ඩාරනායක අනුස්මරණ දිනය නිමිත්තෙන් දැන්වීමක් නිර්මාණය කරමින් සිටියදී එතැනින් යන්න ආවේ ආර්ට් ඩිරෙක්ටර් කෙනෙකු වූ අස්ලාන් ය.

ඔහු ඇඩ් එක අතට ගෙන බලා ඇසූ පැණය මෙයයි.

" මේ අර ගෝල්ෆේස් එකේ හිටං ඉන්න පොර නේද? "

 

d77db54c72783a52832a5bb1643e606a XL

මහාචාර්‍ය ජේ. බී. දිසානායකයන් ගේ දේශනයක් වරක් සංවිධානය කෙරිණි.

ඒ පිළිබද පෝස්ටර් ද කාර්යාලයේ ඇලැවිණි.

මේ දුටු ඉංග්‍රීසි පිටපත් රචිකාවියක වූ ෆ්‍රැනා මෙසේ ඇසුවා ය.

" කවුද අනේ ජේ. බී.  ?"

banner

 ඇඩ්ඩාට අනුව මේ සියලු ප්‍රශ්න පොෂ් බවේ සංකේතය.

මෙසේ ප්‍රශ්න ඇසූ සියලු දෙනාම පොෂ් සමාජ තුල වැජඹිණි.

මෙකී ප්‍රශ්න සියල්ලටම උත්තර දත් අපි එදා සිට අද දක්වාම කබ්බන් වෙමු.


පසු වදන:

පසු කලෙක කේමදාස මාස්ටර් නොදන්නා සුවන්තත්, අමරදේව කවුද කියා නොහඳුනන ශානිත් අතර පොඩි 'මෙව්වා' එකක් ඇති විය.

යම් විදියකින් මේ මෙව්වා එක එව්වා වී දෙන්නා කසාද බැන්දා නම් බෙස්ට්මන් විය යුතුව තිබුනේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ව නොහඳුනන අස්ලාන් ය.

ජයමංගල ගාථා කිව යුතුව තිබුනේ ලෙනින් නොහඳුනන මිෂෙල් හා ජේ. බී. ව නොහඳුනන ෆ්‍රැනා විසිනි.

එහෙත් අර මියගිය ශ්‍රේෂ්ඨ මිනිස්සුන් ගේ වාසනාවකට ඒ විවාහය සිදුවූයේ නැත.

(ඇඩ්ඩා විසින් ලියන ලදි)



ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :


ඇඩ්වර්ටයිසිං ලෝකය (11) : රොමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (10) : මහින්ද අයියා

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (8) : පුතා මම රොසන්

ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...